Pawn Sacrifice (2014) | සෙබලුන්ගේ දිවි පිදීම

චෙස් ක්‍රීඩාව අපේ රටේ එච්චර ජනප්‍රිය නැති වුනාට, ඇමරිකාව ඇතුළු සෑම යුරෝපිය රටකම චෙස් ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒක කොච්චර ජනප්‍රියද කියනවා නම් රුසියාවේ ජාතික ක්‍රීඩාව වෙන්නේ චෙස්. ඉතින් මේ රුසියාවෙන් තමයි ලෝකයේ ගොඩක් චෙස් ශුරයෝ බිහිවෙලා තියෙන්නේ. ඔය වගේ හේතු හින්දා රුසියාව හදුන්වන්නේ ලෝකයේ චෙස් දෙවිවරු කියලා. ඒ හින්දම අනිත් චෙස් ක්‍රීඩකයෝ රුසියන් ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරන්න මැලි කමක් දක්වනවා.ඉතින් 1948 දී ආරම්භ වුන රුසියන් චෙස් අධිරාජ්‍ය 1972 ඇරුනාම 2004 වෙනකල් නොකඩවා පැවතුනා. මෙයාලා කොච්චර ප්‍රබලද කියනවා නම් අවසන් පුර්ව වටයට යන තරගකරුවන් 3/4 ක්ම රුසියන් ජාතිකයන් වෙලා තියනවා. මේ වගේ පරිසරයකදී 1943 දී ඇමරිකාවේ චිකාගෝ වලදී තමයි අපේ කතා නායකයා ඉපදෙන්නේ. ඒ Robert James “Bobby” Fischer (රොබට් ජේමිස් “බොබී ” ෆිෂර්) නමින්. බොබී කුඩා කාලේ ඉදලම චෙස් ක්‍රීඩාවට ඇති දක්ෂයෙක් වෙනවා. එම නිසාම එයා කුඩා කාලයකින් මුළු ලෝකය පුරාම ජනප්‍රිය වෙනවා. මේ අතර තමයි ඇමරිකාවයි, සෝවියට් රුසියාව අතර ලෝක බල තුලනය සදහා සිතල යුද්දයක් හටගන්නේ. මේ සිතල යුද්දය මතුපිට මොනවත් නොපෙනුනත් ඇතුලතින් බෙහෙවින් තරගකාරී වුනා. ඒ අතරින් ක්‍රීඩා ක්ෂේත්‍රයත්කැපී පෙනුනා.මේ වගේ පසුබිමක තමා ෆිෂර් ලෝක ශුරතාවය සදහා සුදුසුකම් ලබන්නේ. එයාගේ ප්‍රධාන තරගකරුවා වෙන්නේ චෙස් ලෝකයේ පුරාවෘත්තයක් වෙන රුසියාවේබොරිස් ස්පැස්කි  (Boris Spassky).ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ ෆිෂර්ට කවදාවත් ලෝක ශුරයා වෙන්න බෑ කියලා.මොකද එයා එක්තරා මානසික ආබාදයකින් පෙළෙනවා, එයා කලින් තරග පැරදිලා තියනවා ඔය වගේ හේතු හින්දා. ඉතින් කොහොමහරි මේ දෙන්නගේ තරගමාලාව සදහා ලෝකෙම අවදානය යොමු වෙනවා. ඉතින් ෆිෂර්ට ලෝක ශුරයා වෙන්න පුළුවන් වෙයිද…..

මේ චිත්‍රපටිය 2014 තමා තිරගත කරලා තියෙන්නේ. මේක අධයක්ෂණය කරලා තියෙන්නේ The Last Samurai (2003),Defiance (2008),Jack Reacher: Never Go Back (2016) කියන චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Edward Zwick කියන අධ්‍යක්ෂකවරයා. මේකේ බොබී ෆිෂර්ගේ චරිතයට පණ පොවන්නේ Spider-Man(2002)Spider-Man 2 (2004)Spider-Man 3(2007)The Great Gatsby (2013) යන චිත්‍රපටි වලින් හමුවුන Tobey Maguire. බොරිස් ස්පැස්කි ලෙස රගපාන්නේ  Ransom (1996), The Sum of All Fears (2002), The Omen(2006),Defiance(2008)X-Men Origins: Wolverine (2009)Taking Woodstock (2009)Salt (2010), Goon (2011), The 5th Wave(2016) යන චිත්‍රපටි වලින් හමු උන Liev Schreiber විසිනුයි. මේ චිත්‍රපටියට IMDBවර්ගීකරණයේ 7.0/10 හිමිවෙලා තියනවා. 72% Rotten Tomatoes සහ 92%  Google users වල මනාප හිමිවෙලා තියනවා. ඉතින් මම හිතනවා මේක චෙස් ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන් බැලිය යුතු චිත්‍රපටියක් කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 935MB |    

e427fb8f789108a28885e3b9e9bcce0bc08f4e05

| BluRay | x264 | 1080p | YTS | 1.8GB |    

c3fb26e22aa7397ba8e0288fc095d10835059824

Direct Download

| BluRay | x264 | 480p | 400MB |           

  

| BluRay | x264 | 720p | YTS | 930MB |           

  

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |          

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!