Acts of Violence (2018) | මිනිස් ජාවාරමට එරෙහිව සටන් වැදි සහෝදරත්වය..!

වර්තමාන සමාජය තුළ මුදලට ඇති අධික තණ්හාව හා ගිජු කම නිසා එක්තරා මිනිසුන් කොටසක් නොමිනිසුන් බවට පත්වී හමාරයි. මේ කියන්නා වූ මුදල් තණ්හාව නිසා කලින් සඳහන් කලා වූ ඒ නොමිනිසුන් විවිධාකාරයේ නීති විරෝධී කටයුතු මඟින් තම තමන්ගේ වත්කම් රැස්කරගැනීමට උත්සුක වෙනවා. අවි ආයුධ ජාවාරම්, මත් ද්‍රව්‍යය ජාවාරම් වගෙම මිනිස් ජාවාරමත් ඔවුන්ගේ මුදල් හම්බ කිරීමේ ප්‍රධාන ව්‍යාපාර බවට කවුරුත් දන්නා රහසක්. අතීතයේ පටන් වහල් වෙළදාමෙන් ඇරැඹි මිනිස් ජාවාරම අද වන විට මිනිසුන්ගේ අනේක විද මිලේච්ඡ ඕනෑ එපාකම් වලට අනුකූලව ලෝකයේ බොහෝ රටවල් වල සිදුවන්නා වූ අමානුශීය සිදුවීමක්. මිනිස් අවයව, මෙහෙකාර සේවය හා ලිංගික කටයුතු වෙනුවෙන් දිනකට අසරණ ජීවිත කීයක් නම් මුදලට විකිණෙනවා ඇත්ද? වැඩි වශයෙන්ම මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නේ තරුණියන් හා කුඩා දරුවනුයි. තමන්ගේ පවුලේ සාමාජිකයින්, මිතුරන් සමඟින් ජීවිතය ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන සතුටින් ජීවත් වුණු ඒ තරුණියන්ගේ, ඒ කුඩා දරුවන්ගේ ජීවිත නොමිනිසුන්ගේ කුරුරුකම් හමුවේ විනාශ වී යන්නට ගතවන්නේ ඉතාමත් කෙටි කාලයක් පමණයි. ඉතින් මොහොතකට හිතල බලන්න ඔයාලගේ ජීවිතයට, පවුලට සමීප කෙනෙක් මේ කියන ආකාරයේ මිනිස් ජාවාරම්කරුවෙකුගේ ගොදුරක් බවට පත්වුණොත්? අනිවාර්යයෙන්ම ඒ කෙනාව බේරගන්න ඔයාල කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා නේද?

ඉතින් මේ කියන්න යන්නෙත් කුරිරු මිනිස් ජාවාරම්කරුවෙකුගේ ගොදුරක් බවට පත්වුණු අහිංසක තරුණියක් පිළිබද කතාවක්…

ඩෙක්ලන් මැක්ග්‍රෙජර්, රෝමන් මැක්ග්‍රෙජර් වගෙම බ්‍රැන්ඩන් මැක්ග්‍රෙජර් කියන්නෙ හමුදා නිළදාරියෙකුගේ පුත්තු තුන්දෙනෙක් වගෙම එකුස උපන් සහෝදරයො තුන්දෙනෙක්. ඩෙක්ලන් අවුරුදු ගණනක්ම ඇෆ්ගනිස්තානයේ හමුදා සේවයේ ඉඳල සේවයෙන් ඉවත්වෙලයි ඉන්නෙ. එයාගෙ පුදගලික ප්‍රශ්න නිසාවෙන් ඩෙක්ලන්, මැක්ග්‍රෙජර් පවුලෙන් ඈත්වෙලයි ඉන්නෙ. මේ අතරෙ රෝමන් එයාගෙ පෙම්වතිය මියා එක්ක විවාහවෙන්න සූදානම් වෙනවා. ඉතින් ඒක සමරන්න බ්‍රැන්ඩන් එයාලට පොඩි සංග්‍රහයක් ලෑස්ති කරල ඩෙක්ලන්ටත් එන්න කියනවා. මේ සංග්‍රහයෙන් පස්සෙ බ්‍රෙන්ඩන් රෝමන් එක්ක විනෝදවෙන්න ක්ලබ් එකකට යනවා. මියාත් එයාගෙ යාළුවෝ එක්ක වෙනත් ක්ලබ් එකකට යනවා. ඒත් එතනදි මියාට සිද්දවෙන්නෙ නම් හොඳ දෙයක් නෙවෙයි. මියා ක්ලබ් එකේදි අඳුරන්නෙ නැති දෙන්නෙක් එක්ක රණ්ඩුවක් දාගන්නවා. ඒත් ඒ රණ්ඩුව දුර දිග ගිහින් මියා එක්ක බහින් බස් වුණු හාදයෝ දෙන්නා ක්ලබ් එකෙන් එළියට ආපු මියාව පැහැරගෙන යනවා.

මේ කිසි දෙයක් නොදන්න රෝමන් මියාට ඇමතුමක් ගත්තත් එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නැති නිසා බ්‍රෙන්ඩන් එක්ක මියාව හොයන්න යනවා. රෝමන් ඩෙක්ලන්ටත් එන්න කියනවා. වසර ගණනක්ම හමුදා සේවයේ හිටපු ඩෙක්ලන්ට තේරෙනවා රෝමන්ගේ පෙම්වතිය වගෙම තමන්ගෙ සහෝදරිය මියා, පැහැරගෙන ගිහින් කියල. ඉතින් ඩෙක්ලන් මේ ගැන පොලිසියට දැනුම් දෙනවා. පැහැරගැනීම ගැන පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක ජේම්ස් එව්රි කියන්නෙ මියාව හොයන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්නම් කියලයි. ඒත් ඩෙක්ලන් නම් ඒ උත්තරෙන් සෑහීමකට පත්වෙන්නෙ නැහැ. ඉතින් එයා බ්‍රෙන්ඩන් වගෙම රෝමන් එක්ක එකතුවෙලා මියාව හොයන්න උත්සහ කරනවා. මේ අතරෙ මියාගෙ අතුරුදහන්වීම ගැන පරීක්ෂණ පවත්වන ජේම්ස් එව්රි දැනගන්නවා තමන් අවුරුදු දෙකක් තිස්සෙ ඉඳන් හොයන්න උත්සහ කරපු මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙක් වගෙම මිනිස් ජාවාරම්කරුවෙක් විදිහට නම් නම් දරාපු අපරාධකාරයෙක් වන මැක්ස් ලිවින්ග්ටන් කියන හාදයා තමයි මියාව පැහැරගෙන තියෙන්නෙ කියල.

ඉතින් පොලිස් නිළදාරී ජේම්ස් වගෙම ඩෙක්ලනුත් දැනගන්නවා මැක්ස් කියන හාදයා ලේසි පහසු හාදයෙක් නොවෙන විත්තිය. කොහොමින් කොහොම හරි ජේම්ස් මැක්ස්ව අල්ලගන්න නීතිමය
පැත්තෙන් ක්‍රියාත්මක වෙද්දි ඩෙක්ලන් එයාගෙ සහෝදරයොත් එක්ක එකතුවෙලා මියාව බේරගන්න මැක්ස්ගෙ කල්ලියත් එක්ක ඔට්ටු වෙනවා. ජේම්ස්ට අවුරුදු දෙකක් තිස්සෙ ඉඳන් අල්ලගන්න උත්සහ කරපු අපරාධකාරයාව අල්ලගන්න පුළුවන් වෙයිද.. ඩෙක්ලන්ට තමන්ගෙ සහෝදරියව බේරගන්න පුළුවන් වෙයිද… නිතිය හා සහෝදරත්වය එකට එකතුවෙලා මිනිස් ජාවාරමට වැට බඳියිද… සියල්ල නරඹන ඔබට බාරයි.

5.0/10IMDb අගයක් හිමි කරගනිමින් Action | Drama යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 ජනවාරි මස දොළොස්වැනිදා සිට නිළ වශයෙන් තිරගතවීම ඇරැඹූ Acts of Violence සිනමාපටය බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සිනමා සම්මිශ්‍රණයක්. Brett Donowho විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සලරුවේ තිර පිටපත් නිර්මානය සිදුකර ඇත්තේ Nicolas Aaron Mezzanatto විසිනුයි. මෙම චිත්‍රපටයට අපි කවුරුත් හොඳින් හඳුනන චරිත කිහිපයක්ම රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතර Die Hard චිත්‍රපටමාලාව තුළින් ප්‍රේක්ශකයා අතර අතිශ්‍යය ජනප්‍රියත්වයට පත්වූ Bruce Willis, Chicago P.D. රූපවාහිනී කතාමාලාවේ Erin Lindsayගේ චරිතයට රංගනයෙන් දායක වන Sophia Bush සහ 2 Fast 2 Furious (2003) හා Jarhead 2: Field of Fire (2014) යන චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ Cole Hauser හැඳින්විය හැකියි. ඊට අමතරව සෙසු චරිත සඳහා Shawn Ashmore, Ashton Holmes, Melissa Bolona, Sean Brosnan, Mike Epps හා Tiffany Brouwer යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. ඇමෙරිකාවේ Cleveland, Ohio ප්‍රදේශ වලදී රූගතකිරීම් සිදුකර ඇති මෙම සිනමාපටයේ නිශ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Colecar Productions,Emmett/Furla/Oasis Films (EFO Films),River Bay Films සහ Tri-Fold Pictures යන සමාගම් මඟිනුයි. මිනිත්තු 86ක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් Acts of Violence සිනමාපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකර ඇත්තේ Lionsgate Premiere සමාගම විසිනුයි.

“එයාලට ඕනි රෝග ලක්ෂණ
වලට ප්‍රතිකාර කරන්න නෙවෙයි,
එයාලට ඕනි ලෙඩේ
සහමුලින්ම තුරන් කරල දාන්නයි.”
– හෙම්ලන්ඩ්.

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 480p | 328MB |

5547DCA3903D62EA5981701478324C91C43212FD

 | WEB-DL | x264 | iExTV | 650MB |

CB2307D9A16EDD273724DF76B2DB0D9486F66797

 Direct Download

 | WEB-DL | x264 | 480p | 328MB |

 | WEB-DL | x265 | 720p | 693MB |

 | WEB-DL | x264 | iExTV | 650MB |

 | WEB-DL | 720p | MkvCage | 700MB |

 | WEB-DL | 1080p | x264 | 1.7GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Acts of Violence (2018) | මිනිස් ජාවාරමට එරෙහිව සටන් වැදි සහෝදරත්වය..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!