Anarkali (2015) | අනර්කලී; පුරාවෘතයේ නූතන දිගහැරුම

අනර්කලී;මහා මෝගල් අධිරාජ්‍ය-අක්බර් රජු සමයේ විසූ නාටිකාංගනාව.දෙළුම් මලක් වගේ සුන්දරව නර්තනයේ යෙදෙන්නට ඇති හැකියාව සහ ඇයගේ අතිමහත් මනස්කාන්තය නිසා ඇයව එකල අනර්කලී නමින් ප්‍රසිද්ධ වුනා.මැයගේ නර්තනයට සහ රූපශ්‍රීයට වශී වුන සලීම්,ඒ කිව්වේ අක්බර් රජුගේ පුතා-කිරුළ හිමි කුමාරයා මැය සමඟ ආදරයෙන් බැඳුනා.නමුත් පහත් කුලයේ කාන්තාවක් සමඟ තම පුතාව විවාහ කරවන්න පියරජු කැමතිවුනේ නෑ .ඒ නිසා අනර්කලී ව සිරකර තබන්නට අක්බර් රජු පියවර ගන්නවා.නමුත් සලීම් තම මිතුරන් සමඟ ඇවිත් අනර්කලී ව සිරෙන් නිදහස් කරගන්නවා.මෙයින් කෝප වුනු අක්බර් රජු සහ සලීම් අතර යුධ ගැටුමක් ඇතිවෙනවා.මේකෙදි පිය රජතුමා ජය ගන්නවා.ඔහු සලීම් ට විකල්ප දෙකක් යෝජනා කරනවා.ඒ එක්කෝ අනර්කලී ව තමන්ට භාරදෙන එක නැත්නම් මියයන එක.එතැනදී සලීම් දෙවෙනි විකල්පය තෝරාගත්තත් අනර්කලී මැදිහත් වෙලා අක්බර් රජු හමුවට එනවා.ඇය සලීම් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුදකරන්න කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා.නමුත් ඇය අවසාන කැමැත්ත ලෙස සලීම් කුමරු සමඟ එක් රැයක් ගත කිරීමට අවසර අයදිනවා.මැය රාත්‍රියේදී කුමරුට නිදි බෙහෙතක් පානයට සලස්වලා ඔහු ඇහැරෙන්න කලින් රජු හමුවට ගොස් තමන්ගේ ජීවිතය ආදරය වෙනුවෙන් පුද කරනවා.කාලයාගේ ඇවෑමෙන් කෙසේ හෝ සලීම් ජෙහන්ගිර් ලෙස රාජ්‍යත්වයවට පත්වනවා.නමුත් මොහුට අනර්කලී ව ජීවිතය පුරාම අමතක කරන්න පුළුවන් වෙන්නේ නෑ .මොහුගේ ජීවිතය අවසානයේදී මුවින් ගිලිහුණු අවසන් වදන වෙන්නෙත් අනර්කලී කියන එකයි!

ඇත්තටම අනර්කලී’ කියන්නේ පුරාණ භාරතයේ සිදුවුනා යැයි කියන සත්‍ය කතාවක්.කොහොමවුනත් මේක ගැන විවිධ මතවාද තියෙනවා.ඒ කොහොමවුනත් අපි මේ කතා කරන ෆිලුමේ අන්තර්ගතය වෙන්නේ නම් සෑහෙන්න වෙනස් එකක්.මේක වර්තමාන කතාවක් ඒ වගේම සුඛාන්තයක්.කොහොමවුනත් ෆිලුමට නම ඇවිත් තියෙන්නේ මේ කතාවෙන් නිසයි මුලින්ම ඒ ගැන කිව්වේ.Drama, Musical, Romance කියන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින් මීට වසර දෙකකට කලින් තමයි ෆිලුම තිරගතවීම් අරඹන්නේ.ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දැන් නම කියූ සැණින් හඳුනන Prithviraj Sukumaran.ඒ වගේම මෙහි ප්‍රතිවීර චරිතයට නමගිය බොලිවුඩ් ප්‍රතිවීරයෙක් වන Kabir Bedi රංගනයෙන් දායක වනවා.සුරූපී නවක නිළි Priyal Gor ප්‍රධාන නිළිය භූමිකාවටත්,ප්‍රසිද්ධ මලයාලම් චිත්‍රපට කිහිපයකටම තම රංගන දායකත්වය දැක්වූ Mia George සහය නිළියක් ලෙසත් මෙයට දායකත්වය දක්වනවා.ඊට අමතරව ප්‍රධාන පෙළේ මලයාලම් නළු නිලියන් රැසක්ම මෙයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඒ වගේම ෆිලුමේ රූපගත කිරීම් වැඩි හරියක්ම සිද්දවෙන්නේ ලක්ෂද්වීප් කියන ලස්සන දූපතේ.මේ දූපතේ ජන ජීවිතය හා සම්බන්ධ වෙනස් දේවල් ෆිලුමේත් අඩංගු වෙලා තියෙන නිසා ෆිලුමටත් වෙනස්ම අලංකාරයක් එකතුවෙලා තියෙනවා.ඒ වගේම ෆිලුම තිරගතවීම් අරඹලා සති දෙකක් ඇතුලත ඉන්දීය කෝටි හත හමාරක වගේ දැවැන්ත ආදායමකුත් ලබලා තියෙනවා.ඒ වගේම ෆිලුම 2015 Asianet සම්මාන උළෙලදී සම්මාන රැසකටම නිර්දේශ වෙලා තියෙනවා සහ එයින් සම්මාන ලබාගෙන තියෙනවා.

ෆිලුමේ තියෙන්නේ ශාන්තනු කියන නාවික හමුදා නිලධාරියෙකු සහ ඔහුට අවුරුදු 10ක් පමණ බාල නාදිරා කියන තරුණිය අතර ඇතිවන ආදර කතාව ගැන.නාදිරා කියන්නේ ශාන්තනුගේ නාවික හමුදා ප්‍රධානියා-රියර් අද්මිරාල් ජෆාර් ඉමාම් ගේ එකම දියණිය.ඇත්තටම මේ ජෆාර් කියන්නේ නවාබ් කෙනෙක්.ඒ කියන්නේ මෝගල් අධිරාජ්‍ය සමයේ ඉඳන් පැවතගෙන එන පෙළපතකට තමයි මෙයා අයිතිවෙන්නේ.ඒත් එක්කම ශාන්තනු කියන්නේ දකුණේ හින්දු තරුණයෙක්.එතකොට නාදිරා කියන්නේ උතුරේ මුස්ලිම් තරුණියක්.මේ වගේ සමාජයෙන් නොගැලපීම් විදියට හඳුන්වන දේවල් කිහිපයක්ම මේ දෙන්නා අතර තියෙනවා.ඒ වගේම ජෆාර් ගේ ඇඟේ දුවන නවාබ් ලේ මේ දෙන්නට එකතුවෙන්න ඉඩක් දෙන්නෙම නෑ .මේ විදියට දෙන්නට සෑහෙන කලක් තමන්ගේ ආදරය වෙනුවෙන් බලාගෙන ඉන්න සිද්දවෙනවා.ඔය විදිහේ ලස්සන,ආදරණිය කතාවක් තමයි ෆිලුමේ අන්තර්ගත වෙන්නේ!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 709MB | 

bc5dd443fbca317f6629c53cea4f8dfa188d333e

| DVDRip | x264 | 1CD | 1.1GB | 

612019558cb6363da9aa97ff378e243d85ffcaf8

 Direct Download

| DVDRip | x264 | 1CD | 709MB | 

| DVDRip | x264 | 1CD | 1.1GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *