The Wall (2017) | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…!

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු සෙබළුන්, වැඩි කල් නොයාම ඉරාක භූමිය තුල වසර ගණනාවක් තිස්සේ පැවති සදාම් හුසේන් පාලන තන්ත්‍රය බිඳ හෙලමින්, ඇමරිකානු ධජය මහත් අභිමානයෙන් නගා සිටුවීමට සමත් වුණා. එනමුත්, ඉරාක භූමිය තුල සම්පූර්ණයෙන්ම බලය අත්පත් කරගැනීමට ඇමරිකාව සමත් වූවා යැයි පැවසුවා හොත් එය නිසැකවම මුසාවක්. තැනින් තැන හොර රහසේම ඒකරාශී වූ ගරිල්ලා ත්‍රස්තයින්, නොසිතූ නිමේෂයන් හිදී අතිශය දරුණු ප්‍රහාරයන් එල්ල කිරීමට සමත් වූවා. මේ නිසාම, ඉරාක භූමිය තුල තම ආධිපත්‍ය තවදුරටත් පවත්වාගෙන යෑමට නම්, කැරළි මර්ධනය කිරීම සඳහා තම හමුදා භටයින් යොදවනවා හැර වෙන විකල්පයක් ඇමරිකානු පාලන තන්ත්‍රයට තිබුනේ නැහැ.

මේ ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවක් පිළිබඳව ලැබුණු තොරතුරක් මත, අයිසැක් සහ මැතිව්ස් යන ස්නයිපර් සෙබළුන් දෙදෙනාව තොරතුරු නිරීක්ෂණය කර වාර්තා කිරීම පිණිස, අදාළ සිද්ධිය සිදුවූ හුදෙකලා ස්ථානය වෙත පිටත්කර හරිනවා. ඝාතකයා පිළිබඳව හරියාකාර තොරතුරු දැනගැනීම පිණිස ඔවුන් දෙදෙනා දවසකට ආසන්න කාලයක් සැඟවී, විමසිල්ලෙන් පසුවුණත්, ඝාතකයා පිළිබඳව අංශු මාත්‍රයක හෝ හෝඩුවාවක් සොයාගැනීමට ඔවුන් දෙදෙනා අසමත් වෙනවා. අවසානයේ ඉවසීමේ සීමාව ඉක්මවා යන සාජන් මැතිව්ස්, ඔහුගේ සහෝදර සෙබළාගේ අනතුරු ඇඟවීම නොතකා, ඝාතනය සිදුවූ ස්ථානය වෙත යෑම සඳහා සැඟවී සිටි ස්ථානයෙන් එළියට පැමිණෙනවා. නමුත්, ඉදිරියේ සිටින්නා වූ මාරයා පිළිබඳව අංශු මාත්‍රයක් හෝ ඔහු දැනසිටියා නම්, සැඟවී සිටි ස්ථානයෙන් එලියට පැමිණීමට නිකමට හෝ ඔහු නොසිතනු ඒකාන්තයි. කොහේදෝ සිට පියඹා ආ ස්නයිපර් උණ්ඩයකින් සාජන් මැතිව්ස් බිම ඇද වැටෙනවා. ඔහුගේ සහෝදර සෙබලා ඔහු වෙත පැමිණීමට උත්සාහ කළත්, නොනැවතී පියඹා එන්නා වූ මාරක ස්නයිපර් උණ්ඩ හමුවේ නෂ්ටාවශේෂ වී ගිය බිත්තියකට මුවා වී දිවි බේරාගනු හැර කිසිඳු විකල්පයක් ඔහුට ඉතුරු නොවෙනවා. තමා ඉදිරිපිට, අසරණව බිම වැටී, ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙන තම සහෝදර සොල්දාදුවා… හරියාකාර දිශාවක්, ස්ථානයක් සොයාගත නොහැකිව පියඹා එන්නා වූ මාරක ස්නයිපර් උණ්ඩ… කිසිඳු උපකාරයක් ලබාගත නොහැකිව බිත්තියකට වසන් වී තම ජීවිතය බේරාගැනීම හැර කිසිවක් කල නොහැකි තත්වයක සිටින්නා වූ හමුදා සෙබලා මේ සියල්ල කෙසේ නම් විඳ දරාගනීවිද…?

War, Thriller, Drama යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ මැයි මස 18 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, මේ සටහන ලියන මොහොත වන විට Imdb දර්ශකයේ 6.2 ක අගයකින්ද, Rotten Tomatoes හි 67% ක මනාප ප්‍රතිශතයකින්ද, ගූගල් පරිශීලකයන්ගේ 77% ක මනාප අගයකින්ද සමන්විත වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 3ක් විය පැහැදම් කරමින් නිෂ්පාදනය කරමින්ද, ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් ලබාගත්තා වූද, මෙම සිනමා සිත්තමෙහි ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක සහ ක්‍රියාදාම නළුවෙකු වන John Cena සහ, Avengers: Age of Ultron (2015) සහCaptain America: The Winter Soldier (2014) යන මාවල් චිත්‍රපට තුල Quicksilver චරිතය සඳහා රංගනයෙන් දායක වූද, Nocturnal Animals (2016)Godzilla (2014)Kick-Ass 2 (2013)Kick-Ass (2010) යන චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණි Aaron Taylor-Johnson විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Edge of Tomorrow (2014)Jumper (2008)Mr. & Mrs. Smith (2005) සහ The Bourne Identity (2002) වැනි විශිෂ්ට චිත්‍රපට රාශියක් ලොවට දායාද කරන ලද Doug Liman විසිනි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.1GB |  

43510440735246aa3798accc19865b1ea97e5788

| BluRay | x264 | 1080p | 1.7GB |  

182b6a5f0482478fc34f3aa086e13349e5066835

Direct Download

| BluRay | x264 | 480p | 300MB |          

 | BluRay | x264 | 480p | 400MB |           

         | BluRay | x264 | 720p | 660 MB |         

 | BluRay | x264 | 720p | 711MB |           

 | BluRay | x264 | 720p | 1.3GB |            

         | BluRay | x264 | 1080p | 920 MB |      

 | BluRay | x265 | 720p | 513MB |          

         | BluRay | x265 | 720p | 340 MB |        

        | BluRay | x265 | 1080p | 650 MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

8 thoughts on “The Wall (2017) | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…!

  • August 6, 2017 at 20:28
    Permalink

    thanx bro..for links..great

    Reply
  • August 7, 2017 at 06:16
    Permalink

    Niz work ? baiscope thanks

    Reply
  • August 7, 2017 at 11:40
    Permalink

    subtitle file eka download karanna link ekak dala ne ne bro.

    Reply
  • August 7, 2017 at 14:42
    Permalink

    BluRay | x265 | 720p | 428MB | sub update karanna mekata

    Reply
  • August 7, 2017 at 20:47
    Permalink

    bro link wada karannhane.Direct link,( | BluRay | x264 | 480p | 400MB |, | BluRay | x265 | 720p | 428MB | )

    Reply
  • August 8, 2017 at 07:01
    Permalink

    Link weda krnne neh saho; 720p x265 ,480p x264

    Reply
  • August 9, 2017 at 15:28
    Permalink

    this link’s not working

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!