Rememory (2017) | මතකාවර්ජනය!

හිතන්න මෙහෙම, මැශින් එකක් හදනව අපේ ඔලුව ඇතුලෙ හැංගිලා තියන මත්කයන් හොයාගෙන උකහාගන්න පුලුවන්. එතකොට ඔයාට පුලුවන් මැශින් එක පාවිච්චි කරල ඔයාගෙ පහුගිය ජීවිතයේ ඕනම තැනකට යන්න. යනව කියන්නේ ඒ අදාල මතකය උකහාගෙන අපේ ඇස් ඉස්සරහ දර්ශනය කරනව එතකොට අපි අපේ මතකය ඇතුලේ ප්‍රේක්ශකයෙක් වෙනව. මේ කතාවෙ වෙන්නෙත් එහෙම දෙයක් තමයි

දැන් කතාව පැත්තට යමුකො එහෙනම්, සැමුවෙල් බූන් කියන්නේ වෘත්තියෙන් ගොඩනැගිලි අනුරූ නිර්මාණය කරන කෙනෙක්, ඒත් එයාගේ ජීවිතේ එයත් එක්ක තියන මතක නම් එයාට උස්සගෙන ඉන්න බැරි තරම් ගොඩක් බරයි ඒ මොකද දවසක් මෙයා එයාගේ අයියා ඩෑශ් එක්ක වාහනේ යන ගමන් හදිසි රිය අනතුරකට මුහුන දෙනව. මෙතනදි සෑම් විතරයි බේරෙන්නේ එයාගේ අයියා අවාසනාවන්ත විදිහට මැරෙනව.ඩෑශ්, ඒ කියන්නේ සෑම් ගෙ අයියා මැරෙන්න ටික වෙලාවකට කලින් වචන පේලියක් කොදුරනව ඒත් ඒ වෙලාවෙ තියන පසුබිමත් එක්ක සෑම් ට එයාගෙ අයියා කියන දේ තේරෙන්නේ නැතුව වගේ යනව.මේ අන්තිම වචන ටික සෑම් ට ලොකු බරක් වෙනව හිතාගන්න පුලුවන් නේ මැරෙන කෙනෙක් ගෙ අවසාන වචන ටිකේ වැදගත් කම. ඉතින් ඔය අතරේ ඩොක්ට ඩන් කියල කෙනෙක් හදනවා පුදුමාකාර මැශින් එකක්. කලින් කිව්ව වගේ ඒ මැශින් එකට හැකියාව තියනව කෙනෙක්ගේ මතකයක් පටිගත කරල මතක තැටියකට ගබඩා කරගන්න.මේක සෑම් ට ආරන්චි වෙනව හිතාගන්න පුලුවන් නේ සෑම් ට එන සතුට. එයා ඩන් ව හම්බවෙන්න මැශින් එක එලිදක්වන උත්සවයට පවා යනව. එතනදි එයාට ඩන්ව හම්බවෙන්න බැරි වෙනව මොකද ගෑනු කෙනෙක් ඩන් එක්ක බහින් බස්විමක් ඇති වෙනව. කොහොම හරි ඩන්ව හම්බවෙන්න ඕන නිසා සෑම් රෑ වෙනකන්ම ඉන්නව පාකින් එකට වෙලා මේ අතරෙදි ගෝඩන් එක්ක රන්ඩුවුන ගෑනු කෙනා ගෝඩන් ගෙ ඔෆිස් එකෙන් කලබලේට එලියට එනව සෑම් ට ඇතිවෙන සැකය නිසා එයා ගෑනු කෙනා පස්සෙන් යනව කොහොම හරි ඒ සිද්දිය එතනින් ඉවර වෙනව ඊලග දවසේ ඩන් එයාගෙ ඔෆිස් එකේ මැරිල ඉන්නකොට හොයාගන්නව බිත්තියේ වෙඩිපාරවල් දෙකක් එක්ක ඒත් එයාගෙ ඇගේ කිසිම තුවක්කුවකින් වුන තුවාලයක් නැහැ ඉතින් මේ මරනය අභිරහස් එකක් වෙනව ඒත් ඩන් ගේ ඔෆිස් එකෙන් මේ සිද්දිය වහනව කොහොම හරි සෑම් මේ වෙඩි උන්ඩ ගැන දැනගන්නේ ඩන් ගෙ බිරිදගෙන්. ඊටපස්සේ සෑම් හිතාගන්නව ඩන් ට වුනේ මොකද්ද කියල හොයාගන්නව කියල… තවත් කිව්වොත් කතාවෙ බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. සෑම් ඩන් ට වුනේ මොකද්ද කියල හොයාගනීවිද? සෑම් එයාගෙ අයොයගෙ අවසාන වචන ගැන දැනගනීවිද කතාව බලලම දැනගමු.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | FGT | 994MB | 

bb6394efdd96295e1c2c910380262ec64aeb8598

| WEBRip | x265 | 720p | 678MB | 

c7b2ec00abb20059c891876b0721a5b4a56b4ae4

 Direct Download

| WEBRip | x264 | 480p | 400MB | 

| WEBRip | x264 | 720p | 798MB | 

| WEBRip | x264 | FGT | 993MB | 

| WEBRip | x265 | 720p | 671MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!