Prityazhenie AKA Attraction (2017) | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා Bluray Update

Action, Sci-Fi, Romance, Drama යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජනවාරි මස 26 වෙනි දින, රුසියානු භාෂාවෙන් නිකුත්වූ මෙම සලරුව, ඇමරිකානු ඩොලර් මිලියන 6.3 ක බරපැනක් දරමින් නිෂ්පාදනය කරමින්, ඇමරිකානු ඩොලර් මිලියන 18.4 ක බොක්ස් ඔෆිස් ආදායක් වාර්තාවක් පිහිටුවීමට සමත්විය. චිත්‍රපටය සඳහා යොදාගෙන තිබෙන තාක්ෂනය ගැන පවසනවා නම්, සැබවින්ම ඔබ පුදුමයට පත්වේවි, හොලිවුඩ් පුරවරයෙන් පිටත මෙතරම් අතිශයින් දියුණු තාක්ෂයන් භාවිතා කරමින් චිත්‍රපට නිපදවෙනවාද කියා. එතරම් ඉහල මට්ටමේ දියුණු තාක්ෂණයක් සමගින් චිත්‍රපටය ඉතාමත් තාත්වික ආකාරයෙන් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ වගේම, හැමදෙනෙක්ම වගේ පිටසක්වල ජීවින් හා ගෙතුණු චිත්‍රපට නරඹලා ඇති. නමුත් මාගේ වචනය විශ්වාස කරන්න. මෙවැනි වූ කතාවක් නම් ඔබ කෙදිනකවත් නරඹා නැති බව විශ්වාසයි. මේතාක් දුරට කාලයක් මුළුල්ලේ ඒකාකාරී ලෙස නිෂ්පාදනය වෙමින් පැවතුනාවූ පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට ඉතිහාසයේ නව දොරටුවක් විවර කරමින්, සැබවින්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ප්‍රේක්ෂකයා හට තිලිණ කර දෙනු ලබනවා.

මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්‍රහලොවක්. කෙසේ නමුත්, පසුගිය අවුරුදු පන්දහස ඇතුලතදී, මෙම රමණීය වූ පෘතුවි තලයෙන්, ප්‍රචණ්ඩකාරී මරණ බිලියනයක් පමණ වාර්තාවෙලා තියෙනවා. එමෙන්ම, එම කාල සීමාව තුලදීම, ප්‍රධාන හමුදා ගැටුම් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් සිදුවී තිබෙනවා. ඉදිරියටත් මේ ආකාරයෙන් සිදුවුවහොත්, ඉදිරි වර්ෂ හයසීයක කාල සීමාවක් තුලදී, මනුෂ්‍ය වර්ගයා මෙම පෘතුවි තලයෙන් සදහටම වියැකී යනු ඒකාන්තයි.

තවත් එක්තරා සාමාන්‍ය දවසක්. නමුත් රුසියාවට නම් එහෙම නැහැ. වර්ෂ ගණනාවකට පසු, දුර්ලභ වූ උල්කා වර්ෂාවක් ඇද හැලෙන්නාවූ දිනය අදයි. නමුත්, කිසිවෙකුත් නොසිතූ විරූ අයුරින්, සුළු නිමේෂයකින් සියල්ලම උඩු යටිකුරු වෙනවා. හදිසියේම හඳුනා නොගත් යාත්‍රාවක්, පෘතුවි කක්ෂයට ඇතුල් වෙනවා. කිසිසේත්ම හඳුනාගත නොහැකි මෙම අබිරහස් යාත්‍රාව හේතුවෙන් සමස්ත ලෝකයාම කම්පාවී යනවා. කෙසේහෝ, අවසානයේ ප්‍රහාරක යානා යොදවා, මෙම අබිරහස් යානාවට ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. මෙම ප්‍රහාර හමුවේ අසරණ වන අබිරහස් යාත්‍රාව, ජීවිත සිය ගණනක් අහිමි කරමින් සහ ගිණිය නොහැකි තරමේ දේපල හානියක් කරමින්, රුසියාවේ මොස්කව් අගනගරයට කඩා වැටෙනවා. මෙම සිදුවීමත් සමගින් සමස්ත ලෝකයාගේම ඇස යොමුවන්නේ රුසියාව කෙරෙහියි. කුමක්ද මේ අභිරස් යාත්‍රාව? මෙය පිටසක්වල යානාවක්ද, නැතහොත් වෙනත් රටකට අයත් වන්නාවූ පර්යේෂණ අත්හදාබැලීමක්ද? මෙම අබිරහස් යානාව ඇතුලේ සිටින්නේ කවුරුන්ද? ලැබුණු පිළිතුරු වලින් සියලු දෙනාම පුදුමයට පත්වුනා. ඒ ආකාරයටම, සැබවින්ම ඔබත් පුදුමයට පත්වෙනු ඒකාන්තයි…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 950MB |    

D3CEE59B5DD16C1B2CBB6136DB8C5F808AF1B338

Direct Download

  | BluRay | x264 | 480p | 450MB |        

  | BluRay | x264 | 720p | 950MB |       

  | BluRay | x265 | 720p | 772MB |        

    අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Prityazhenie AKA Attraction (2017) | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා Bluray Update

  • February 18, 2019 at 21:24
    Permalink

    Pleas Me Movie Eke Link Update Karannako Openload Links Tika..
    Ekakvath Weda Nee…
    😫😫😭😭😭😭

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!