Leatherface (2017) | මිනිසුන් දඩයම් කරනා විකෘතිකයන්..

මිනිස්සුන්ව මරලා ඒකෙන් සතුටු වෙන අය කියලා කිව්වම අනිවාර්යෙන්ම මතක් වෙන්න ඕන චිත්‍රපටිය තමයි Wrong Turn කියන්නේ. හැබැයි ඒකෙ හිටිය අය නම් මිනිස්සු මරලා විතරක් නිකන් ඉන්නේ නෑ. මරලා කනවා. ඒත් මේ අද මං අරං ආව චිත්‍රපටියේ නම් එහෙම නෑ. මරනවා විතරයි. මරලා ගොවිපලේ ඉන්න ඌරන්ට කන්න දෙනවා. මේ 1955 කාලයේ ටෙක්සාස්වල පවුලක් ජිවත් වෙනවා ස්වොයර්ලා කියලා. මේ අය කරන්නේ පවුලෙන්ම බාලයා ජේඩ් ලවා පාරේ යන මනුස්සයෙක් ඇමක් විදිහට එක්කගෙන ඇවිත් පරණ ධාන්‍යාගාරයට එක්කන් ගිහින් උගුලකට අහු කරලා මරණ එකයි. වරක් ඒ උගුලට අහුවෙන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන පොලිස් නිලධාරියාගේ දුවට. ඉතින් තමන්ගේ දුව මැරුණු දුකට හාර්මන්, ස්වොයර් පවුලේ ඉන්න මේ වගේ විකෘහිකයෝ හැම කෙනෙක්ව කුදලාගෙන යනවා. ස්වොයර් පවුලේ විතරක් නෙවෙයි තවත් පවුල්වල ඉන්න මේ වගේ විකෘතික ළමයින්ව අරගෙන ගිහින් ගොර්මන් නිවස කියන උන්මත්තකාගාරයේ බලාකියාගන්නවා. මේකේ ඉන්නේ මේ අය වගේ කට්ටිය විතරක් නෙවෙයි. තවත් මානසික ආතතිය තියෙන අයත් ඉන්නවා. විකෘතිකයෝ උනත් තමන්ගේ ළමයි ටික අරං ගියාට වර්නා එදා සෑහෙන්න කේන්තියෙන් හිටියේ. මේ ගොර්මන් නිවසට අලුතෙන් සේවයට එනවා හෙදියක් එලිසබෙත් කියලා. එයා හිතුවේ නම් මේ අය බලාගන්න එක ලෙහෙසි වෙයි කියලා ඒත් එහෙම නම් වෙන්නේ නෑ. දවසක් වර්නා ගොර්මන් නිවසට එනවා ජේඩ්ව බලන්න. නමුත් ඇයට බලන්න අවසර දෙන්නේ නෑ. එහෙ ඉන්න ඩොක්ටර් කියන්නේ එයාලට අලුත් නම් ලබා දීලා, අලුත් ජීවිතයකුත් ලබා දුන්න නිසා ආයේ පරණ තත්වෙට ඇදලා දාන්න බෑ කියලා. නමුත් වර්නා වැසිකිලියට යන මුවාවෙන් එහෙ තනිකරම වැඩ අවුල් කරලා ඒක ඇතුලේ ඉන්න විකෘතිකයන්ට පැනලා යන්න සලස්වනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි හැමදේම වෙනස් වෙන්නේ.

හැලොවින් කාලය නිමිත්තෙන් 2017 ඔක්තෝම්බර් 20 දිනට නිකුත් වෙන්න තියෙන චිත්‍රපටියක් තමයි අද මං අරගෙන ආවේ. මිට පෙර ඇතුව තවත් Horror චිත්‍රපට හතරක්ම නිෂ්පාදනය කරපු Julien Maury හා Alexandre Bustillo අතින් තමයි මෙහි නිෂ්පාදන කටයුතු සිදුවෙලා තියෙන්නේ. Game Of Thrones කතාමාලාව තුලින් ජෝරාස් ටයිරෙල්ගේ චරිතයෙන්ද, Iron Fist කතාමාලාව තුලින් ඩැනි රෑන්ඩ් නොහොත් අයන් ෆිස්ට්ගේ චරිතයට රංගනයෙන් දායක වූ Finn Jones ව දැකගන්නට හැකි වෙනවා “සොරෙල්” නම් පොලිස් නිලධාරියාගේ චරිතයෙන්. American Hero (2015) චිත්‍රපටයෙන් ඔබ හමුවට ආ Stephen Dorff තමයි ටෙක්සාස්වල ප්‍රධාන පොලිස් නිලධාරි “හාර්මන්” ගේ චරිතයට දායක වෙන්නේ. Homefront (2013) චිත්‍රපට දායක වූ Nicole Andrews මෙහි “ටැමිගේ ” චරිතයට දායක වෙලා තියෙනවා. The Conjuring (2013) චිත්‍රපටයෙන් හා The X Files කතාමාලාවෙන් පවා රංගනයෙන් දායක වූ Lili Taylor මෙම චිත්‍රපටයේ වර්නා සවොයර්ගේ චරිතයට දායක වෙලා තියෙනවා. Vanessa Grasse තමයි එලිසබෙත් නොහොත් ලීසිගේ චරිතයට දායක වෙලා තියෙන්නේ. මේ වගේ තවත් චරිත ගනනාවක් රංගනයෙන් දායක වීමක් සිදුවෙලා තියෙනවා. විනාඩි 90ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Horror, Thriller යන කැටගරි වලට තමයි අයත් වෙලා තියෙන්නේ. IMDb අගය ගැන කතා කරනවානම් මේ වෙද්දී 5.3/10 අගයක් වගේම Rotten tomatoes හි අගය 58%ක්ද ප්‍රේක්ෂක පැසසුම 90% ක අගයක්ද ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය බලනවාදෝ නැතිනම් නිකන් ඉන්න්වාදෝ කියලා තේරෙයි පූර්ව ප්‍රචාරක පටය එක් වරක් බැලුවොත්. මොකද එහෙම බලලා ආස හිතිලා තමයි මං මේක අරගත්තෙත්. චිත්‍රපටිය මට බාර දුන්න හසා අයියාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕන.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 408MB |  

906fbe79fdfc2a71318403f570219d2daf55a378

| WEBRip | x264 | XVID | 677MB |  

dc30a4a1996761957cafe8f055d804d928d50bc4

| WEBRip | x264 | 480p | 1.5GB |  

ee98825ebba7e44bda605ff52cd1c4a5659fcb08

Direct Download

 | WEBRip | x264 | 480p | 350MB |            

  

 | WEBRip | x264 | 480p | 1.5GB |            

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Leatherface (2017) | මිනිසුන් දඩයම් කරනා විකෘතිකයන්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *