Junior (1994) | පොඩ්ඩා

සුභ දවසක් බයිස්කෝප් වාසි හැමෝට !,ඔන්න මං මගේ හතරවෙනි උපසිරසියත් ගේනවා.මේක බාරගත්තේ ඉක්මනටම කරන්න හිතාගෙන.එත් කරන්න ටිකක් කල් ගියා.කොහොම හරි ගෙනාවා ඉතින්..මේක Arnold Shwarzenggerගේ ෆිල්ම් එකක්.ටිකක් පරණයි.එත් ඉතින් ආනෝල්ඩ්ගේ ෆිල්ම් එකක්නේ.?හරි එහෙනං වැඩි කථා නැතුව මං ෆිල්ම් එක පැත්තට යන්නම්.ෆිල්ම් එකේ විස්තර කිව්වොත් Arnold Schwarzenegger,Danny DeVito, Emma Thompson, Frank Langella, Pamela Reed යන අය ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ivan Reitman. twins (1988), Ghostbusters (1984), Ghostbusters (2016), Kindergarten Cop (1990), My Super Ex-Girlfriend (2006) වගේ ගොඩක් ෆිල්ම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Ivan Reitmanමයි.ඒ වගේම මේ ලගදි ආපු Baywatch(2017) ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙත් මෙයා තමයි. Romance/Comedy/Sci-Fi ගනයට අයත් වෙන අතර IMDb අගය 4.6කුත් Rotten Tomatoes 34% ලැබිලා තියෙනවා.මේකේ ධාවන කාලය පැයකුත් විනාඩි 50ක්. ඩොලර් මිලියන 60කින් නිපදවපු ෆිල්ම් එක ඩොලර් මිලියන 108.4ක box office ආදායමක් උපයලා තියෙනවා.ඒ වගේම Golden Globe Award for Best Actor, Actress–Motion Picture Musical or Comedy කියන සම්මානයටත් Arnold Schwarzenegger සහ Emma Thompson නිර්දේශ වෙලා තියෙනවා.ෆිල්ම් එකේ පසුබිම මේ ඇතිනේ.

කතාව ගැන කිව්වොත්, ඇලෙක්ස් හෙස් (Arnold Schwarzenegger)කියන්නේ විද්‍යාඥයෙක්.මෙයාගේ යාලුවෙක් වෙන ආචාර්ය ලැරී ඇබගස් (Danny DeVito)බෙහෙතක් හදනවා එකෙන් ගබ්සාවීම් ඇතිවෙනවා.ඉතින් මේක ච්ම්පන්චින්ට පරික්ෂා කරත් මිනිස්සුන්ට පරික්ෂා කරලා නෑ.කාන්තාවකට පරික්ෂා කරන්න අමාරු නිසා ඇලෙක්ස්ම මේ බෙහෙත පරික්ෂා කරනවා.එත් ආචාර්ය ලැරී හොරෙන්ම විද්‍යාඥ ඩයනා රෙඩින් (Emma Thompson)ගේ junior (පොඩ්ඩා)කියන පුද්ගලික කළලේ තමයි මේකට ගන්නේ.අනික මේ පරීක්ශනේ ගැන අය දන්නෙත්නෑ. ඇලෙක්සුයි ඩයනයි මේ බව නොදැනම ආදරෙත් කරනවා.කොහොමහරි ඇලෙක්ස් තමයි ලෝකේ පළවෙනි ගර්භනි පිරිමියා වෙන්නේ.?ඒ කතාව අතරේම ලැරිගේ හිටපු බිරිද ඇන්ජෙලත් (Pamela Reed)ගර්භනී වෙලා.ලැරිගෙන්නම් නෙමෙයි.? මණ්ඩල ප්‍රධානියා වෙන විද්‍යාඥ නෝහා බීන්ස්ට (Frank Langella)හොරෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ.ඉතින් මෙයත් කොහොමහරි මේක ගැන දැනගන්නවා.අන්තිමේ එයා මාධ්‍යවේදියෝ ගෙන්නලා ජරමර ගොඩක් අස්සේ තමයි බබාලව එලියට ගන්නෙත්..වැඩි විස්තර ෆිල්ම් ඒක බලලම දැනගන්නකො.☺

එහෙනං සබ් එක ගන්න ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක නොකර.මොකද ගොඩක් මහන්සි වෙලා අන්තිමට සතුටු වෙන්න කියලා ලැබෙන්නේ comment එකක් විතරයි.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 815MB | 

6B5A35FEF240D3F2DE34C06A73ABD624305F81D7

 Direct Download

| Bluray | x264 | 720p| 815MB | 


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!