The Score (2001)| හොරුන්ගෙත් හොරු

බයිස්කෝප් රසිකයන්ට සුභ නව වසරක් වේවා! මේ නව වසරේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මෙවර මට ලැබුණේ The Score කියන ඉංග්‍රීසි චිත්‍රපටය ඒ වගේම මේ මගේ දෙවන ඉංග්‍රීසි උපසිරැසි ගැන්වීම. මුලින්ම කියන්න ඕන Best Heist Movie ලැයිස්තුවේ තියෙන Now You See Me (2013) ආකාරයේ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් මේක. ඉතිං ඔයාලා කැමතිද අවුරුදු 17ක් ආපස්සට යන්න? මොකද මම උපසිරැසි ගෙන ආපු නිර්මාණය මීට වසර 17කට නැත්නම් 2001 වසරේ නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. පරණයි කියලා හිතුණත් ගොඩක් ආසා හිතෙන නිර්මාණයක් කියලා මම හිතනවා. සමහරවිට ඔයාලා අහලා ඇති The Godfather: Part II (1974), Taxi Driver (1976), Raging Bull (1980) වැනි සම්මානනීය සිනමා කෘති සඳහා දායකවෙලා ඔස්කා සම්මාන ද්විත්වයක් හිමිකරගත්ත රොබර්ට් දි නීරෝ, ඊට නොදෙවෙනිව තවත් ඔස්කා සම්මාන ද්විත්වයක හිමිකරුවෙක්, The Godfather (1972), On the Waterfront (1954), On the Waterfront (1954). වැනි සම්මානනීය සිනමා කෘති සඳහා දායක වූ සිනමා ඉතිහාසය අලුතින් ලියැවු මාලන් බ්‍රැන්ඩො,ඒ වගේම කියන්න ඕන මේක තමයි මාලන් බ්‍රැන්ඩොට නිම කරන්න ඉඩ ලැබුන අවසාන චිත්‍රපටය වෙන්නෙත්. ඒ වගේම ඊටත් නොදෙවෙනිව Birdman (2014), American History X (1998), Primal Fear (1996) වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් එක්වූ ඔස්කා සම්මාන ත්‍රිත්වයකට නිර්දේශ වීමට වරම් ලැබූ එඩ්වර්ඩ් නෝටන්, ඇන්ජෙලා බසෙට්, කියන නළු නිළියන්. මේ අය අපේ වැඩිහිටියන්ගේ ඒ කියන්නේ අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ ගොඩක් දක්ෂ විදිහට රංගනයේ යෙදුණු දක්ෂ නළු නිළියන්. මේ තමයි The Score චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවන නළු නිළියන්.නික් (රොබර්ට් නීරෝ) කියන්නේ අපේ වචනයෙන් කිව්වොත් හොරෙක්. එයා කරන්නේ එයාගේ ලොක්කා (මාලන් බ්‍රැන්ඩො) කියන කියන වටිනා වස්තූන් හොරකම් කරලා ගෙනත් දෙන එක. කළින් වතාවේ කරපු හොරකමක් අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී නික් බේරුණ නිසා නික්ම හිතනවා ආයේ එයා මේ හොරකම් වලට දායක වෙන්නේ නැහැ කියලා. ඉතින් එයා එයාගේ පාඩුවේ ජෑස් ක්ලබ් එකක් පවත්වාගෙන යමින් ඉන්නවා. මේ අතරේ එයාගේ ලොක්කා දවසක් එයාව හමුවෙන්න ඇවිත් තවත් හොරකමකට එයාට ආරාධනා කරනවා. මේ පාර හොරකම් කරන්න කියන්නේ මොකක්ද? ප්‍රංශ රාජ්‍යයේ රජ කුමරියකට අයත්ව තිබූ සෙංකෝලයක්. මේ සෙංකෝලහි වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්. නික් මුලින්ම මේකට අකමැති වෙනවා, මොකද ඔහුගේ ප්‍රතිපත්තියක් තියනවා තමන් ජීවත්වෙන රටේ කිසිම හොරකමට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් මේකේ වටිනාකම ඇහුවහම ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ ඒ ප්‍රතිපත්තිය ඉවත හෙලන්න. මේ හොරකමට එයාට සහය වෙන්නේ බ්‍රයන් (එඩ්වර්ඩ් නෝටන්), එයා මේ සෙංකෝලය තියන රේගුකාර්යාලයේ සුළු සේවකයෙක්. ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරන සොරකම ගැන තමයි මේ චිත්‍රපටය පුරා දිව යන්නේ. ඇන්ජෙලා බසට් නික්ගේ පෙම්වතිය හැටියට මෙහි රංගනයේ යෙදෙනවා.

මේ චිත්‍රපටය නරඹන කෙනෙකුට හිතෙන්න පුළුවන් හොරකම් ගැන ඉගෙනගන්න නම් මේක නියමයි කියලා. ඒත් මේකෙන් ඊට වඩා දෙයක් අපට ගන්න පුළුවන්. ඒ තමයි තැනට සුදුසු නුවණ, විශ්වාසය කඩ නොකිරීම වගේම මෙවැනි සොරකම් කිරීමේ ක්‍රම වලින් ගැලවෙන්න කරන්න ඕනේ දේවල් මොනවද?කියලත්. ? ඉතින් මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2001 ජූලි 9 වෙනිදා. පැය දෙකයි මිනිත්තු 4ක කාලයක් පුරා මේ චිත්‍රපටය දිව යනවා. නිෂ්පාදනය ගැරී ෆොස්ටර් සහ ලී රිච්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ෆ්‍රෑන්ක් ඔස්. ඒ වගේම පිටපත් රචනය ඩැනියෙල් ඊ ටේලර්, කාරියෝ සලේම්, ලෙම් ඩොබ්ස් සහ ස්කොට් මාර්ෂල් ස්මිත් යන පිරිස විසින් සිදු කර තිබෙනවා. Thriller සහ Drama ගණයට අයත් වන මෙම නිර්මාණය බෙදාහැර තිබෙන්නේ Mandalay Pictures මඟින්. නිෂ්පාදනය කර තිබෙන්නේ රිචර්ඩ් පියර්සන් සමඟ Paramount Pictures. සිනමාකරණය රොබ් හාන්. සංගීත අධ්‍යක්ෂණය හොවාර්ඩ් ෂෝ. මෙහි imdb අගය 6.8ක් වෙනවා. ලබා ඇති මුළු ආදායම ඩොලර් මිලියන (ඇමරිකානු) 68ක් වන අතර බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 113යි. ඉතින් අනිත් චිත්‍රපට වගේම මේ චිත්‍රපටයත් බලන්න, බලන්න පරණ උනත් බැලුවට පාඩුවක් වෙන්නේ නෑ ගොඩක් අයට මගහැරුණ චිත්‍රපටයක් මේක. ඉතින් මේ ලස්සන නිර්මාණයත් නරඹන්න කියලා ආයෙමත් ආරාධනා කරනවා. ඒ වගේම උපසිරැසි නිර්මාණකරණයට මාව හඳුන්වලා දුන්න මගේ අක්කා (ගයේෂා සත්සරණී) වත් මතක් කරමින්, මේ නිර්මාණය ලබා දුන් විමාටත් ස්තූතිය පුද කරනවා. නැවත අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | Bluray | x264 | 720p | 750MB | YIFY

CF77414486F50595B8330DA50C74C267C1CF0CD9

 Direct Download

 | Bluray | x264 | 480p | 370MB |

 | Bluray | x264 | 720p | 750MB | YIFY

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!