Megan Leavey (2017) | රුදුරු යුධ බිමෙහි බිම් බෝම්බයට නැවතිය නොහැකි වූ අපරිමිත සෙනෙහස!

ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. කාලයක් මං හරිම කෙළිදෙලෙන් හිටියා. පුළුවන් තරම් ජීවිතයේ පිස්සු නැටුවා. ඒ තමයි උසස් අධ්‍යාපනය ලබන කාලේ. එකට විනෝද වෙලා, කාලා-බීලා මාත් එක්ක රෑ නින්දට ගියපු මගේම සහෝදරයෙක් වගේ හිටපු මගේ හොඳම යාළුවා පහුවදා උදේ ආපහු නැගිට්ටේ නැහැ. මෙතනින් තමයි මගේ ජීවිතය කඩා වැටෙන්න ගත්තේ. ඒ වෙද්දී මගේ පවුල් ජීවිතය මිහිපිට අපායක් ගාණට වැටිලා තිබ්බේ. අම්මයි තාත්තයි වෙන්වෙලා හිටියෙ. මගේ සහෝදරයා වගේ හිටපු යාළුවා නිසා තමයි මං ටිකක් හරි හිතේ සැනසිල්ලෙන් හිටියෙ. ඒ සැනසීමත් මාව දාලා ගියාට පස්සේ “ඇයි මං තවත් ජීවත්වෙන්නේ?” කියන ප්‍රශ්නාර්ථය මට ඇති වුණා. රස්සාවක් හරියට කරගෙන ඉන්න බැරි වුණා. ගෙදර ගියාම අම්මා ඇඟට කඩාගෙන පනිනවා. මොකක්ද මේ මං ගතකරන ජීවිතය? මේ තමයි තීරණයක් ගන්න හොඳම වෙලාව.

ඇමරිකානු මැරීන් බලකාය! තම දිවි දෙවැනි කොට, තමා උපන් රටත්, එම රටෙහි ජනතාවත් ආරක්ෂා කිරීම සිය මෙහෙවර කරගනිමින්, සමස්ත ජාතියෙහිම ගෞරවය ලැබුවා වූ, අනභිබවනීය මැරීන් භටයෙකු වීම සඳහා මැරීන් බලකායේ පුහුණු සොල්දාදුවෙකු ලෙස මං එකතු වුණා. අති විශිෂ්ඨයින්ගේත් අති විශිෂ්ඨයෙකු ලෙස තමයි ඇමරිකානු මැරීන් සෙබලෙකු සළකන්නේ. ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනෙ මේ අන්දමේ විශිෂ්ඨයෙකු වීම සඳහා කෙතරම් නම් කැපකිරීමක් කරන්න අවශ්‍යද කියලා. මුළු ජීවිතයම විකාරයක් කරගත්ත මගේ අතින් එතනදිත් විකාර දෙයක් වෙනවා. හමුදා නීතිය අනුව ඒ සඳහා සුදුසු අන්දමින් දඬුවම් ලැබෙනවා. ඒ තමයි, නැවත දැනුම් දෙන තුරු මැරීන් බලකායේ සුනඛ අංශයේ බලු කූඩු සුද්ධ පවිත්‍ර කරන්න. ඒ විතරක් නෙමෙයි, අවශ්‍ය වෙලාවට සුනඛයින් පුහුණු කිරීම සඳහා උපාය දූතයෙකු ලෙසත් මාව යොදාගත්තා. මෙතැනදී තමයි මැරීන් බලකායේ ඉන්න දරුණුම සුනඛයව මට හම්බුණේ.

රෙක්ස්! ස්භාවයෙන්ම අතිශය බිහිසුණු සහ කළහකාරී සුනඛයෙක්. හැබැයි අති සූක්ෂම ඉවක් සහිත බුද්ධිමත් සතෙක්. මැරීන් බලකායේ සුනඛයින් හසුරුවන්නන් පවා රෙක්ස් ලඟට ගියේ දෙගිඩියාවෙන්. නමුත්, සංසාරගත බැඳීමක් නිසාදෝ මන්දා, මගේ ආදරය සහ කරුණාව හමුවේ මේ දරුණු සුනඛයා මගේ සමීප මිතුරෙකු වුනේ හැමදෙනාම මවිතයට පත්කරමින්. මේ නිසාම, මගේ හිතේ තිබුණු ආශාවක් ඉටුකරමින්, පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ සුනඛයින් හසුරුවන්නකු ලෙස උසස්වීමක් සහිතව මට නිළ වශයෙන්ම රෙක්ස්ව හිමිවුණා. එක පැත්තකින් ජීවිතේ ආසකරන දෙයක් ලැබෙනකොට, අනිත් පැත්තෙන් මොකක්ම හරි අවාසනාවන්ත දෙයක් සිද්ධවෙනවා. රාජකාරී සඳහා අපිව යැව්වේ ඉරාකයට. ඒ වෙද්දී ඇමරිකානු හමුදා විසින් ඉරාක භූමිය අත්පත් කරගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුනේ නැහැ. කොටින්ම කිවහොත්, මරණයේ භූමිය ලෙස තමයි මේ රුදුරු ඉරාකය හැඳින්වූවේ. අඩියක් අඩියක් පාසා වල දමා තිබෙන්නා වූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඕනෑම මොහොතක ශරීරය සිදුරු කරගෙන පියඹා යා හැකි වෙඩි උණ්ඩ… මේ තමයි රුදුරු ඉරාක භූමියේ සැබෑ ස්වරූපය. ඔබ හිතන්න පුළුවන් ඔබට ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් කියලා. හැබැයි මේ ඉරාක භූමියේ මරණය ජයගන්න නම් ඔබ හිතන තරම් ලේසි පහසු වෙන්නේ නැහැ. මමත්, මගේ සුනඛයත් මේ රුදුරු ඉරාක භූමියට පය තබන්නේ, අප දෙදෙනාගේම වගේම තවත් දහස් සංඛාත මිනිස් ජීවිත රැකගැනීමේ අධිෂ්ඨානයෙන්. නමුත්, එක මෙහෙයුමකින් මේ හැමදෙයක්ම වෙනස් වෙනවා!

War, Drama, Biography යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජුනි මස 9 වන දින මහජන ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම විශිෂ්ඨ සිනමා නිර්මාණය imdb දර්ශක තුල 7.1 ක් වැනි ඉහල අගයකුත්, Rotten Tomatoes හි 83% ක මනාප ප්‍රතිශතයකුත්ගූගල් පරිශීලකයින්ගේ 78% ක මනාප ප්‍රතිශතයකුත් ලබාගන්නා අතරෙහි, ඇමරිකානු ඩොලර් මිලියන 13.1 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට සමත් වූවා. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය දරනු ලබන්නේ Morgan (2016)Captive (2015)The Martian (2015)Fantastic Four (2015)Transcendence (2014), Deadfall (2012), 127 Hours (2010)Iron Man 2 (2010) යනාදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Kate Mara විසිනි.

චිත්‍රපටය සඳහා පදනම් වෙන්නේ, එදා මෙදා තුර ඇමරිකානු මැරීන් බලකාය විසින් බිහිකරන ලද අසමසම යුධ විරුවන් දෙපලක් වන, කෝප්‍රල් මේගන් ලීවී නම් අයෝමය ගැහැණිය සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ විශේෂඥ සාජන් රෙක්ස් නම් මැරීන් සුනඛයාගේ වීර වික්‍රමාන්විත කතා පුවත පිළිබඳවයි. ඇමරිකානු මැරීන් ඉතිහාසය තුල ඕනෙ තරම් යුධ විරුවන් සිටින්න ඇති. අනාගතයේ ඕනේ තරම් බිහිවේවි. නමුත්, තමන්ගේ ජීවිතය පිළිබඳව නොතකා, දහස් සංඛාත ජීවිත ගණනක් මරණයෙන් මුදවාගත් මෙම දෙපළගේ නාමයන්, ඇමරිකානු මැරීන් ඉතිහාස කතාවේ ඉහළින්ම රන් අකුරිනි ලියැවී හමාරයි. යුධ ක්‍රියාදාම ප්‍රිය කරන නරඹන්නන් හට… සුරතල් සතුන් සම්බන්ධ චිත්‍රපට නරඹන්නන් හට… ඒ වගේම, චිත්‍රපටය නරඹලා අඬන්න කැමති සංවේදී හදවතක් ඇති අයට… මේ හැමදෙනාටම චිත්‍රපටය නරඹන්න අරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 860MB |    

336ddaf6916dd492da77b02a0f45465448c69470

| BluRay | x264 | 1080p | YTS | 1.8GB |

f0042449a30c448e5173bbc8245295d6bed6b485

| BluRay | x265 | 720p | 639MB |

8136819862cf02b26e5716c5a5a1c7164db1689c

Direct Download

| BluRay | x264 | 480p | 400MB |                 

| BluRay | x264 | 720p | YTS | 860MB |        

| BluRay | x264 | 1080p | YTS | 1.78GB |      

| BluRay | x265 | 720p | 640MB |                       

        | BluRay | x265 | 1080p | 1.3 GB |                

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *