Taxi Driver (1976) | නිව්යෝක් ටැක්සි පදවන්නා (18+)

IMDb Rating 8.6/10 ලබාගෙන ලොව ජනප්‍රියම චිත්‍රපටි 250 අතුරින් 39 වැනි ස්ථානයේ රැදී තියන 1976 දී තිරගත වුන මේ අපූර්ව නිර්මාණය ඕනම හොලිවුඩ් නළුවෙක් ගේ සිහින  අධ්‍යක්ෂවරයෙක් වන. Cinema Veteran කෙනෙක් වන Martin Scorsese ගේ TAXI  DRIVER චිත්‍රපටියයි අද මම ඔයගොල්ලොන්ට දෙන්නේ.මෙය විශිශ්ට තිරරචකයකු වන Paul Schrader ගේ තිරරචනයකි. Robert De Niro , Jodie Foster , Cybill Shepherd මෙහි ප්‍රධාන රOගනයෙන් දායකවන මේ චිත්‍රපටියේ කතාව මෙහෙමයි..

වියට්නාම් යුද්ධයෙදි මැරීන් සෙබලෙකු වු ට්‍රැවිස් බිකල් නම් පුද්ගලායට යුධ සේවයේ නිරතවිමේ අනිටු ප්‍රතිඵලයක් ලෙස රාත්‍රි කාලයේදි නින්ද නොයයි.. මේ නිසා ඔහු රාත්‍රි ටැක්සි සේවයකට බැදෙයි..යුධ පසුබිමක සිටි ඔහුට සාමානය සමාජයට හුරු වීම තරමක් අපහසු වෙයි.. මෙහිදී ඇමෙරිකාවේ රාත්‍රි සමාජයහී දූශිත බව මැනවින් දැකගත හැකිය. ඔහු මෙය පිලිකුල් කරයි.. මේ අතරතුර ඔහු යම් කාන්තාවකට ප්‍රේම කරන්නට පෙලබෙයි. ඇය එකල ජනාධිපතිවනය සදහා පිහිටවා තිබු මැතිවරණ කාර්යාලයක සේවය කරයි.. දිනක් ඔහු කිසිදු පැකිලිමකින් තොරව එම කාර්යාලයට ගොස් කතා කර ප්‍රේමයට මුල පුරයි.සමහරවිට ඔහු එතරම්ම forward වන්නේ ඔහු එතරම්ම සමාජයට අනුගත නොවන නිසා වන්නට පුලුවනි. කෙසේ හෝ ඇය ඔහුට කැමති වෙයි. පසුව ඇය සමග චිත්‍රපටියක් බලන්නට යන්න ආරාධනා කරන ඔහු ඇයව අසභය චිත්‍රපටියක් නැරඹිමට රැගෙන යයි.. මෙහෙදී ඇය ඔහුව පිලිකුල් කර එතනින් ඉවත්ව යයි. නමුත් මෙහිදි ඇත්තටම සිදුවන්නේ ඔහු නිසි ආකාරව සමාජ ගතවී නැති නිසා ප්‍රේමනීය අවස්ථාවට සුදුසු දේ තෝරා ගැනීමට ඔහුට නොහැකි වීමයි. පසුව ඇය ඔහු දිගින් දිගටම ප්‍රතික්ශේප කරයි.

මේ අතරතුර එකල රාත්‍රි සමාජය කෙතරම් දූශිතද යන්නට මනා උදාහරණ මේ සිනමාකරුවා අප වෙත ගෙන එයි.. මෙහිදි ට්‍රැවිස් හට ඔහු මෙතෙක් කල් දැකපු දර්ශන අතරේ අමුතු දෙයක් දකියි. ඒ වයස අවුරුදු 12 ක ගණිකාවකි… එසේම ඔහු තවත් අපුරු සිද්දියකට මුහුණ දෙයි… ඒ තම පෙම්වතිය සේවය කරන ජනාධිපති අපේක්ශකයා ඔහුගේ ටැක්සියට ගොඩ වීමයි.. මේ අතර ඔහු ආ‍යුධ කිහිපයක්ද මිලදි ගන්නවා.එවා විවිධ අයුරින් හසුරවන හැටි ඔහු පුරුදුවනවා. මේ දර්ශන සියල්ල ප්‍රේක්ශකයා අන්දමන්ද කරන අතර කුතුහලය වැඩිකරයි.

මේ අතර ඔහු අර වයස අවුරුදු 12 ක ගණිකාව නිතර දකිනවා. ඔහු ඇය සොයා යනවා.. ඇයට ඉන් මිදෙන්න තමන්ට උපකාර කල හැකි බව පවසනවා…. එමෙන්ම ඔහුගේ ටැක්සියේ ගිය ජනාධිපති අපේක්ශකයා ඝාතනය කිරීමට මොහු සැලසුම් කරනවා. ට්‍රැවිස් බිකල් නම් වු ව්ශ්‍රමික මැරීන් සෙබලා…. අවුරුදු 12 ක ගණිකාව මින් බේරාගනීවිද ? ජනාධිපති අපේක්ශකයා ඝාතනය කරාවිද?  එයට හේතුව කුමක්ද..? ඔහුගේ ප්‍රේමය නැවත ඔහුට ලැබෙවිද ? ඔහු ඇයට දිගටම ප්‍රේම කරාවිද ? මේ සියල්ලටම විසදුම් තියෙන්නේ ඔයගොල්ලො අතේ… බාගෙනම බලන්න… ඔබට ජීවිතයට යමක් ගත හැකි, සිතීමට යමක් ඉතිරි කරන සුවිශේශි නිර්මාණයකි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 800MB |    

2f24d4276c0cf6b59fccb156eb478f873979232e

| BluRay | x264 | 1080p | 1.4GB |    

2c8356952d3ab1f69b797eee6da8f5a8384c72a8

Direct Download

| BluRay | x264 | 480p | 450MB |          

| BluRay | x264 | 720p | 800MB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Taxi Driver (1976) | නිව්යෝක් ටැක්සි පදවන්නා (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!