Aanandam (2016) | ජිවිතේම වෙනස් කරපු චාරිකාව

ඔන්න මම ඉදලා ඉදලා සුපිරි මලයාලම් චිත්‍රපටයක් ගෙනාවා. ෆිල්ම් එක තමයි Aanandam මේකේ අපි මලයාලම් ෆිල්ම් වල ගොඩක් දකින කට්ටිය නම් නෑ. IMBD අගය 7.2 ලබාගෙන තියෙනවා ෆිල්ම එක කරලා තියෙන්නෙ අලුත් අධ්යික්ශකවරයෙක් ඒක වෙන්න ඇති සමහරවිට අලුත් මූණු ටිකක් ගේන්න ඕනි කියලා හිතන්න ඇත්තේ. නමුත් මම වගකිමෙන් කියනවා මේක සුපිරි ෆිල්ම් එකක්. IMBD අගය බැලුවමත් ඒක පේනවනේ, වැඩිය කතා ඕනි නෑ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.

මේ ෆිල්ම් එක කැම්පස් එකක ලමයි සෙට් එකක් ගැන තමයි තියෙන්නෙ. කැම්පස් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ  කොල්ලො කෙල්ලොන්ට ඉතිං පාසල් ජිවිතේ වගේම අමතක කරන්න බැරි කාලයක් තමයි කැම්පස් කාලේ කියල කියන්නෙ. ඒ කලෙත් යන බැජ් ට්‍රිප් එක තමයි ඉගෙන ගන්න එකෙන් අයින් වෙලා විනොදවෙන්න පුලුවන් නියම ආතල් එක. මේ කතාවෙත් තියෙන්නෙ කැම්පස් ලමයි කට්ටියක් යන බැජ් ට්‍රිප් එක් ගැන තමයි එත් මට වෙලාවකට හිතුනා මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ ඉන්දියාවේ සමහර නගර ගැන ඉස්මතු කරන්නද කියලත්. එහෙම පොඩි එකක් තිබ්බට මේකේ තියෙන්නෙ කැම්පස් කාලේ ආදරය , යාලුවෝ ගැන ඒවගේම හැමදාම දේශන වලදි අපිට බනින්න හදන සමහර මහාචාර්යවරු පිටින් බැලුවම එහෙම නෑ කියලා දැනෙන කතාවක්.

මේ ෆිල්ම් එක ගොඩ නැගෙන්නෙ චරිත කිහිපයක් වටා අක්ශේ , ගෞතම්, කුප්පි, වරුන්, දියා, දේවිකා, චාකෝ සර් ඒවගේම ලව්ලි මිස් ,ඔව් ඔව් මිස්ගේ නම වගේම වැඩත් ලව්ලි අක්ශේ කියන්නෙ බයගුල්ලෙක් ,ගෞතම් කෙල්ලට පණ බයයි, කුප්පි කියන්නේ ආතල් පොරක්, වරුන් කියන්නේ සීරියස් කෙනෙක් හැමදෙම පිලිවෙලට කරන්නෙ දියයි, දේවිකායි හුරුබුහුටියි චාකෝ සර් කාරයා නම් ෆයර් වෙච්චගමන් ඉන්නේ ලව්ලි මිස් නම් ලව්ලිම තමයි. මෙයාල ඔක්කොම බැජ් ට්‍රිප් එක යනවා. වැඩේ ප්ලෑන් කරන්නේ වරුන් තමයි. HOD අහපුගමන් මුලු බැජ් එකම එකහෙලාම වරුන් තමයි වැඩේ කරන්න ඕනි කියල යෝජනා කරනවා. ඒකට හේතුව වරුන් දෙයක් කලොත් සුපිරියට කරනවා මෙයාලට චාකෝ සර් බොන්න තහනම් කියලා නිතියක් දානවා. එකටත් කට්ටිය සෙට් වෙලා සුපිරි ප්ලෑනක් ගහනවා. එකෙන් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ බලන්නකෝ මොකක්ද ගේම කියලා.අක්ශේ තමයි මේ කතාවේ නායකයා ඒ වගේම දිය තමයි නායිකාව කතාව අක්ශේ හැමදේටම බයයි ඒත් දියා එහෙම නෑ අක්ශේ දියාට පණ ඇරලා ආදරේ කරනවා ඒ වුනාට ඉතින් බයගුල්ලෙක්ට කෙල්ලෙක් ආදරේ කරයිද? කතාව බලලා හොයාගන්න වෙන්නෙ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 400MB |    

57932adfd7342f9291ce8a48b1de2c9dffbdf4ad

| DVDRip | x264 | 1CD | 700MB |    

8d28132a28b5459ddb29a414a7e431e5b4c41f65

| DVDRip | x264 | 720p | 1.2GB |    

dc0d54aaddcfe76df2ac1feb9f6859ed23904ce2

Direct Download

| DVDRip | x264 | 480p | 396MB |         

| DVDRip | x264 | 1CD | 700MB |            

| DVDRip | x264 | 720p | 1.2GB |            

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!