Radius (2017) | වුඩ්මෝ ප්‍රදෙශයෙ අභිරහස් මරණ දාමය

Movie එක ගැන මුලින් සඳහන් කරන්න කලින්, මම කැමති මේ අවස්ථාව baiscopelk අඩවියෙ හැමෝටම මට මෙ අවස්ථාව ලබාදීම ගැන ස්තුති වන්න. විශෙෂයෙන් සිසිල ප්‍රසාද් සහෝදරයාට ස්තුතියි කරන්න ඔන, මොකද ඒ සහෝදරයා ලබා දුන්න උපදෙස් ගොඩක් උදවු වුනා මට මෙම sub එක කරන්න.

හොඳයි. අපි එහෙනම් movie එක දෙසට හැරෙමු. මෙය imdb වල 6.2 ක් ලබාගෙන තියෙන sci-fi/ thrillerගනයට වැටෙන එකක්. අනිත් එක මම මෙය තෝරා ගැනීමට හේතු වුනෙ මෙහි කතා තේමාව. අනිත් එක අපි හිතන්නෙවත් නැති දෙයක් තමයි අන්තිමට වෙන්නෙ. (හැබැයි ඉතින් කතාව ගලාගෙන යන ආකාරය සමහර අයට දිරවන එකක් නැ මං හිතන්නෙ).

මෙහි සිදුවීම විස්තර කරනවා නම් Liam hartwel හදිසි අනතුරකට මුහුණ දීමෙන් පසු අවදිවන්නෙ සෑම දෙයක්ම අමතකව. (මොහුට මුලින් නමත් අමතක වෙලා තමා තියෙන්නෙ). ඒ වගේම ඔහු මුහුණ දෙන අනිත් භයානක සිදුවීම නම් ඔහු අසලට පැමිණෙන සෑම ජිවියෙක්ම (මනුෂ්‍යයෙක්/සතෙක්) මරණයට පත්වීම. මෙහිදි මොහුට කාන්තාවක්ද හමුවන අතර විශ්මයට කරුණ නම් ඇයට මොහු නිසා කිසිදු හානියක් වෙන්නෙ නැහැ. ඒ වගේම මැයටද සෑමදේම අමතක වී ගොස්ය. ඉතින් මේ සිදුවීම පාද කරගෙන තමයි කතාව ඉදිරියට යන්නෙ. මම මේ ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ මේ ටික ඇති වෙවි මම හිතන්නෙ movie එක ගැන අදහසක් ගන්න.

ඉතින් liam hartwel කියන්නෙ කවුද? මොහුට මේ සිදුවන අභිරහස් සිදුවීමේ තේරුම කුමක්ද? ඔහුට සියල්ලම අමතක වී ඇත්තෙ ඇයි? මොහුට හමුවන කාන්තාව කවුද? ඇයට මොහුගෙන් හානියක් සිදු නොවන්නෙ ඇයි? ඇයටත් සියළුම සිදුවීම් අමතකව ගොස් ඇත්තෙ ඇයි? මේ වගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු සපයා ගන්න මෙය නරඹන්න වෙනවා. අන්තිමට වෙන්නෙ ඉතින් මම මුලින් පැවසුවා වගෙ අපි හිතන්නෙවත් නැති දෙයක්.

හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. Sub එක ඕනම web-dl කොපියකට ගැලපේවි. කට්ටිය එහෙනම් movie එක download කරගෙන sub එකත් download කරගෙනම බලන්න.
ජය වෙවා!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 750MB

  1E3F82BE6AEAC11DBD75B0CEFCD37B2563224DB4

| WEB-DL | x264 | 720p | 650MB | 

3306399F27244349FECF03B6F817D11B13C0E1C5

 Direct Download

| WEB-DL | x264 | 480p | 192MB

| WEB-DL | x264 | 720p | 650MB

| WEB-DL | x264 | 720p | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!