Taxi 3 (2003) | ටැක්සිත් දැක්කා – මේ වගෙ ටැක්සි නොදැක්කා..

මේක ටිකක් පරනයි තමා ඒත් සුපිරි ෆිල්ම් එකක් කියලා මට නම් කියන්න පුලුවන්. මේ ෆිල්ම් එක කොටස් හතරක චිත්‍රපටි මාලාවක් ඒත් මම තෝරගත්තෙ 3 වන කොටස. මොකද ඔක්කොම මට කරන්න වෙලාවක් නැති නිසා, ඉතින් ගැන අහිතක් හිතන්න එපා කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

මේ ෆිල්ම් එක ගැන කියනවා නම් මේක තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නෙ January 29, 2003 (France) වලදි . ඒ වගේම මේකට 5.7/10 Imdb අගයක් ලැබිලා තියෙනවා ,මේ චිත්‍රපටයට යුරෝ මිලියන 14.5 වැය කරලා තියෙනවා . අධයක්ශනය Gérard Krawczyk විසින් කර ඇති අතර පිටපතLuc Besson (scenario) විසින් නිර්මාණය කරලා තියෙනවා. Samy Naceri, Frédéric Diefenthal, Bernard Farcy වැනි නලුවත් රංගනයෙක් දායක වී ඇති අතර Sylvester Stallone නැත්නම් අපි කවුරුත් දන්න එක්ස්පෙන්ඩබල් කතා මාලාවේ ප්‍රදාන චරිතයද මේ චිත්‍රපටයේ කොටසට රංගනයෙන් දායකත්වත ලබාදෙනවා.

ඉතින් කතාව ගැන කියනවා නම් ඩැනීල් කියන්නෙ ටැක්සි රියදුරෙක්. එයාගෙ යාලුවා එමිලින් පොලිස් නිලදාරියෙක් . එමිලින් මාස අටක් තිස්සෙ මහන්සි වෙනවා එයාලගෙ පැත්තට ඇවිත් තියෙන නත්තල් සීයලා වගේ ඇදන් ඉන්න හොරු කල්ලියක් අල්ලන්න.ඒත් ඒක ලේසි වැඩක් උනේ නෑ. දරපු හැම උත්සහයක්ම අසාර්ථක වෙනවා. ඒත් ඒ අතර නත්තලත් ලං වෙනවා, නත්තලට කලින් මේ වෙස්වලාගත්තු හොරු ටික අල්ලන එක තමා එමිලින්ගෙ එකම අරමුන වුනේ වෙන මුකුත් නෙමෙයි නත්තල් කාලේ අපුවාම හැමතැනම නත්තල් සීයලා ඉන්න නිසා. ඉතින් ඔහොම යද්දි මේකට ඩැනියලුත් පැටලෙනවා. ඉතින් දෙන්නම එකතු වෙලා මේ හොරුන්ගෙ ප්‍රශ්නෙ විසදන්න උත්සහ කරනවා. මොකද ඒ අතරේ මේ දෙන්නමා තාත්තලා වෙන්නයි යන්නෙ. ඒ නිසා මෙයාලට ඊට කලින් තියෙන ප්‍රශ්න ඉවරයක් කරගන්න ඕනෙ වුනා. ඉතින් ඒ නිසාම මෙයාල ඒ වැඩේට බහිනවා. හිතන්න පුලුවන්ද එයාලට ඒක කරගන්න පුලුවන් වුනා කියලා. ඒක ඔයාලම බලන්නකො,

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.1GB |

75773fe9cc8efae23b7bc572045c89f2f4fcd9c6

 Direct Download

| BluRay | x264 | 720p | 846MB |

| BluRay | x264 | 720p | 1.1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Taxi 3 (2003) | ටැක්සිත් දැක්කා – මේ වගෙ ටැක්සි නොදැක්කා..

  • October 1, 2017 at 15:21
    Permalink

    ලිංක් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!