Midnight, Texas [S01 : E04] | මිණී මස්කන සුරූපිනිය..!!

 

හැමෝටම මතක ඇතිනේ කලින් කොටසෙදි මිඩ්නයිට් වලට වැම්පයර් කණ්ඩායමක් එනවා, ඉතින් එයාලගේ නායකයා සැකරායි(සැක්) එයා තමයි ලෙම්වත් වැම්පයර් කෙනෙක් කරන්නේ, ඉතින් එයාලා මිඩ්නයිට් වලට එන්නේ මිඩ්නයිට් වල ඉන්න මිනිස්සු මරලා එයාලගේ ලේ බීලා, මිඩ්නයිට් අල්ල ගන්න, ඒත් ඒ හැමදේකටම වඩා සැක්ට ඕනි කරන්නේ ලෙම්ගේ ඒ බලය, ඉතින් එයාලට ඒ කිසිම අරමුණක් ඉටුකරගන්න වෙන්නේ නැහැ, මොකද මිඩ‍ෙනයිට් වල ඉන්න මිනිස්සු එච්චර ලේසි පහසු අය නෙමෙයි, ඉතින් එයාලා හැමෝම එකතු වෙලා වැම්පයර්ලව විනාසකරලා දාලා මිඩ්නයිට් බේරගන්නවා, ලෙමුත් අනූ නවයෙන්නේ බේරෙන්නේ…

අද කතාවෙදි මිඩ්නයිට් වලට තවත් අමුත්තෙක් එනවා, එයාට කියන්නේ සකිබස් කියලා, පුරාතනයේ ඉදන් පැවත එන අස්වාභාවික යක්ෂයෙක්, එයාලා හරිම ලස්සනයි, ඉතින් ඒ රූපේ පාවිච්චි කරලා සිත්තැව්ලෙන් ඉන්න පිරිමින්ව දැලේ දාගෙන එයාලව ආහාරයට ගන්නවා, එයාලව මරන්න පුළුවන් මකරෙකුගේ සුසුමේ උනුසුමෙන් විතරයි, ඉතින් මේ සකිබස් කෙල්ල කොල්ලෙක්ව ගොදුරු කරගන්නවා, පස්සේ ඒ කොල්ලගේ අක්කා කොල්ලව හොයාගන්න උදව් ඉල්ලගෙන මෑන්ෆ්‍රඩ් ලගට එනවා, මෑන්ෆ්‍රඩ් බලනකොට ඒ කොල්ලා මැරිලා, ඉතින් මෑන්ෆ්‍රඩ් හොයාගන්නවා ඒක වුන විදිහ, පස්සේ එයා තනියම සකිබස්ව හොයාගෙන යනවා, ඒත් එයා තනියම මෙල්ල කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, පස්සේ ෆීජී මායාවන් පාවිච්චි කරලා දියරයක් හදනවා, ඒකට පුළුවන් සකිබස්ගේ ලස්සන රූපේ නැතිකරලා සැබෑ ස්වරූපය ඉස්මතු කරන්න, ඉතින් කට්ටියම සකිබස්ව හොයාගෙන යනවා, ඒ අතරේ ක්‍රික්ගේ මල්ලි කෙරන් අක්කි ගැන ඔත්තු බලන්න පස්සෙන් එනවා,

ඉතින් මෙයාලා සකිබස්ව හොයාගවනියිද, එයාව කොහොමද මෙල්ල කරන්නේ, එයාගේ ඇත්ත පෙනුම මොනවගේද, එයාව විනාස කරන්න පුළුළුන්ද, ඒක කරන්නේ කොහොමද කියන ඒවට උත්තර හොයන්න නම් මේ කොටස බලන්නම වෙනවා, ඒ වගේම මේ කොටසෙදි ඔ ලීවියාගේ අතීතය ගැනත් දැනගන්න පුළුවන්..

එහෙනම් මේ කොටසින් මිඩ්නයිට් වල මගේ ගමන අහවරයි, ඊලග කොටස අපේ ඉසුරු අයියා තමයි ඔයාලට අරන් එන්නේ, ඉතින් වැඩි දුරටත් කියන්න තියෙන්නේ මේ ටිවී සීරිස් එක දැන් ගිහින් ඉවර නිසා ඔයාලට දවසට එක කොටස ගානේ හැමදාම උපසිරසි ලැබෙයි, අපේ කට්ටිය ඒ වෙනුවෙන් මේ දවස්වල හුගක් මහන්සි වෙනවා.. ඉතින් ඒ මහන්සියට දෙන වටිනාකමක් විදිහට ටීවී සීරිස් වලට ආස හැමෝම මේක අරන් බලන්න,


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 311MB |

9C3CB538FBABA5B9C49220E0E37F7E4066ADE6D0

| HDTV | x264 | 720p | 1005MB |

B144F71DC1A3AE648F48C09E8234178187B22FBB

 Direct Download

| HDTV | x264 | SVA | 311MB |

| HDTV | x264 | 480p | 193MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Midnight, Texas [S01 : E04] | මිණී මස්කන සුරූපිනිය..!!

  • November 29, 2017 at 7:54 pm
    Permalink

    subtitle link eka kohenda ganne

    Reply
  • December 3, 2017 at 12:18 pm
    Permalink

    මේ සිදු කරන්නා වූ කර්තව්‍යයට හද පිරි ප්‍රණාමය!! ජය වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *