Clash of the Titans Movie Collection – දෙවියන් හා මිනිසුන් අතර සටන ඇරඹුණා

1.Clash of the Titans (2010) | දෙවියන් හා මිනිසුන් අතර සටන ඇරඹුණා.

ගොඩක් අය එනකම් බලන් හිටපු චිත්‍රපටියක් ඔන්න උණු උණුවෙම සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. තාම කොපිය නිකුත් වෙලා දවස් පොඩි ගණනක් වුණත් මහන්සි නොබලා කට්ට කාගෙන සබ් දැම්මා. හැමෝම බාගෙන රසවිඳියි කියලා හිතනවා. Avatar  චිත්‍රපටයේ ජේක් සුලීට රඟපෑ Sam Worthington මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය රඟපානු ලබනවා.

කතාව කෙටියෙන්ම කියන්නම්. මොකද බොහොම සරල කතාවක් වගේම සිංහල උපසිරැසිත් තියෙන නිසා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා. සියුස් ප්‍රමුඛ ග්‍රීක දෙවිවරුන්ට වන්දනාමාන කිරීම අගෝරා නුවර මිනිසුන් ප්‍රතික්ෂේප කරනු ලබනවා. සියුස් හා අමනාපයෙන් සිටින පාතාලයට අධිපති සහෝදර හෙඩීස් දෙවියන් ඔවුන්ට දඬුවම් කිරීමට ඉල්ලනවා. නමුත් ඒ තුළ සියුස්ගෙන් පළිගැනීමක්ද හිත යට සඟවා ගෙනයි. නමුත් නුවර වැසියන්ට ඩෙමි ගෝඩ් කෙනෙක් නැතිනම් බාග දෙවි බාග මනුෂ්‍යයෙකු වන සියුස්ට දාව රැජිනකට උපන් පර්ෂියස් දෙවියන්ගෙන් පළිගැනීමට උදව් වෙනවා. ඔය ඇති. කථාවෙන් සෑහෙන කොටසක් කියවුනාදෝ මන්දා. ?

බාගෙන රසවිඳිනවා වගේම, ගුණ දොස් කියලා අපිට තව සබ් එකකට අතගහන්න, පොඩි ගැම්මක් එන්න කමෙන්ට් කරලා යනවනම් බොහොමත්ම පිං.

2.Wrath of the Titans (2012)  දෙවියන්ටත් නොහැකි වූ විට…

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් වීරක්‍රියා සඳහා වෙහෙසෙන්නේ නෑ. ඔහු බොහෝම සාමකාමී දිවි පෙවෙතක් ගෙවාගෙන තමන්ගේ පුත්‍රයාත් සමග අප්‍රසිද්ධියේ ජීවත් වෙනවා. නමුත් ඔහු දෙවියෙකුගේ පුත් කෙනෙක්. මතකනේ, මහා බලැති දෙව්ලොව රාජයා, දෙවියන්ගෙත් අධිපතියා තමයි ඔහුගේ පියා. ඉතිං මේ දෛවයෙන් ඔහුට ගැළවීමක් නැහැ. මෙවරත් ලෝකය බේරාගන්නට ඔහු යළිත් වරක් කඩුකස්තාන පැළඳගන්නවා.

මෙවර ඔහුට හැප්පෙන්නට වෙන සතුරා පෙරට වඩා ප්‍රබලයි. ස්‍යූස්, පොසෛඩන්, හේඩිස් යන සහෝදරවරු තුන්දෙනා දෙව් ලොව නායකයන් ලෙස විරාජමාන වුණත් ඔවුන්වත් අභිබවනා බලයකින් යුතු සතුරෙකුටයි මෙවර මුහුණ දෙන්නට වෙන්නේ. මේ සටනට දෙවියන්ගේ ශක්තිය ප්‍රමාණවත් නැතුවා වගෙයි. ගිය වතාවේ දෙවියන්ගෙන් පළිගත්තත් මේ වතාවේ දෙවියන්වත් ගළවාගන්නටයි පර්ස්‍යිස්’ට වෙලා තියෙන්නේ. අමුතුම වැඩේ ඒක නෙමෙයි. අර කිවූ තුන් ඈඳුතුව වගේම මේ කිවූ කතාවට සිංහල උපසි‍රැසි කරන්න සිද්ධ වුණෙත් තුන් ඈඳුතුවකටයි. මේක සිංහල සමගින් ඔබ වෙත ගෙන එන්නට භාරගත්තේ අපේ චරිත බණ්ඩාර පොල්ගස්දෙණිය සහෝ තමයි. ඒ වුණාට අධික වැඩ රාජකාරි අස්සේ ඔහුට මේක ඉවර කරගන්නට ඉඩක් නොමැති නිසා මමත් අපේ අමිල මනනදේව සහෝත් ඔහුට පුංචි සහයෝගයක් දුන්නා මේක ඔබ වෙතට ඉක්මනින්ම අරං එන්න. ඒකයි කිව්වේ සිංහල ගේන්නෙත් තුන් ඈඳුතුවක් කියලා. ?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Clash of the Titans (2010) | දෙවියන් හා මිනිසුන් අතර සටන ඇරඹුණා. .

Torrent Download

| Bluray | x264 | 720p | 799MB | YIFY |

5AB0099B910B86FFD22BD468A6E7E31A4EE9D1FA

Direct Download

| Bluray  | x264 | 720p | 799MB | YIFY |

| Bluray  | x264 | 1080p | 1.5GB | YIFY |

2.Wrath of the Titans (2012)| දෙවියන්ටත් නොහැකි වූ විට…

Torrent Download

| Bluray | x264 | 720p | 650MB | YIFY |

C089C133AF6FBF21E2614954B6B76635F1C5C3AA

Direct Download

| Bluray  | x264 | 720p | 862MB |

| Bluray  | x264 | 1080p | 1.5GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!