Theeran Adhigaaram Ondru (2017) | දාම මංකොල්ලය හඹා යාම

දිනය:- 1995.06.07
ස්ථානය:- වලජපෙට්,වෙල්ලෝර් දිසාව
චෙන්නායි- බැංගලෝර් අධිවේගී මාර්ගයට නුදුරු නිවෙසක්

රෙදි කඩෙන් මුහුණු වසා ගත් පිරිසක් මහා රාත්‍රියේ එක්තරා නිවෙසකට කඩා වදියි.නිවසේ සිට ඔවුන් හමුවට ආ වයසක මිත්තණියක් ඔවුන්ගෙන් එක් අයෙකුගේ යකඩ පොලු පහරින් බිම ඇද වැටෙයි.ඇයගේ ගෙල බැඳි රන් මාලයද මොහු විසින් ගලවා ගනියි.තම මිත්තණිය ගැන බැලීමට පැමිණි ඇයගේ මුණුබුරා මංකොල්ලකරුවෙක් විසින් තදින් තල්ලු කිරීම නිසා ඔහු ද බිම ඇද වැටී හිස බිම හැපෙයි.මෙලෙස නිවස තුල නිදා සිටි කිහිපදෙනෙක්ම මොවුන්ගේ පොලු පහරින් මරණයට පත් වේ.එක් මංකොල්ලකරුවෙක් විසින් තරුණ කාන්තාවකගේ මුහුණ නිවසේ ජල ටැංකියකට ඔබාගෙන සිට ඇයගේ හිසට වෙඩි තබයි.අවසානයේ නිවස එකම මළ කඳන් ගොඩක් වේ,මේ මළ කඳන් මැද හිඳිමින් නිවසේ ඇති ධනය-මිල මුදල්,රත්තරන් ආදිය මංකොල්ලකරුවන් විසින් තමන් ගෙන ආ මළු වලට අසුරනු ලබයි.මෙතෙක් නිදා සිටි මහළු පුද්ගලයෙක් කාමරයක සිට නිවසේ සාලයට පැමිණෙන්නේ මේ කිසිත් නොදැනය.තමන්ව මරන්න එපා යැයි ඔහු පින්සෙන්ඩු වුවත් අවසානයේ ඔහුට ද හිමිවන්නේ වෙඩි පහරයි.

දිනය:- 2003.02.05
ස්ථානය:- චෝලවරුම්,තිරුවලුර් දිසාව
අධිවේගී මගට ආසන්න නිවෙසක්

පසුදින පුවත් විකාශයෙන් උපුටා ගැනීම-
“ඊයේ රාත්‍රියේ තිරුවලුර් දිසාවේ චෝලවරුම් හි අධිවේගී මාර්ගයට සමීප හුදෙකලාව තිබූ නිවසක භයානක මංකොල්ලයක් සිදු වී ඇත.පුද්ගලයින් පස් දෙනෙක් කපා කොටා ඝාතනය කර ඇත.එමෙන්ම ඇතැම් අයගේ පපු ප්‍රදේශයටම වෙඩි තබා ඔවුන් සාහසික ලෙස ඝාතනය කර ඇත……”

වසර 10ක පමණ කාල සීමාවක් ඇතුලත ඉන්දියාවේ තමිල්නාඩුවේ එකම ආකාරයේ දරුණු මංකොල්ලකෑම් කිහිපයක්ම සිදුවේ.මේ එයින් මංකොල්ලකෑම් දෙකකි.’95 වර්ෂයේ ප්‍රථමයෙන් වාර්තා වූ මෙම මංකොල්ලකෑම් 2000න් පසු වර්ෂ වලදී කිසියම් උච්ඡ තත්ත්වයකට පත්වන්නේ මහජනයාගේ බිය සහ සැකය ද ඊට සමානව ඉහළ දමමිනි.මෙම භයානක මංකොල්ලකෑම් හමුවේත් පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් මුනිවත රැකීම පිලිබඳ මහජනයාගෙන් දැඩි විරෝධයක් එල්ලවන අවධියක නියෝජ්‍ය පොලිස් අධිකාරී ධීරන් තිරුමාරන් හට මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු භාර වේ.නීති රීති ගැන පමණක් නොසිතමින් එයින් ඔබ්බට ගොස් මහජනයාට යුක්තිය පසඳලීම සඳහා කටයුතු කරනා පොලිස් නිලධාරියෙක් ලෙස මේ වනවිටත් මාධ්‍ය හරහා ජනප්‍රියව සිටි ධීරන් කෙලෙසකින් මේ අබිරහස විසඳාවි ද? මෙලෙස කෘර අන්දමින් මිනිසුන් ඝාතනය කරමින් කිසිම බියක් සැකක් නොමැතිව,බලධාරීන්ගේත් ඇස් වසා වසර කිහිපයක සිට මෙම මිලේච්ඡ මංකොල්ලයන් සිදු කරන්නේ කවුරුන්ද?

මෙකී කාල සීමාවන් තුල ඉන්දියාවේ සත්‍ය ලෙසම සිදු වූ සිද්දීන් අළලා නිර්මාණය වූ දමිළ සිනමා පටය, Theeran Adhigaaram Ondru (2017)

ඔන්න සති කිහිපයක නිහැඬියාවකින් පසුව මේ සති අන්තයේත් ඔබේ රස වින්දනය වෙනුවෙන් සිනමාපටයක් අරගෙන එන්න අවස්ථාව උදා වුනා.මේ දමිළ සිනමා රසිකයින් මේ වසරේ නොඉවසිල්ලෙන් බලාගෙන සිටි තවත් එක් සිනමාපටයක් කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. Action, Crime, Thriller යන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින් නොවැම්බර් 17 තිරගතවීම් ඇරඹූ මෙය මේ වනවිට දහසකට වැඩි මනාපයෙන් IMDb හි 8.7ක අගයක්, Times of Indiaහි 3.5/5 ක අගයක් සහ 96%ක ගූගල් පරිශීලක මනාපයක් හිමිකරගෙන තිබෙනවා. දමිළ සිනමාවේ සුපිරි නළු Karthi මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා. Spyder (2017) [දමිළ/තෙලිඟු] සහ Dhruva (2016) [තෙලිඟු] වැනි මෑත කාලීයේ තිරගත වූ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Rakul Preet Singh මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායකවනවා.එමෙන්ම Mom (2017) [හින්දි] සහ 10 Enradhukulla (2015) වැනි සිනමාපට සඳහා රංගනයෙන් දායක වූ Abhimanyu Singh මෙහි ප්‍රතිවීර චරිතයට පණ පොවනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 200MB | 

7FB5511A8262E12D83AF11BF0A80D0B17B2E73E4

| HDRip | x264 | SD | 400MB | 

72225C318A1C6E1B5595C117E8EEB0D151E07EDA

| HDRip | x264 | 1CD | 700MB | 

3BC995FC8DDD912F4F23626F747C207BBE776B25

| HDRip | x264 | 720p | 2GB | 

B0C3977BC0577407E4E52EAA47B75032C058FF26

 Direct Download

| HDRip | 480p | SD | 200MB | 

| HDRip | 480p | SD | 400MB | 

| HDRip | x264 | 1CD | 700MB | 

| HDRip | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Theeran Adhigaaram Ondru (2017) | දාම මංකොල්ලය හඹා යාම

  • December 10, 2017 at 10:33 am
    Permalink

    This is the best thriller movie that I have ever watched. Thanks for subbing and make it availble for enjoing us. All the best.

    Reply
  • December 11, 2017 at 1:31 am
    Permalink

    Link ekata thank’s saho. Jayawewaa!

    Reply
    • December 11, 2017 at 8:02 pm
      Permalink

      Elz

      Reply
  • December 13, 2017 at 10:38 am
    Permalink

    සුපිරිම සුපිරි ෆිල්ම් එකක් තැන්කු සහෝ…….

    Reply
  • December 28, 2017 at 9:06 am
    Permalink

    3BC995FC8DDD912F4F23626F747C207BBE776B25
    Sab download wenne nee..

    Reply
  • January 1, 2018 at 10:24 am
    Permalink

    meka kohomada down load karaganne?

    0

    Reply
  • January 5, 2018 at 11:44 pm
    Permalink

    පට්ට film එකක් යාලු ගොඩාක් thanks oyala siyalu denatama good luck magen

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *