Alien: Covenant (2017) | ජීවය සොයා බිහිසුණු ලොවක් කරා…! – Bluray Updated . . . !

දිනය – 2104 දෙසැම්බර් 5
අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට්
කාර්‍ය මණ්ඩලය – 15
ජනපද වැසියන් – 2000
කළල – 1140
ගමනාන්තය – ඔරිගෙයි-6

ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් කල යුතු වෙනවා. මෙම ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව හොයාගෙන, එහි නව ජනපදයක් පිහිටුවීමයි මෙම යානාවේ සිටින්නාවූ කාර්‍ය මණ්ඩලයේ මෙහෙයුම වන්නේ. එකම එක පුද්ගලයෙකු හැරෙන්නට අන් සියලු දෙනාම හිමායන නිද්‍රාවේ පසුවෙනවා. ඒ, ආරම්භයේ පටන් මේ දක්වාම අභ්‍යවකාශ යානාවේ සියළුම කටයුතු කළමනාකරණය කරන්නාවූ, වෝල්ටර් නමැති කෘතීම මිනිසායි.

සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. නමුත්, එක්තරා දිනයකදී සියල්ල වෙනස් ස්වරූපයක් අරගන්නවා. නොසිතූ මොහොතක, ආසන්න තාරකාවක සිට යානාව වෙත එල්ල වෙන්නාවු අධිකව ආරෝපණය වූ කම්පන තරඟයක් හේතුවෙන් යානාවේ ගින්නක් හටගන්නවා. මේ හේතුවෙන් දශකයක් පුරාවට හිමායන නිද්‍රාවේ පසුවූ කාර්‍ය මණ්ඩලය හදිසියේම අවදි කරවනු ලබනවා. නමුත්, ඔවුන් පමා වූවා වැඩියි. සියලු දෙනා හටම මරු පහරක් එල්ල කරමින් දරාගත නොහැකි අන්දමේ අහිමිවීමක් ඔවුන් හට සිදුවෙනවා.

නමුත්, ඔවුන් ළතවෙමින් සිටියේ නැහැ. වහ වහා යානාව අලුත්වැඩියා කිරීමේ කටයුතු හි නිරත වුණා. මේ අතරවාරයේදී ඔවුන් විසින් කිසිසේත්ම විශ්වාස කිරීමට අපහසු අන්දමේ සොයාගැනීමක් කරනු ලබනවා. එනම්, ඔවුන්ට ඉතාමත් සුළු දුරක් ඔබ්බට වන්නට, ජීවය පැවතීමට ඉහළ සම්භාවිතාවක් පැවතිය හැකි ග්‍රහලොවක් තිබෙන බව සොයාගැනීමයි. කෙතරම් සූක්ෂම ලෙස සොයා බැලුවත් ඔවුන්ට මෙය මීට පෙරාතුව හමුනොවූයේ මන්ද? මෙතරම් කාලයක් මෙම ග්‍රහලෝකය සියලු දෙනාගෙන්ම සැඟවී පැවතියේ කෙසේද? පිළිතුරු අනුමාන කළ නොහැකි ප්‍රශ්න සමුදායක්. අවසාන තීරණය ලෙස, යානාවේ දෙවැනි නිලධාරිවරයාගේ බලවත් විරෝධය ප්‍රතික්ෂේප කරමින්, නාදුනන ග්‍රහලොව වෙත මිනිසුන් සහිත ගොඩබැස්සවීමේ යානාවක් පිටත්කර හරිනවා.

සුන්දර ලෝකයක්… බැලු බැලු දසත දිස් වූයේ ඝන වනාන්තර පමණයි. පිරිසිදු නැවුම් වාතය. ඔවුන් සොයමින් පැමිණියේ මෙවැනි ආකාරයේ නව ලොවක්. ඉතිං කුමටද තවත් අවුරුදු හතක කාලයක් අභ්‍යාවකාශය තරණය කරමින් වෙනත් ලොවක් සොයා යන්නේ? අහෝ, කෙතරම් සුන්දරද… නමුත්, මේ සුන්දරත්වයෙන් වසාගෙන තිබෙන්නාවූ ඇඟ කිළිපොලා යන්නාවූ රුදුරු බිහිසුණු බව පිළිබඳව අංශු මාත්‍රයක් හෝ ඔවුන් දැනගත්තා නම්, මෙම ග්‍රහලොව ලෙස බැල්මක් හෝ හෙලන්නට පෙර ඔවුන් දහස් වතාවක් කල්පනා කරන්නට තිබුණා. නමුත්, ඔවුන්ගේ දෛවය ලියවී තිබුනේ වෙනස්ම ආකාරයකට. කිසිඳු පිළිසරණක් නොමැතිව, නන්නාදුන බිහිසුණු ලොවක අතරමං වූ ගවේෂකයින්ගේ ඉරණම කුමක් වේද? නොසිතූ මොහොතක ඔවුන්ගේ සහයට පැමිණි අමුතු මිනිසා කවුරුන් වේද? අවසානයේ, කී දෙනෙකුට තම ජීවිතය ගලවා ගැනීමට වාසනාව ලැබේවිද? සියල්ල ඔබ සැමට භාරයි.

වර්ෂ 2017 මැයි මස 4 වෙනිදා… මුළු ලොවම චිත්‍රපට ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් පුන පුනා බලා සිටි දිනයක් යැයි කිවහොත් මුසාවක් නොවෙයි. විශේෂත්වය තමයි, වර්ෂ 1979 දී ප්‍රථම වතාවට ආරම්භ වූ Alien චිත්‍රපට මාළාවේ නවතම චිත්‍රපටය නිළ වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුනේ එදිනටයි. එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසයේදී පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් බිහිවෙන්න ඇති. නමුත්, මෙම Alien චිත්‍රපට මාළාව තරම් ප්‍රේක්ෂක අවධානය දිනාගත්, ආදායම් අතින් සාර්ථක වූ, පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට මාළාවක් නම් තවමත් බිහිවී නොමැත. නමුත්, පෙර චිත්‍රපට වලට සාපේක්ෂව, මෙවර චිත්‍රපටයේ සුළු පසුබෑම් තත්වයක් පෙන්නුම් කර තිබෙන බව පිළිගත යුතුයි. ඇමරිකානු ඩොලර් මිලියන 97ක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම චිත්‍රපටය, මෙම සටහන ලියවෙන මොහොත වනවිට බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 232ක මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම, IMDB දර්ශකයේ 6.8 ක අගයකින්ද, Rotten Tomatoes හි71% ක මනාප ප්‍රතිශතයක්ද, Google පරිශීලකයන්ගෙන් 80% ක මනාප ප්‍රතිශතයක්ද ලබාගෙන තිබෙනවා. පෙර චිත්‍රපට හා සංසන්දනයේදි, අදායම් මුදල සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ අඩුවීමක් තිබෙනවා තමයි. හැබැයි මගේ මතය අනුව නම් ඉතාමත් හොඳ කතා තේමාවක් අන්තර්ගත වෙනවා. පෙර චිත්‍රපට පරිදිම මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Alien (1979)Blade Runner (1982),Gladiator (2000)Hannibal (2001)Black Hawk Down (2001)American Gangster (2007),Robin Hood (2010)Prometheus (2012)Exodus: Gods and Kings (2014)The Martian (2015) ආදී අති විශ්ෂ්ට නිර්මාණ රාශියක් ලොවට දායාද කරමින්, මේ වනවිට සිය ජීවන මංපෙතෙහි අසූවන කඩයිම පසුකරමින් සිටින Ridley Scott විසිනි. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, Jonah Hex (2010)X-Men: First Class (2011)Prometheus (2012)X-Men: Days of Future Past (2014)Steve Jobs (2015)X-Men: Apocalypse (2016)Assassin’s Creed (2016) ආදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි, Michael Fassbender සහ, Steve Jobs (2015),Fantastic Beasts and Where to Find Them (2016) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි සුරූපීKatherine Waterston විසිනි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | SD | SPARKS | 810 MB |

92DD917073D4EB9FE259AE8C533F3AE600C79F8F

| Bluray | x264 | 720p | YTS | 916 MB |

AD1BD0E33F10696D3AC6F26A387FCBFB6F6BABE9

| Bluray | x264 | 1080p | YTS | 1.88 GB |

3B759F75517C209DA21365DEC92F43335B677E68

Direct Download

| Bluray | x264 | 480p | 220 MB |

  

| Bluray | x264 | SD | 810 MB |

  

| Bluray | x264 | 720p | 570 MB |

  

| Bluray | x264 | 1080p | 1.88 GB |

  

| Bluray | x265 | 720p | 650 MB |

  

| Bluray | x265 | 1080p | 1.28 GB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

8 thoughts on “Alien: Covenant (2017) | ජීවය සොයා බිහිසුණු ලොවක් කරා…! – Bluray Updated . . . !

    • July 21, 2017 at 6:58 pm
      Permalink

      Link Aluth kala

      Reply
  • July 9, 2017 at 2:35 pm
    Permalink

    මේකේ සබ නැද්ද

    Reply
    • July 21, 2017 at 6:58 pm
      Permalink

      Sub dila thiyenne

      Reply
  • August 6, 2017 at 6:03 pm
    Permalink

    බොහොම ස්තුත්යි

    Reply
  • August 15, 2017 at 10:12 am
    Permalink

    Torrent Aken bawnload karann den nane broo…

    Reply
    • August 16, 2017 at 6:30 am
      Permalink

      හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *