Paranormal Activity 3 (2011) | මරණීය ඇදහීම

දන්නවනේ Katie හා Kristi. ආහ් දන්නේ නැද්ද? ? හැබැයි ඉතින් මේකේ මුල් කොටස් බලපු අය නම් මේ දෙන්නව හොඳට දන්නවා. මම කලිනුත් කිව්වනේ මේ කතා මාලා යන්නේ අග ඉදන් මුලට කියලා. ඉතින් පලමු කොටසේ සටහන් වන්නේ Katie (වැඩිමහල් සහෝදරිය) ගේ නිවසේ සිදුවන හොල්මන් සිදුවීම්. දෙවනි කොටසේ සටහන් වන්නේ Kristi (බාල සහෝදරිය) ගේ නිවසේ සිදුවන හොල්මන් සිදුවීම්. මේ කොටස් නම් ඉතින් සුපිරි එකේ උපරිම. හැබැයි මේ කතාවේ තියෙන භීතිය දැක්කහම අර කතා මොනවද කියලා හිතෙනවා. මේකේ සිද්ද වෙන්නේ Katie හා Kristi පොඩි කාලේ වෙන සිද්දි , ඒ කියන්නේ මේකෙන් පෙන්නන්නේ ඒ භූතාත්මය මේ අසරණ කෙල්ලන්ගේ ජීවිතයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා. ? මේකේ කතාව ආරම්භ වන්නේ වර්තමාන සිද්දියකින්. ඒ කියන්නේ Kristi ගැබ්බර වෙලා ඉන්නකොට Katie, Kristi ගේ ගෙදරට ඇවිත් වීඩියෝ පට වගයක් දෙනවා. මේ වීඩියෝ පට තුල තියෙන දර්ශන පෙල තමයි මේ කතාවේ ගමන් ගන්නේ. මේකේ Kristi ගැබ්බර වෙලා හිටියටත් මේ මාලාවේ දෙවනි කොටසේ ඇයට පිරිමි දරුවෙක් බිහිවෙලා තියෙනවා . දෙවනි කතාවේදී භූතාත්මය Kristi ගේ නිවසට එන්නේ මේ කුඩා පිරිමි දරුවා නිසා. ඒකට හේතුව මේ කතාවෙන් බලාගන්න පුලුවන්.

මේක ලෝකයේ තියෙන ඉතාමත් බියකරුම හොලමන් චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. හදවත් අමාරු එහෙම තියෙන අය මේක බැලුවොත් නම් ඉතින් සුනේ සුන්. අනික දෙන්න පුලුවන් ලොකුම අවවාදය තමයි , රෑ අටෙන් පස්සේ කට්ටිය එක්ක උනත් මේක බලන්න එපා. ඒ මොකද කියනවා නම් ගිනි දවාලේ මේක බැලුවත් තනියෙම කාමරයට යන්නත් බයයි ? . සමහර අයට මේ කතාව බලද්දි “අපෝ මේක නම් පිස්සු මගුලක්, මේ ලිපිය දාපු එකා නම් ඊටත් වඩා පිස්සෙක්” කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම කියන්නේ නැත්තම පුදුමයක් ? . ඊට හේතුව වෙන්නේ මේ කතා මාලාවම හදලා තියෙන්නේ found – footage කියන style එකට. විචාරකයන්ගේ අදහස අනුව නරඹන්නන් බියෙන් පුරවන්න මේකේ ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැති බවයි. මේ ක්‍රමයේ තියෙන්නේ, මුලු ච්ත්‍රපයටම සාමාන්‍යය camera recording කරන ආකාරයට සාදා තිබීමයි. ඒ කියන්නේ මේ චිත්‍රපටිවල නලුවොම තමයි cameramen ලා ? මේකේ මුල් ටික පොඩ්ඩක් ඉවසාවදාර ඔය style එකට බලන්න. පස්සේ තේරියි මේ ක්‍රමය හොල්මන් චිත්‍රපට හදන්න මොන තරම් සාර්ථකද කියලා. වැඩි විස්තර සදහා Wikipedia පැත්තේ ගිහින් search පාරක් දාන්න.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 602MB |    

830c79472e7eff677a9380676998f6cfe74c2da1

Direct Download

| BluRay | x264 | 720p | YTS | 602MB |     

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *