Naruto Shippûden: The Lost Tower (2010) AKA Gekijouban Naruto Shippuuden: Za rosuto tawâ | පිය පුතු හමුව

දැන⁣ට නරුටෝ ෆිල්ම් විදිහට ෆිල්ම් 11ක් නිකුත් වෙලා තියෙනවා. ඒක ඇනිම් සීරීස් එකේ සිද්ධි එක්ක පෙල ගැස්සුවොත් මං අරන් ආවේ 7 වෙනි ෆිල්ම් එක. දැනට බයිස්කෝප් අඩවියේ මේකට අමතරව නරුටෝ ෆිල්ම් 5ක සබ් තියෙනවා. ඒවා තමයි,

• Road to Ninja : Naruto The Movie (2012)
• Boruto : Naruto The Movie (2015)
• Naruto : Blood Prison (2011)
• The Last : Naruto The Movie (2014)
• Naruto The Movie : Ninja Clash in The Land of Snow (2004)

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඒකට පාදක වෙන්නේ මසාෂි කිෂිමොටෝ මහත්මයාගේ ප්‍රසිද්ධ චිත්‍ර කතාවක් වෙන නරුටෝ චිත්‍ර කතා මාලාව. නමුත් මේ ෆිල්ම් 11 ඇතුළත් සිද්ධි චිත්‍ර කතාවේ හෝ ඇනිම් එකේ ඇතුළත් වෙන්නේ නෑ. ඒක නිසා ෆිල්ම් ටික බලන එකත් වැදගත්. මේ ෆිල්ම් එකට IMDb රේටින්7.2 ක් තියෙනවා.

මේ කතාවේ හැටියට සස්කේ කොනෝහා වල නෑ. ඒ වෙනුවට 7 වෙනි ටීම් එකේ ඉන්නේ සායි. මෙයයි නරුටොයි සකුරයි යමාටෝ සෙන්සේයි ඇතුළුව 7 වෙනි ටීම් එකට සුනාදේ (5 වෙනි හොකාගේ) මෙහෙයුමක් දෙනවා. ඒ තමයි රියුම්යකු කියන නටඹුන් වුන රෝරන් නගරේ තියන චක්රා උල්පත සීල් තියන එක. ඇත්තටම කිව්වොත් ඒක කලින් 4 වෙනි හොකාගේ විසින් සීල් තියනවා. මෙයාලට තියෙන්නේ ඒ සීල් එක අළුත් කරන්න. ඇනිම් එක බලපු අය දන්නවා ඇතිනේ 4 වෙනි හොකාගේ කියන්නේ නරුටෝගේ තාත්තා කියලා. ඒත් මේ කාලේ නරුටෝ ඒක ගැන දන්නේ නෑ. කොහොම හරි සීල් එක අළුත් කරන්න එනකොට රියුම්යකු බලය ලබාගන්න මුකාදේ කියලා මිනිහෙක් මේ සීල් එක ඉවත් කරනවා. ඒකට මැදිවෙන යමාටෝ සෙන්සෙයි නරුටෝයි අවුරුදු 20ක් අතීතෙට ගමන් කරනවා. මේ ගමනේදී නරුටෝට එයාගේ ජීවිතේ වැදගත්ම පුද්ගලයෙක් හමු වෙනවා. මේ පුද්ගලයා ගැන දැනගන්නයි මුකාදේව නරුටෝ පරද්දන හැටි බලන්නයි ෆිල්ම් එක බලලම ඉන්න.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 480p | 340MB | 

296a3c0a79fdf90a12a6ea449af23acd1894476b

 Direct Download

| BluRay | x264 | 480p | 340MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Naruto Shippûden: The Lost Tower (2010) AKA Gekijouban Naruto Shippuuden: Za rosuto tawâ | පිය පුතු හමුව

  • October 29, 2017 at 4:55 am
    Permalink

    anith movies wala link tiynawada

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!