Max Payne (2008) | පළිගැනීම

Max Payne කියන්නේ Microsoft ආයතනය එලි දක්වපු වීඩියෝ ගේම් එකක්. කොහොම හරි 2008 වර්ෂයේදී මේ ගේම් එක චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරනවා. බොහොම ආසාවෙන් බලපු එකක්.  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා Max Payne කියන්නේ.  Max ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg. නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන මැක්ස් ඇතුලු සගයින් නගරයේ සිදුවෙන අපරාධ නවත්තන්න ගොඩක් මහන්සි වෙනවා.  මැක්ස් පේන් කියන විශේෂ රහස් පරික්ෂකවරයා භාරව ඉන්නේ නොවිසඳුනු ගැටලු ඒකකයේ විසඳන්න බැරි දේවල් විසඳීම සම්බන්ධවයි. වැඩ කරන සගයින් කියන්නේ මොහුගේ මේසයට කාටවත් විසඳගන්න බැරි වුන ප්‍රශ්ණයක් ගෙනත් දැම්මොත් ඒක විසදුණා කියලා හිතාගන්න කියලයි. නමුත් මැක්ස්ගේ බිරිඳ හා දරුවා ඝාතනය කරලා අවුරුදු 3ක් ගියත් මැක්ස්ට ඒ ගැටලුව නම් ලෙහාගන්න බැරි වෙනවා. කොහොම හරි මැක්ස් අවුරුදු තුනක් තිස්සෙ මේ පරික්ෂණය කරනවා. හෝඩුවාවක් පස්සේ යද්දී හමුවෙනවා තරුණියක්. මේ තරුණිය එදා රාත්‍රියේ ඝාතනය වෙනවා. ඉතින් අන්තිමට තරුණිය දැකලා තියෙන්නේ මැක්ස් හින්දා, පොලිසිය ඇතුලෙම අය ඔහුවත් සැක කරන්න ගන්නවා.

ඒ අතරවාරයේ තවත් මියයාම් රැසක් සිදුවෙනවා. මේ අය මැරෙන්නේ යම් කිසි විශේෂ මත්ද්‍රව්‍යයක් නිසා. ඔහුට සහයට පැමිණෙන මැක්ස්ගේ පරණ සඟයාත් ජීවිතයෙන් වන්දි ගෙවනවා. ඉතින් මේ හැම ඝාතනයක්ම මැක්ස්ගේ කර පිටින් යන්න ගන්නවා. කොහොම හරි හෝඩුවවාක් හොයාගෙන මේ මත්ද්‍රව්‍ය පසු පස හඹා යද්දී ඇසියර් කියන සමාගම මෙම සිද්ධිවලට සම්බන්ධ බව හොයාගන්න ලැබෙනවා. ඔවුන් සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමට නිපදවපු ඖෂධයක අතුරුඵල තමයි මේ විදිහට එලියට එන්නේ කියලා හොයාගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ?  මැක්ස් පෙයින්ගේ බිරිඳව මැරුවේ කවුද? ඇය මේ ආයතනයේ කල රැකියාව මොකක්ද? හැම දෙයක්ම දැනගන්න චිත්‍රපටය බලන්න.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 650MB |    

cd25976d8acd80f78f365c09b6db26c9018f300f

| BluRay | x264 | 1080p | 1.5GB |    

93fed1c2a2540e0ef6df0e0a09033d465f02fbbc

Direct Download

  | BluRip | x264 | 480p | 350MB |        

  | BluRip | x264 | 720p | 770MB |          

 | BluRip | x264 | 1080p | 1.5GB |           

      අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!