Njandukalude Naattil Oridavela (2017) | කකුළුවන්ගේ දේශයේ නිවාඩුවක්..!

කුරියන් චාකෝ කියන්නේ තමන්ගේ අම්මාගේ ඉල්ලීම මත ලන්ඩන් වල ඉඳලා කේරලයට එන තරුණයෙක්.අම්මා දුරකතනයෙන් කතා කරලා එක පාරටම ඔහුට ගෙදර එන්න කියනවා.ඒත් ඒ මොනවටද කියලා කියන්නේ නෑ .මේ ගැන කුතුහලයෙන් ඉන්න කුරියන්ට ගුවන් යානය ඇතුලෙදි එයාගේ යාළුවෙකුගෙන් ඉඟියක් ලැබෙනවා.යාළුවගේ මතය වෙන්නේ ඒ විදියට අම්මා කතා කරේ කුරියන්ගේ විවාහය ඉක්මනට කරලා දෙන්න කියලා.කුරියනුත් ඒ ගැන හිතලා ගොඩක් සතුටෙන් තමන්ගේ ගෙදරට යනවා.කුරියන්ට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා.අක්කා නම් විවාහකයි.කුරියන්ගේ අම්මා ගුරුවරියක්.මේ අය වගේම කුරියන්ගේ සීයාත් එයාලා එක්ක ජීවත්වෙනවා.කුරියන්ගේ අම්මා හැම දේකටම ගොඩක් ධෛර්යවන්තව මුහුණ දෙනවා.එයාගේ තාත්තා නම් ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්.මේ වගේ පවුල් පසුබිමක් තමයි කුරියන්ට තියෙන්නේ.කොහොමවුනත් කලින් සඳහන් කරපු විදියට එහෙමත් නැත්නම් කුරියන් හිතාගෙන ඉන්න විදියට එයාගේ විවාහය වෙනුවෙන් නම් නෙමෙයි එයාගේ අම්මා කුරියන්ට කේරලයට එන්න කියලා කියන්නේ.එහෙම කතා කරන්න හේතුව වෙන්නේ කුරියන්ගේ අම්මට එයාට පිළිකාවක් තියෙනවා කියලා සැකයක් ඇතිවෙන එක.කොහොමවුනත් කුරියන් මේ ගැන දැනගන්නේ ටික දවසක් ගෙවුනට පස්සේ.කුරියන්ගේ අම්මට ඒ විදියේ රෝගයක් වැළඳිලා කියලා වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වෙයිද? කුරියන් මේ දේට ඉස්සරහට මොන විදියට මුහුණ දෙයි ද? එයාගේ පවුලේ අනිත් අය මේකට මොන විදියට මුහුණ දෙයි ද? කුරියන්ගේ අම්මගේ ඉරණම මොන විදියට විසඳෙයි ද?

Njandukalude Naattil Oridavela (2017)

ඔන්න මේ සති අන්තයේත් මලයාලම් රසිකයින් එනකල් බලාගෙන හිටපු තවත් චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ.ෆිලුම නිකුත්වෙන්නේ සැප්තැම්බර් 1වෙනිදා.ඒ Comedy, Family, Romance කියන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින්.ඇත්තටම ගොඩක් මලයාලම් රසිකයින්ගේ අවධානය ෆිලුමට යොමුවුණේ මෙහි ප්‍රධාන රංගනයට පණ පොවන්නේ Nivin Pauly නිසා කිව්වොත් ඒකෙ වරදක් නැහැ .ලංකාවේ අපේ ගොඩක් අය මලයාලම් සිනමාවට ඇබ්බැහි වෙන්න හේතුවුන Premam(2016), Bangalore Days (2014) වගේ ආදරණිය චිත්‍රපට වල Nivinගේ රංගනය ගොඩක් කැපී පෙනෙන දෙයක් වුනා.Nivin එක්ක ෆිලුමේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායකවෙන්නේ නවක නිලියක්.ඒ වගේම කුරියන්(Nivin)ගේ අම්මාගේ චරිතයට පණ පොවන Shanthi Krishnaගේ සිනමා දිවියේ අවුරුදු 19ක හිස් තැනෙන් පසුව නැවතත් ඇය සිනමාවට එකතුවෙන චිත්‍රපටය ලෙසත් මේක ලොව පුරා මලයාලම් රසිකයින් අතර ජනප්‍රිය වුනා.චිත්‍රපටයේ අධ්‍යක්ෂණය,සංගීත අධ්‍යක්ෂණය සහ කැමරාකරණය සඳහා දායකත්වය දක්වන්නේ මේ චිත්‍රපටයෙන් ඒ ඒ ක්ෂේශ්ත්‍ර වලට එක්වෙන නවක කලාකරුවන් තිදෙනෙක් විසින්.ෆිලුම මේ වෙද්දී 7.2IMDb අගයක් ලබලා තියෙනවා.ඒ වගේම මෙය ආදායම අතින් ඉතා සාර්ථක වුන චිත්‍රපටයක් විදියට වාර්තා වෙනවා.

ගොඩක් වෙලාවට මේක මේ අවුරුද්දේ අරගෙන එන අවසාන උපසිරැසිය වෙන්න පුළුවන්.ඒ නිසා අවසාන වශයෙන් හැමෝටම සුභ මලයාලම් සිනමා සති අන්තයක්, සුභ නත්තලක් සහ සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!

එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 200MB | 

343c911cd708bcc820a2317f18b959cabeb711aa

| DVDRip | x264 | SD | 400MB | 

242418C2E32CD160047864B06F405528E378ED7C

| DVDRip | x264 | 1CD | 700MB | 

34DCC12A4F3A18A303E330166B163DA83FEFFE57

 Direct Download

| DVDRip | x264 | SD | 200MB | 

| DVDRip | x264 | SD | 400MB | 

| DVDRip | x264 | 1CD | 700MB | 


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Njandukalude Naattil Oridavela (2017) | කකුළුවන්ගේ දේශයේ නිවාඩුවක්..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *