Richie (2017) | සාගර පතුලේ සිට රැගෙන ආ පෞරාණික ප්‍රතිමාවේ ශාපය!

මේ කතාව දශක ගණනාවකට කලින් සිදුවෙච්ච කතාවක්. මුහුදු තීරයේ තිබිච්ච ගමක, මසුන් සහ මුහුද තමන්ගේ ජීවිකාව කරගත්ත ධීවරයෙක්ට අහම්බෙන් නිධානයක් හම්බුණා. ඒ තමයි, ‘මිත්‍රත්වය.’ ඉතිහාස කතා වල වචන දෙකක් නැවත නැවතත් භාවිතාවේ යෙදුනා. දෙවැනි වචනය තමයි “බය” කියන එක. ද්‍රෝහී වෙන්න උල්පන්දම් දේවි කියන බය. ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවෙච්ච සහ නිතරම අහන්න ලැබෙන පළවෙනි වචනය තමයි “ද්‍රෝහී වීම.” මෙතනත් සිද්ධවුණේ ද්‍රෝහී වීමක්. බොහොම දුකින් කාලය ගතවෙලා ගියා. අන්තිමේදී, ධීවරයා සමාව බලාපොරොත්තු වුණා. ඊට පස්සේ, ඔහුගේ මිත්‍රත්වය, නව බලාපොරොත්තු වලින් අලුත් වෙලා කියලා තේරුම් අරගෙන, ගෝලයා විසින් ඔහුගේ ගුරුවරයාගේ ගමන දිගටම පවත්වාගෙන ගියා. ඔහුට ඕනේ වුණා ලෝකයට සාමය උදාකරවන්න. ඒත්, මේ ලෝකයෙන් ඔහුට සාමකාමී මනසක් නම් ලබාදුන්නේ නැහැ. ධීවරයාට මූණ දෙන්න සිදුවෙච්ච ඉරණමම, ඔහුගේ මිත්‍රත්වයටත් මූණ දෙන්න සිද්ධවුණා. පොදු මතය අනුව කියවෙන විදියට වතිකානුවේ ගසක් යට ධීවරයගේ සිරුර විධිමත් ආකාරයට භූමිදාන කලේ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ රෝම අධිරාජ්‍යය පිරිහිලා ගියා. නුසුදුසු විදියට භූමිදාන කිරීම සහ අධිරාජ්‍යය පිරිහිලා යෑම අහම්බයෙන් සිදුවෙච්ච දෙයක්ද? නායකයෙකුගේ පැමිණීම තමයි යාතිකා වලට පිළිතුර වුනේ. ඔහුගේ අපේක්ෂාව ඉටුකරගන්න, ඔහුට ලඟා කරගන්න බැරිවෙච්ච සාමය ලබාගන්න, නායකයා විසින් ධීවරයා වෙනුවෙන් ප්‍රතිමාවක් ඉදිකෙරෙව්වා. ඒත්, මෙච්චර පහසුවෙන් සාමය ලඟා කරගන්න ලැබේවිද? මිනිස් වර්ගයාගේ තියෙන කෑදරකම සහ කේන්තිය නිසා සාමය විනාශ වෙලා ගියා. ආරංචි පැතිර ගියා ධීවරයගේ භෂ්මාවශේෂ වල අබිරහස් බලයක් ගැබ් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ යුද්ධ ඇති වුණා, මළමිනී ගොඩ ගැහුණා, කලබල තත්ව ඇති වුණා. නමුත්, කිසිම කෙනෙක් තේරුම් ගත්තේ නැහැ භස්මාවශේෂ බලාපොරොත්තු වෙන්නේ සාමය විතරයි කියලා. ධීවරයා ඔහුගේ ගමනාන්තයට ලඟා වුණා. ධීවරයෙකුට සමාදානයේ සැතපෙන්න මුහුදු පතුල ඇරෙන්න තව මොන සුදුසු ස්ථානයක්ද? ජනප්‍රවාද වලට අනුව, මුහුදු පතුලේ ඉඳන්, හැම නත්තල් දවසකම ඔහු මතුවෙනවලු… ඔහුට ද්‍රෝහී වෙච්ච මිත්‍රත්වය නිවැරදි කරන්න. ඊට පස්සේ ඔහු නැවතත් සමාදානයේ සැතපෙනවලු. ්‍රෝහිකම නිද්‍රාවේම තියෙන්න දෙමු. මොකද, ඒක මිත්‍රත්වය වෙනුවෙන් සහනයක් නිසා. ඒක, මේ ලෝකයටත් හොඳ නිමිත්තක් වෙනවා!

මේ ලෝකේ දොස්තරලා ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා. ඒ හැමෝම කරන්නේ තමන්ගේ රස්සාව. අන්න ඒ වගේ, මාත් මැරයෙක්! මැරකම තමයි මගේ රස්සාව. රිචී! රිචඩ් කේ. සගායම්!

මේ හැමෝම මේ තත්වයට ගොදුරු වෙච්ච අය. තමන්ගේ පුතා අහිමි වෙච්ච් තාත්තා කෙනෙක්. තමන්ගේ ආදරය කියාගන්නත් කලින් මැරිච්ච බෝට්ටු හදන කෙනෙක්. තමන්ගේ පුතාට මොනවා උනාද කියලා නොදන්න අම්මා කෙනෙක්. දන්න තරමින් නම්, මේ කතාව පටන්ගත්තේ කොහොමද, ඉවර උනේ කොහොමද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අපි කැමති අවසානය, කතාවෙත් අවසානය කියලා අපි නිගමනයට එනවා. ඒත්, කතාව ඉවරයක් නැහැ. මේකත් හරියට රහස් පිරිච්ච පැන්ඩෝරා පෙට්ටියක් වගෙයි. කවුරුවත් පෙට්ටිය ඇරියේ නැත්නම්, පෙට්ටියේ තියෙන දේවල් වලට මොනවා වේවිද? කිසිම කෙනෙක්ට හරියටම කියන්න බැහැ!

ගොඩක් දෙනෙක් Premam (2015) සහ Bangalore Days (2014) කියන මලයාලම් චිත්‍රපටි දෙක නරඹල ඇති කියලා හිතනවා. මොකද කියනවා නම්, සමස්ත මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයම උඩි යටිකුරු කරපු චිත්‍රපට දෙකක් තමයි මේ. එහෙම බලපු අයට නම් Nivin Pauly කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ වෙන එකක් නැහැ. මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ තවත් පතාක යෝධයෙක් වෙන Nivin Pauly තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ. විශේෂත්වය තමයි, මෙම චිත්‍රපටයත් සමගින් Nivin Pauly ප්‍රථම වතාවට දමිළ සිනමාවට පය තබනවා. ඉන්දියානු රුපියල් කෝටි විස්සක බරපැනක් දරමින් නිෂ්පාදනය වෙච්ච මෙම සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ මේ වර්ෂයේ දෙසැම්බර් පළවෙනිදා. Action, Crime, Mystery යන කාණ්ඩ නියෝජනය කරමින්, Imdb දර්ශකයේ 6.6 ක අගයක් ලබාගන්නත් මෙම සිනමා සිත්තමට හැකියාව ලැබිලා තිබෙනවා. හැබැයි, ආදායම් වාර්තා අතින් නම් අසාර්ථක චිත්‍රපටියක් විදියටයි මේ චිත්‍රපටිය ලේබල් වෙන්නේ. ඒත්, වගකීමෙන් කියනවා, වෙනස්ම විදියක කතාවක් සහිත, බොහොම හොඳ මට්ටමේ සිනමා අත්දැකීමක් ලබාගැනීමට නම් අනිවාර්‍යයෙන්ම හැකියාව ලැබේවි. පාවෙලා යන සටන් දර්ශන නැහැ. එක්කෙනෙක් තනියෙන් සීයකට විතර ගහන සටන් ජවනිකා නැහැ. පටන්ගත්ත වෙලාවේ ඉඳන්, මොකක්ද මේ වෙන්නේ කියලා උපරිම කුතුහලයෙන් බලන්න පුළුවන්, සංවේදී අවසානයක් සහිත නිර්මාණයක්. සුන්දර දමිළ සිනමා නිර්මාණයක මිහිරි මතකයක් සමගින් 2017 වර්ෂය අවසන් කිරීමට සුදුසුම නිර්මාණයක්.

ඒ වගේම කියන්න ඕනේ, මේක මං බාරගෙන තිබ්බ චිත්‍රපටියක් නම් නෙමෙයි. තරිඳු රසාංග සහෝදරයා තමයි බාරගෙන තිබ්බේ. ඒත්, තරිඳු සහෝ මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා මට අවස්තාවක් ලැබුණා. එහෙනම් ගිහිල්ලා එන්නම්. දැන්මම සුභ අලුත් අවුරුද්දක් නොකියා ඉන්නම්. මොකද, තව චිත්‍රපටි දෙකක් ගෙන්න තියෙනවා. පුළුවන් වුනොත් අවුරුද්දට කලින් එකයි, අවුරුද්ද දවසට එකයි දෙන්නම්. එහෙම බැරි වුනොත්, අනිවාර්‍යයෙන්ම අවුරුද්ද දවසට හරි විශේෂම චිත්‍රපටය විතරක් හරි දෙන්නම්. එහෙනම්…

ලැබුවා වූ නත්තල, ලෝක වාසී සියලු දෙනාටම, සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවා!!!

  • උපසිරැසි බාගත කිරීම සඳහා සහ කමෙන්ට් දැමීම සඳහා අනිවාර්‍යයෙන්ම වෙබ් අඩවිය තුල ලොග් විය යුතුයි.
  • මීට ප්‍රථම එක වතාවක් හෝ ගිණුමක් සාදාගෙන, වෙබ් අඩවිය තුල කමෙන්ට් දැමීමක් සිදුකර ඇත්නම් හො, සමාජ ජාල ගිණුමක් මගින් ලොග් වී ඇත්නම්, එවැනි අයට තහවුරු කිරීමේ ඊමේල් එකක් නොපැමිණේ. එවැනි අය [email protected] වෙත සිය ඊමේල් ලිපිනය එවීමෙන් නව පාස්වර්ඩ් එක ලබාගත හැක.
  • එසේත් නොමැති නම්, නවතම ඊමේල් ලිපිනයක් සාදාගෙන වෙබ් අඩවිය තුල ලොග් වෙන්න.
 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip| x264 | SD | 400MB |

                               ecdb50bc3265f719c857715ce6f3ebb317e59927            

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | 1CD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Richie (2017) | සාගර පතුලේ සිට රැගෙන ආ පෞරාණික ප්‍රතිමාවේ ශාපය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!