Simran (2017) | යකාගේ ගෑණියෙක්, මංකොල්ලකාරියෙක් !!

“වැඩිය කලබල කරන්නෙපා. එහෙම උනොත් වැඩ වැරදියි. 
මගේ ඇඟේ බෝම්බයක් බැඳලයි තියෙන්නේ. ඒක පුපුරවගන්න ඕන නම් කෑගහපන්. 
ජීවත් වෙන්න ඕන නම් මේ බෑග් එකට, තියෙන සල්ලි ටික ඔක්කොම දාපන්.”

උදේ පාන්දරම බැංකුවට ආපු කෙල්ලෙක්, කවුන්ටරේ ගාවට ඇවිදින් මට කොල කෑල්ලක් දික්කරා. 
ඒක කියෙව්වම මගේ හුස්මත් හිරවුණා. 
පණට තියෙන ආදරේට අතට අහුවෙච්ච සල්ලි මිටි ඔක්කොම බෑග් එක අඩුක් කරලා එයාට දුන්න විතරයි මතක. 
ඊළඟ තප්පරේදී කෙල්ල අතුරුදහන්. මගේ අතේ අර කොල කෑල්ල විතරයි ඉතුරු.

ඒ ඇට්ලන්ටාවේ වැඩ කරන සේවකයෙක් පොලිසියට දුන්නු කට උත්තරයක්. හැබෑවට කවුද මේ කියන කෙල්ල? 
බැංකු මංකොල්ල කන කෙල්ලෝ ඉන්න පුලුවන්ද? 
මොකද බැරි මේ ඉන්නේ?
කුතුහලයක් දැනෙනවද? 
එහෙනම් බලමුද කොල්ලෙක්ට ලයින්පාරක් දාන්න ගිහිල්ලා මංකොල්ලකරියෙක් වෙච්ච කෙල්ලෙක්ගෙ කතන්දරේ?
සිම්රන්..!

හෝව්, හෝව් පොඩ්ඩක්වත් සීරියස් ගන්න එපා. පොඩ්ඩක් නිවිල්ලේ කූල් වෙලා පුටුව උඩට කකුල් අරන් මොනාහරි හප හප පැය දෙකක් පුරාවට කම්මැලි නැතිව රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් තමා අද අරන් ආවේ. පෞද්ගලිකවම මම 2017 මග බලාගෙනම හිටපු චිත්‍රපටිය. හේතුව නම් කංගනා රනාවට් විතරමයි. ඔව්, හිතුව විදිහටම කංගනා තමන්ගේ හැකියාව මෙවරත් අඩුවක් නැතුවම, එක්කෝ කවදාටත් වැඩියෙන් පෙන්නලා තිබ්බා. චිත්‍රපටිය නම් අපේක්ෂිත මට්ටමට නොතිබුනත්, හොඳට විඳින්න පුළුවන් චිත්‍රපටියක්. ෆුල් සිරා ගන්නේ නැතුව හිනාවෙවී බලන්න පුළුවන් පට්ටම ෆිලුමක්. පට්ට රහ සිංදු ටිකකුත් තියෙනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා තිරගත වෙච්ච සිම්රන් එන්න කලිනුත් ආවට පස්සෙත් ලොකු කතාබහට ලක්වුණත් ආදායම් අතින් අසාර්ථක උනා. කංගනාගේ පිට පිටම ආදායම් අතින් අසාර්ථක වෙච්ච හතරවෙනි චිත්‍රපටිය විදිහට සිම්රන් ලේබල්ගත වෙනවා. ඒ උනත් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 5.8ක අගයක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය බොලිවුඩ් රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වෙනවා සැකයක් නෑ. ඒ අත්දැකීම විඳගන්න දෙපාරක් හිතන්නෙපා. යන ගමන් මේකත් කියන්නම්. මේ කතාව ප්‍රබන්ධයක් කියල බැහැර කරන්න එපා. මේක Sandeep Kaur කියන ගැහැණු කෙනාගේ ජීවිත කතාව අනුසාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 510MB | 

ad6bf8bfec7034b04186f29aaae13c313fc26fc6

| HDRip | x264 | 1CD | 700MB | 

a3cb880bb4fae142ae812e159d25711c7d653d53

| HDRip | x264 | 720p | 1.4GB | 

9f5994203495c44c3eaaf6ce71c9737e527a2a13

 Direct Download

| WEB-DL | x264 | 480p | 360MB | 

| HDRip | x264 | SD | 510MB | 

| HDRip | x264 | 1CD | 700MB | 

| HDRip | x264 | 720p | 1.4GB | 

| HDRip | x264 | 720p | 1.4GB | 

| WEB-DL | x265 | 480p | 182MB | 

| WEB-DL | x265 | 720p | 588MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Simran (2017) | යකාගේ ගෑණියෙක්, මංකොල්ලකාරියෙක් !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!