Armed Response (2017) | යුධ අපරාධයක සුලමුල සොයාගත් කෘත්‍රීම බුද්ධියක දඬුවම් ලබාදීම!!

මේ චිත්‍රපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 අගෝස්තු මාසෙ හතරවෙනිදා ඇමෙරිකාවේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Top Gun (1986), Into the Blue (2005) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු John Stockwell විසින්. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ Matt Savelloni විසින්. Blade චිත්‍රපට ත්‍රිත්වයෙන් හා මෑතකදී තිරගතවුණු Gallowwalkers(2012), The Expendables 3(2014) යන චිත්‍රපට වලට රංගනයෙන් දායකවුණු Wesley Snipes මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අතර Anne Heche, Dave Annable, Kyle Russell Clements, Gene Simmons, Mo Gallini සහ ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයෙක් වන Seth Rollins සෙසු රංගන ශිල්පීන් වශයෙන් රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඇමෙරිකාවේ New Orleans හා Louisiana ප්‍රදේශ වල රූගතකිරීම් කරපු මේ චිත්‍රපටයේ නිෂ්පාදන බර පැන දරල තියෙන්නෙ Saban Films, WWE Studios, Erebus Pictures සහ Maandi Films කියන සමාගම් කිහිපය. චිත්‍රපටය ලොවපුරා බෙදාහැරල තියෙන්නෙ Voltage Pictures සමාගම මඟින්. කොහොම වුණත් මේ චිත්‍රපටයට ලැබිල තියෙන්නෙ නම් 3.7/10ක ටිකක් අඩු IMDb අගයක්. ඒත් මං හිතන්නෙ නම් මේ චිත්‍රපටයට ඊට වඩා වැඩි අගයක් ලැබෙන්න ඕන කියලයි.

ඉතින් කතාව පැත්තට ගියොත් ඇමෙරිකානු හමුදා විශේෂඥයෙක් වුණු ග්‍රේබ්‍රියෙල්, සැකකරුවන්ගෙන් කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් කියන්නෙ ඇත්තද, බොරුද කියල හොයාගන්න පුළුවන් ආකාරයේ කෘත්‍රීම බුද්ධියක් ඇතුළත් කරල පද්ධතියක් නිර්මාණය කරනවා. මේ කෘත්‍රීම බුද්ධිමය පද්ධතියේ නම තමයි “Temple”. ඉතින් මේ වෙද්දි ලෝකය පුරාවට Temple පද්ධති 13ක් පිහිටුවලයි තියෙන්නෙ. ඇමෙරිකාවෙ Temple පද්ධතිය පිහිටුවල තියෙන්නෙ හිර කඳවුරක් වගේ දැඩි ආරක්ෂාවක් ලබාදීල තියන ගොඩනැඟිල්ලක. ඉතින් මේ ගොඩනැඟිල්ලෙ රජකාරී කරන හමුදා සාමාජිකයින්ට දවසක් පද්ධතියෙන් අනතුරු ඇඟවීමක් කරනවා. ඒ සිදුවීමෙන් පස්සෙ Temple ස්ථාපිත කරල තියන ගොඩනැඟිල්ලත් එක්ක තියන සියළුම සම්බන්ධතා ඇණහිටිනවා. ඉතින් තමන්ගෙ යටතේ සේවය කරපු සෙබළුන්ට මොකක්ද වුණේ කියල හොයාගන්න අයිසැක් කියන විශේෂ හමුදා නිළදාරියා Temple නිර්මාණය කරපු ග්‍රේබ්‍රියෙල් හා තවත් හමුදා සෙබළුන් පිරිසක් එක්ක මේ ගොඩනැඟිල්ලට යනවා. එතනට ගියාම එයාලට දැනගන්න ලැබෙනවා Temple පද්ධතියේ බලශක්තිය අසාමාන්‍ය විදිහට අඩුවෙලා කියල. ඒ වගෙම වැඩිදුර සෝදිසි කිරීම් වලදි තැන තැන මැරිල ඉන්න සහෝදර හමුදා සෙබළුන්ගෙ මළසිරුරු මෙයාලට හම්බෙනවා. ඉතින් තව කියන්න ගියොත් වැඩක් නැති නිසා බලලම ඉන්නකෝ…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 750MB |    

a55afec8fd34e95031d8e1822ebe7370a3076e8f

| WEB-DL | x264 | FGT | 837MB |    

3a955070f2ab1cfc74f252e5a70d8916991a184b

| WEB-DL | x264 | FGT | 1.3GB |    

afdc9171bd66a4daaa84c37cad63cbab0c9d8acb

| WEB-DL | x264 | 720p | 2.9GB |    

8913d5fc27e5ca0e2722edf3149758ca0efdac92

| WEB-DL | x265 | 720p | 493MB |    

941736e179ff6d82c2cc812b9ec7a1636b5f2a4d

Direct Download

| WEB-DL | x264 | 480p | 309MB |               

| WEB-DL | x264 | 720p | 750MB |               

| WEB-DL | x264 | FGT | 837MB |               

| WEB-DL | x264 | FGT | 1.3GB |                   

| WEB-DL | x264 | 720p | 2.9GB |                 

| WEB-DL | x264 | 720p | 493MB |                

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Armed Response (2017) | යුධ අපරාධයක සුලමුල සොයාගත් කෘත්‍රීම බුද්ධියක දඬුවම් ලබාදීම!!

  • September 15, 2017 at 00:10
    Permalink

    Melo Rahak na.
    Mekata rawatenna epa……………………………..

    Reply
    • September 15, 2017 at 22:34
      Permalink

      ඔයාගේ රහ මොකද්ද කියලා කියන්න පුළුවන්ද ?

      Reply
      • October 6, 2017 at 07:50
        Permalink

        බල්ලො බිරුවට කදු පහත් වෙන්නෑ නේ බං පිස්සෝ දාන කමෙන්ට් වලට රිප්ලයි කරන්න එපා.
        සයට සුපිරි, ඉදිරියටම කරගෙන යමු.
        ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් වලට ඇඩ් 3 ගානේ දැම්මා නං හරි එතකොට සයිටත් බේරෙනවා අපිත් බේරෙනවා…

        Reply
  • March 18, 2019 at 20:31
    Permalink

    adooo meke file eka nane…aye upload karapnko puluwnnm…😄

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!