Hellboy – අපායේ ආරක්ෂකයා {Movie Collection}

1.Hellboy (2004) | ආපායෙන් ආ ආරක්ෂකයා

යක්ෂයින්ගෙ සටනට ප්‍රතික්‍රියා දක්වමින් එක සිරුරක ආත්ම දෙකක් අතරින් ආපායෙන් ආ ආරක්ෂකයා ඔයාලා හමුවට ගෙන එන්නයි මේ සූඳානම. අද බයිස්කොප් අඩවියට අරන් ආවෙ කාලෙකට කලින් නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. IMDb අගය 6.8/10 ලෙස දැක්වෙන 2004 වසරෙ නිකුත් වුනු හෙල් බෝයි චිත්‍රපටය දැන් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට බලන්න පුළුවන්. හෙල් බෝයි කියලා හඳුන්වන සුපිරි වීරයාගෙ වැඩ කිඩ වලින් තමයි ෆිල්ම් එක පිරිලා තියෙන්නෙ. හෙල් බෝයිගෙ ක්‍රියාදාමයන් වලට තව එයත් එක්ක එකතු වෙනවා එළිසබත් ශර්මන්, ඒබ් සේපියන්. මෙයාලා මනුස්ස ලෝකෙ අය නෙවෙයි. ඒත් මෙයාලා හදන්නෙ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ ලෝකය ආරක්ෂා කරන්න. අපේ ලෝකයට පිටතින් එල්ල වෙන ආක්‍රමණ වලින් මිනිසාව බේරගන්න.නාසින් යුද්ධය සඳහා ලෝකයට පිටතින් උදව් උපකාර ලබාගත් බව කියවෙනවා. දවසක් ආචාර්ය බෘම් සහ ඇමරිකානු සොල්දාදුවො කරන වැටලීමකදි ලෝකයට පිටින් ආව හෙල් බෝයි දරුවව හොයාගන්නවා. ආචාර්ය බෘම් මේ දරුවව හදාගන්නවා. එයා ලොකු මහත් වුනාට පස්සෙ අසීමිත ශක්තියක් තියෙන කෙනෙක් බවට පත්වෙනවා. එයා කරන්නෙ එෆ්.බී.අයි. එකත් එක්ක එකතු වෙලා මේ ලෝකයට පිටින් පැමිණෙන ආක්‍රමණ වලින් ලෝකය බේර ගන්න උත්සහ කරන එක. හැබැයි එයා ක්‍රියාත්මක වෙන්නෙ ලෝකයට රහසින්. එත් සමහර අවස්ථාවල මෙයා ගැන හෙලි වෙනවා. ආචාර්ය බෘම් මාරාන්තිය අසනීපයකින් පෙලෙනවා. ඉතින් හෙල්බෝයිව රැක බලාගන්න බෘම් නිර්දේශ කරන්නෙ ජෝන් මායර් කියන තරුණ එෆ්.බී.අයි නිළධාරියව. ඒත් හෙල් බෝයිගෙ එයා ගැන ඒ තරම් මනාපයක් නෑ. ඒකට ගොඩක්ම හේතුවෙන්නෙ එයා ආදරය කරන එළිසබත් ශර්මන්ට මායර් ලංවෙන එක. ඔය අතරෙ රුසියානුවො කාලයකට ඉහත ආචාර්ය බෘම් සහ ඇමරිකන් සොල්දාදුවො නිසා බිඳවැටුන ඔවුන්ගෙ ක්‍රියාදාමය සාක්ෂාත් කරගන්න උත්සහ කරනවා. ඔවුන් නැවතත් බාහිර බලවේග උපකාරි කරගෙන මේ ලෝකය විනාශ කරන්න සැරසෙනවා. අපේ ලෝකය හා බාහිර ලෝකය අතර දොරටුවෙ යතුර වෙන්නෙ හෙල් බෝයි. ඉතින් ඔවුන්ට ඒ සඳහා හෙල් බෝයිව අවශ්‍යය වෙනවා. හෙල් බෝයි උපතින් යක්ෂයෙක් වුනත් ආචාර්ය බෘම්ගෙ පිය සෙනෙහස ඔහුව මනුෂ්‍යයෙක් තත්වයට පත් කරලා.

ඒත් හැමදේම වෙනස්වෙන්න පුළුවන් ලෝකයක් මේ. හෙල් බෝයිට තමන්ගෙ අතීතය අමතක කරලා ඒකෙන් ගැලවිලා මේ ලෝකයේ හා මිනිස්සුන්ගෙ සුරක්ෂිතභාවය තහවුරු කරන්න පුළුවන් වෙයිද?

ෆිල්ම් එක සිංහල උපසිරැසිත් එක්ක බාගෙනම බලන්නකො. කම්මැළි නැතිව බලන්න පුළුවන් කතාවක්. අඩු පාඩු හොඳ නරක කියලා කොමන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා යාළුවනෙ.

ඔබට ජය…!!

2.Hellboy II: The Golden Army (2008) | මරණයේ පුත්‍රයා…

චිත්‍රපටය ආරම්භ වන්නේ හෙල්බෝයිගේ කුඩා කාලයේ වුණු එක්තරා සිද්ධියක් මතක් කරමින්. පුංචි හෙල්බෝයි හැදී වැඩෙන්නේ එයාව ගලවාගත් ආචාර්ය බෘම්ගේ සෙවණ යටතේ. පළමු චිත්‍රපටය බලපු අයට මතක ඇති ආචාර්ය බෘම්ව. ඉතින් පැණිරස කන්න ගොඩක් ආස කරන මේ යක්ෂ පැටියා නින්දට යන්න කලින් ආචාර්ය බෘම්ට කියනවා තමන්ට කතන්දරයක් කියලා දෙන්න කියලා. ඒ කතන්දරයෙන් කියන්නේ මනුෂ්‍යය සංහතිය අතුගාලා දාන්න නිර්මාණය කරපු රත්තරන් හමුදාවක් ගැන. ඒ රත්තරන් හමුදාව පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ බෙත්මූරා වංශයේ රාජකීයයන්ට. ඔවුන් සතුව තියෙනවා රන් ඔටුන්නක් මේ ඔටුන්න පළඳින කෙනාට තමයි රත්තරන් හමුදාව පාලනය කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ට ඒ ඔටුන්න හිමි කෙනාට අභියෝග කරන්න බැහැ. ඉතින් ඒ කතන්දරයට අනුව බෙත්මූරාහි මහ රජතුමා මේ ඔටුන්න කොටස් තුනකට වෙන් කරලා එක කොටසක් මනුෂ්‍යයින්ට දෙනවා යුද විරතියක් ආරම්භ කරමින්. යුද්ධය අවසන් කරලා රත්තරන් හමුදාව රහසේ හංගලා තියෙනවා. ඔය කතන්දරය අහගෙන හෙල්බෝයි යක්ෂ පැටියා නින්දට යනවා. ඒ පොඩිකාලේ. මේ වෙනකොට හෙල්බෝයි ජීවත් වෙන්නේ එලිසබෙත් ශර්මන් එක්ක. ඒ අතරේ මනුෂ්‍යයින්ගෙන් පළිගන්න හිතාගෙන බෙත්මූරා වංශයේ උරුමක්කාරයා වන නුවාඩා කුමාරයා මනුෂ්‍යය ලෝකයට එනවා. ඒ එන්නේ මනුෂ්‍යයන් සතුව තියෙන් රන් ඔටුන්නේ තුන්වන කොටස ලබාගන්න. දක්ෂ සටන් කාමියෙක් වන නුවාඩා, මනුෂ්‍යයින්ගෙන් ඒ කොටස පැහැරගන්නවා. මේ අවනඩුව විසඳන්න පැවරෙන්නේ හෙල්බෝයි ප්‍රමුඛ අසම්මතයින් කණ්ඩායමට. ඉතින් අපි බලමු නුවාඩා කුමාරයාට සම්පූර්ණ ඔටුන්නම නැවත සකස් කරගෙන රත්තරන් හමුදාව නැවත අවදි කරවන්න පුළුවන් වෙයිද කියලා. එහෙම වුණොත් මනුෂ්‍යය ලෝකයට මොකක් වෙයිද? හෙල්බෝයි ඇතුළු පිරිසට ඔහුව නවත්තන්න හැකි වේවිද ඔයාලම බලන්න එහෙනම් මනුෂ්‍යය ගති තියෙන මේ යක්ෂයාගේ වැඩ කිඩ.

2008 වර්ෂයේ තිරගත වූ IMDb අගය 7.1 ලෙස සටහන් වන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Guillermo del Toro ගෙනි. Percy Jackson: Sea of Monsters , Pacific Rim ආදී චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය දැක්වූ ජනප්‍රිය නළු Ron Perlman තමයි හෙල්බෝයිගේ චරිතයට පණ පොවන්නේ. ඒ වගේම John Hurt, Selma Blair, Doug Jones, Jeffrey Tambor වැනි අත දක්ෂ රංගන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ඒ වගේම තමයි ආරංචියක් තියෙනව හෙල්බෝයි තුන්වන චිත්‍රපටයකුත් ඉදිරියේදී පැමිණෙන බවක්. දින වකවානු නම් මට දැනගන්න ලැබුණේ නැහැ. ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ඔයාලගේ අදහස් දක්වන්න එහෙනම්, සුබ දවසක් ජයම වේවා…! එලස්ස්ස්… ?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Hellboy (2004) | ආපායෙන් ආ ආරක්ෂකයා

Torrent Download

| Bluray | x264 | 720p | 800MB | YIFY |

082FBB8F78424E47BD15674EAF73BD8F5A8B1FBC

Direct Download

| Bluray  | x264 | 720p | 800MB | YIFY |

| Bluray  | x264 | 1080p | 1.7GB | YIFY |

2.Hellboy II: The Golden Army (2008) | මරණයේ පුත්‍රයා…

Torrent Download

| Bluray | x264 | 720p | 800MB | YIFY |

0434E9C173100C2287625D2EA83C57290246F7A6

Direct Download

| Bluray  | x264 | 720p | 800MB | YIFY |

| Bluray  | x264 | 1080p | 1.6GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!