The LEGO Ninjago Movie (2017) | ලෙගෝ ලෝකයේ නින්ජලා… . .

ලෙගෝ කිවම ඔයාලට මොනවද මතක් වෙන්නේ? සමහරක් අය මේ ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. පුදුමය කියන්නේ මේ ලෙගෝ කතා වලට මගේ නම් පුදුම ආසාවක් තියෙන්නේ. ඒ නිසාම තමයි ෆිල්ම් කරන්න අදහසක් තිබුනේ නැතත් මේ ෆිල්ම් එක කරන්න බාරගත්තේ. ඉතින් ලෙගෝ ගැන ඔයා දන්නේ නැද්ද? එහෙනම් The Lego Batman Movie (2017) කතාවේ මම දාපු ලිපිය කියුවෝතින් ඔයාට සාමාන්‍ය අදහසක් ගන්න පුලුවන් වේවි.

ලෙගෝ ෆිල්ම් මොකක් හරි තවත් කතා මාලාවක් පදනම් වෙලානේ නිකුත් වෙන්නේ. මේ වෙද්දි DC කොමික් කතා ගොඩකුත්, බැට්මෑන් කතා ගොඩකුත්, ඒ වගේම ස්කුබිඩූ කතා ගොඩකුත් වගේම ස්ටාර් වොර්ස් කතා පදනම් වෙලත් ලෙගෝ කතා හදලා තියෙනවා. හැබැයි ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස් විදියේ ලෙගෝ කතාවක්. නින්ජාගෝ. සමහර අය අහලත් ඇති සමහරක් අය අහලා නැතිවත් ඇති. දන්න නොදන්න හැමෝටම මම පැහැදිලි වෙන්නත් එක්ක ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.

නින්ජාගෝ එහෙමත් නැත්නම් “Masters of Spinjitzu” කියන තීම් එක මුලින්ම හදුන්වලා දිලා තියෙන්නෙත් මේ ලෙගෝ ලෝකය තුලයි. ඒ 2011 අවුරුද්දෙයි. ඉතින් මේ අවුරුදු 6 පුරාවට මේ කතා තේමාව ගොඩක් දුරට විහිදිලා ගිහින් තියෙනවා. ඒ නිසා ලොකු ජනප්‍රියත්වයකුත් ලැබිලා තියෙනවා. ජනප්‍රියත්වය කොච්චරද කියනවා නම් මේක පාදක වෙලා හැදුන ලෙගෝ ටිවි සිරියස් ක තවදුරටත් ටීවි එකේ විකාශය වෙනවා. ඉතින් ඒ තේමාව ගත්ත පළවෙනි චිත්‍රපටිය විදියට තමයි මම මේ අද ගෙනාව චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2013 දී මේ නින්ජාගෝ තේමාව වෙනස් කලත් ආයෙමත් ඒක තිබුන තත්වයට අරගෙන තියෙනවා.

ඉතින් මේ නින්ජාගෝව පොඩි ළමයි හයදෙනෙක් වටා තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ තමයි කායි, ජේ, කෝල්, සේන්, නියා සහ ලොයිඩ්. ඉතින් මෙයාලා නින්ජා මාස්ටර්ලා වෙන්න තමයි පුරුදු වෙන්නේ. ඒකට මෙයාලට උදව් කරන්නේ වූ කියන මාස්ටර්. ඉතින් මෙයාලා එකතුවෙලා නින්ජාගෝවට එන නපුරු බලවේග නවත්වනවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි Skullkin, Serpentine, Stone Army, Nindroids, Anacondrai Cultists, Ghost Warriors, Misfortune’s Crew, Yang, Time Twins වගේ ගොඩක් අයව මෙයාලා කතාව තුල පරාජය කරනවා. හැබැයි ඉතින් මේ කතාව සාමාන්‍ය නින්ජා කතාවක් වගේ නම් නෙවෙයි. ආයුධ වලට අමතරව මෙයාලා අලුත් තාක්ෂණයත් ගොඩක් පාවිච්චි කරනවා.

ඉතින් මේ ෆිල්ම් එකේදි ටිවි සිරියස් එකට වඩා වෙනස්ම දෙයක් තමයි වෙන්නේ. මේ සැරේ නින්ජාගෝව විනාශ කරන්න එන දුෂ්ඨයා වෙන්නේ ගාර්මඩෝන් කියන නපුරා. හැබැයි මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි නින්ජා කණ්ඩායමේ නායකයා වුන ලොයිඩ් කියන්නේ මෙයාගේ පුතෙක්. හැබැයි ඉතින් ඒක නින්ජාගෝ වල ප්‍රසිද්ධ රහසක්. කොහොම වුනත් මේ ගාර්මඩෝන්ට ඕනි කරන්නේ නින්ජාගෝව යටත් කරගන්නයි. හැබැයි ඉතින් මේ රහස් නින්ජා කණ්ඩායමත් එක්ක ඒක එච්චර ලේසි වෙන්නේ නෑ. එහෙමයි කියලා ගාර්මඩොන් පස්ස ගහන්නෙත් නෑ. මොකද එයා අලුත් අලුත් තාක්ෂණය පාවිච්චි කරලා හදපු ආයුධ අරගෙන තමයි ඊලග දවසේ නින්ජාගෝවට පහර දෙන්න එන්නේ. ඉතින් අන්තිමේදි මෙයා ලොකු උපකරණයක් හදාගෙන නින්ජාගෝවට පහර දෙනවා. හැබැයි මේකෙන් නගරය බේරාගන්න නම් නින්ජා කණ්ඩායමට ලේසි වෙන්නේ නෑ. මේ නිසාම ලොයිඩ් කාටත් හොරෙන් ගිහින් තියෙන භයානකම අවිය පාවිච්චි කරනවා. ඒ මොකක්ද ඒ? ඒකෙන් මොකද වෙන්නේ? නින්ජාගෝවට මොකද වුනේ? ඒ ගැන දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්න වෙනවා…. . . ^_^  මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray| x264 | 720p |747MB |

                        FF0C6CBF1DE6821DF68369D73246FC4F313E43BC                           

| Bluray| x264 | 1080p |1.5GB |

 C51CA8C83C90A5CDB4855B98263C633073AFB273

Direct Download

| Bluray| x264 | 480p | 699MB |

| Bluray| x265 | 720p | 440MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “The LEGO Ninjago Movie (2017) | ලෙගෝ ලෝකයේ නින්ජලා… . .

    • December 11, 2017 at 8:02 pm
      Permalink

      Elz

      Reply
  • December 14, 2017 at 6:34 am
    Permalink

    මෙකනම් සුපිරි උපසිරැසි මෙකේ යටින්ම තියෙන නිසා

    Reply
  • December 19, 2017 at 7:09 am
    Permalink

    Aiye Podi aulak thiyenawa ai 720p adu 480p ekata wada

    Reply
  • December 19, 2017 at 10:03 am
    Permalink

    Udau karanna ko ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *