The Layover (2017) නාදුනන කොල්ලෙක් නිසා මිතුදම් පවා දුන් කෙල්ලන් දෙදෙනා (18+)

සමහර යාළුකම් හුගාක් පරණයි. හුග දෙනෙක්ට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම දන්න යාළුවෝ, ඒ යාළුවෝ තාමත් තමන්ගේ ජීවිතේ හොදම යාළුවෝ විදිහට තියාගෙන ඉන්න සමහර අයට පුලුවන් වෙලා තියෙනවා. මෙග් හා කේට් කියන්නෙත් පහ වසරේ ඉදන් දන්න හොද යාලුවෝ දෙන්නෙක්. කේට් නම් උසස් පාසලක ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඒත් මෙග්ට නම් ස්ථිර රැකියාවක් නැහැ. මෙයා හිතාගෙන ඉන්නේ මෙයා රුපලාවන්‍ය දේවල් ගැන දන්නවා කියලා. මේ නිසා මෙග් වතාවක් යනවා මෙයාගේ බිස්නස් එක තවත් කම්පැනියකට හදුන්වලා දීලා රැකියාවක් අරගන්න. නමුත් මෙයා මෙතනදී කරන්නේ වෙනින් රටක නිපදවපු රුපලාවන්‍යකරණයට අවශ්‍ය කරන දේවල් වල ඒ රටේ බෝතල්වල අලවලා තියෙන ලේබල් ගලවලා මේ බඩු අර හමුව දාගත්ත කම්පැනියට අරන් ගිහින් තමන්ගේ නිෂ්පාදන වගේ එයාලට ඉදිරිපත් කරන එකයි. අරන් ගියාට එයාගේ හොර වැඩ අහුවෙලා එයාව එතනදී එලවලා දානවා. ඉතින් දවසින් දවස රැකියාවක් නොකර ඉන්න මෙග් ගැන හොයලා බලන්නේ කේට්. අහ්හ් මේ දෙන්නා ඉන්නේ ගොඩනැගිල්ලක කාමර පෙළක තියෙන එකම කාමරයක. ඒත් මෙග් නිතරම කරන්නේ බීලා වෙරි වෙන එකයි නිතරම වාගේ කේට්ට අරක බැහැ මේක බැහැ කිය කිය හැල්ලුවට ලක් කරන එකයි.

දවසක් මහා රෑ මෙග්ගේ තීරණයට අනුව එයා බලෙන්ම කේට්වත් එක්කගෙන ලොන්ඩ්‍රේල් වලට යනවා. මෙග් කියන්නේ තනිකරම කාමුක ආශාවන් පිරි ඉතිරිලා ගියපු කෙනෙක්. මේ දෙන්නා ලොන්ඩ්‍රේල් වලට යන්න ගුවන් යානයට ගොඩ වුනාම එතනට ඇවිත් මේ දෙන්නාගේ මැද්දෙන් ඉදගන්නව කොල්ලෙක් රයන් කියලා. මෙග් වගේම කේට් දෙන්නා රයන්ට ඇල්ම බැල්ම දාන්නත් පටන් ගන්නවා හරියට එයා තමයි මේ ලෝකේ ඉන්න අන්තිම පිරිමියා වගේ. ඔන්න ඔතනින් තමයි හොද යාලුවෝ වෙච්චි මෙග් හා කේට් අතර යුද්ධේ පටන් ගන්නේ. දෙන්නට දෙන්නා කරට කර ඉදලා කොහොමහරි රයන්ව දාගන්න එක තමයි මේ දෙන්නගේ එකම ඉලක්කය වෙන්නේ. රයන් නිසා මේ දෙන්නා නොකරන දෙයක් නැහැ හැබැයි මේ දෙන්නා තාමත් මේ රයන් ගැන දන්නේ නැහැ. දන්න එකම දේ රයන් කියන්නේ වෙඩිමකට යන්න තමන්ගේ පියාසැරියට ගොඩ වුන කොල්ලෙක් කියල විතරයි. වෙනින් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ නිසාමයි මේ මෙග් හා කේට් දෙන්නට අන්තිමේදී වැඩ වරදින්නෙත්. බේවොච් වලදී ඇලෙක්ස්සැන්ඩ්‍රාගේ වෙනින් මොනාද හෙල්ලෙන ඒවා බලපු අයට මේ ෆිල්ම් එකෙන් සජීවී සෙල්ලං ටිකක් බලාගන්න පුලුවන් වෙයි.

සාමාන්‍යයෙන් ඔයාලගේ කොමඩි චිත්‍රපට වෙනදට ගේන කෙනා නම් නෙවෙයි අද මේක අරන් එන්නේ. කවුරුත් බාර අරගෙන නැති නිසයි කරන්න ඕන කියලා තීරණය කරලා මේක ඉල්ලගෙන කලේ. මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නේ 2017 අගෝස්තු 3’වැනිදා. Shameless කතාමලාවට වගේම Jurassic Park III (2001) චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වුනු William H. Macy තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. තිර රචනය සදහා දායක වෙලා තියෙන්නේ David Hornsby හා Lance Krall යන දෙදෙනා අතින්. රංගනයෙන් දායක වෙන අය ගත්තොත් Kate Uptonතමයි මේ චිත්‍රපටයේ “මෙග්” ගේ චරිතයට දායක වෙන්නේ. මෙයාගේ හතරවන චිත්‍රපට දායකත්වය වෙන්නේ මේක. The Other Woman (2014) චිත්‍රපටය එහෙම බැලුවා නම් දකින්න ඇති වැඩ කොහොමද කියලා. ඊළගට ඉතින් හැම කෙනෙක්ම දන්න Baywatch (2017)San Andreas (2015),True Detective කතාමලවටද, The Choice (2016) වගේ චිත්‍රපට හා රුපවාහිනී කතාමාලා ගණනාවකට රංගනයෙන් දායක වුනු Alexandra Daddario තමයි මේ චිත්‍රපටයේ “කේට්”ගේ චරිතයට දායක වෙන්නේ. ඊළගට Harper’s Island කතාමලාවටද, Seven Below (2012) චිත්‍රපටයද රංගනයෙන් දායක වුනු Matt Barr තමයි මෙහි “රයන්” ගේ චරිතයට දායක වෙන්නේ. Ballers කතාමාලාවේ Rob Corddry පවා මේ චිත්‍රපටයේ ඉන්නවා. පැයකුත් විනාඩි චිසි අටකුත් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Comedy ගනයට තමයි අයත් වෙන්නේ. IMDb අගය ගැන කතා කරනවානම් 4.6/10 ක් වගේ අඩු අගයක් ලැබිලා තියෙන්නේ. ඒත් මේකේ දීලා තියෙන හාස්‍යයත් එක්ක බලනවනම් 5+ අගයක්වත් ලැබෙන්න ඕන. මොකද ඒ තරමටම මේක හුගක් ආතල් චිත්‍රපටයක්. මං කියන්නේ බොරු නම් පූර්ව ප්‍රචාරක පටයත් බලලම ඉන්නකෝ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB-DL | x264 | SD | FGT | 765 MB |

8A35E88FDCAFA22B97E831E527AC8B479976C72D

| WEB-DL | x264 | 720p | Moviesworld | 765 MB |

3826EBCB459725F7B80CD67D188A65B5256D61FE

| WEB-DL | x264 | 1080p | FGT | 3 GB |

B83D676C770A65367708CDDEE91527F4FFCCCC81

Direct Download

| WEB-DL | x264 | 480p | 316 MB |

  

| WEB-DL | x264 | 720p | 590 MB |

  

| WEB-DL | x265 | 720p | 530 MB |

  

| WEB-DL | x265 | 1080p | 1.1 GB |

  

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලින්ක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Layover (2017) නාදුනන කොල්ලෙක් නිසා මිතුදම් පවා දුන් කෙල්ලන් දෙදෙනා (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!