A Violent Prosecutor (2016) AKA Geom-Sa-Oe-Jeon | සාහසික අභිචෝදක.

මේකත් 2016 වර්ෂයේ ආපු හොඳම කොරියානු චිත්‍රපටි අතරින් එකක්.මොකද කියනවනම් මේ චිත්‍රපටිය 2016 පෙබරවාරි 3 තිරගත කරලා.. ඇමරිකානු ඩොලර් මිලියන 66 කට ඉහළ ආදායමක් උපයාගෙන තියෙනවා.crime/comedy ගනයට අයත් වෙන  මේ චිත්‍රපටියට imdb 6.6 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා.කතාව ගැන කිව්වොත් මෙහෙමයි..

බ්යුන් ජේ වුක් (Hwang Jung-min) කියන්නෙ ඉක්මණට තරහ යන ඇත්ත වෙනුවෙන් විතරක් වැඩ කරන අභිචෝදක කෙනෙක්.ඒ කියන්නෙ සැකකාරයින්ගෙන් ප්‍රශ්න කරන කෙනෙක්.මෙයාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පරීක්ෂණ කරද්දි දරුණුවට සාහසිකව  හැසිරෙන නිසා.ඒ කියන්නෙ ඇත්ත දැනගන්න සැක කාරයින්ට හොඳට ගහනවා.. ඉතින් වතාවක් මෙයා එහෙම ප්‍රශ්න කරපු සැක කාරයෙක්ව ඊළඟ දවසෙ උදේ මැරිල ඉද්දි හම්බෙනවා.සේරම සාක්ෂි තියෙන්නෙ මේ බ්යුන් ජේ වුක් අභිචෝදක තමයි මිනී මරුවා කියන විදියට.මෙයා ඒ ඝාතනය කරපු නැති බව ඔප්පු කරන්න උත්සහ කරත් අවු 15 ක හිර දඬුවමක් ලැබිල තමයි නවතින්නෙ. මුල් කාලෙදි මෙයාට හිරේ ඉන්න අනිත් හිර කාරයින්ගෙන් කරදර වෙනවා.ඒත් පස්සෙ හිරේ නිලධාරීන් කීප දෙනෙක්ට නඩු වලින් ගැලවෙන්න උපදෙස් දීලා හිර ගෙදර විශේෂ තැනක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා.මෙයා නිලදාරීන්ට විතරක් නෙමෙයි හිර කාරයින්ටත් එයාගෙ දැනුමෙන් සහ අත්දැකීමෙන් නීතියෙන් තියෙන ප්‍රශ්න වලට උදව් කරනවා.සමහර අය හිරෙන් පවා නිදහස් වෙලා යනව එයාට පිං සිද්ද වෙන්න.මේ හින්ද හිර කාරයොත් එයාට ගෞරවෙන් වැදගත් විදියට සළකනවා.

අවුරුදු පහක් ඔහොම ගියාට පස්සෙ.. ඔය හිර ගෙදරටම වංචාකාර කපටි තරුණ කොල්ලෙක් එනවා හන් චී වොන් (Kang Dong-won)කියලා.මිනිහා රට ඉදන් ආව කියල කෙල්ලන්ව රවට්ටලා ගාන කඩා ගන්න පොරක්. අර ඇතුලෙ නීතීඤ්ඤතුමාගෙ නඩුවට හේතු වුණ සිද්දි සහ විස්තර වගයක් මේ කොල්ලා දන්නවා. ඉතින් බ්යුන් ජෙ වුක් මේ කොල්ලට එයාගෙ සැලැස්ම කියල දෙනව එළියට ගියාම කරන්න ඕනෙ දේවල් ගැන.උගන්නනවා. ඒ වෙනුවට කොල්ලව ඉක්මණට හිරෙන් එළියට නිදහස් කරවනවා.සැලැස්ම තමයි බ්යුන් ජේ වුක්ව මිනී මැරුමට අහු කරපු උන්ව අල්ලගන්න එක.ඒ තමයි මහ සභාවට ඡන්දෙ ඉල්ලන්න ලෑස්ති වෙන හිටපු අභිචෝදක ප්‍රධානී වගේම ජේ වුක්ගෙ ලොක්කා වෙන Jong-Gil (Lee Sung-min). ඉතින් මේ කොල්ලා එළියට ගිහින් ජේ වුක්ට උදව් කීපයක් කරල මාරු වෙන්න හදනවා.ඒත් වැඩේ හරියන්නෙ නැති නිසා.. උදව් කරන්න තීරණය කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay| x264 | 720p | 800MB |    

65c4a95463be47d3f4c097db5905aad00fb731ae

| BluRay| x264 | 720p | 1.1GB |    

2d47395e33558c0680c22e82dfa983b58a2a88c4

Direct Download

| HDRip | x264 | 480p | 376MB |         

| HDRip | x264 | 720p | 800MB |         

| BluRay | x264 | 720p | 800MB |         

| BluRay | x264 | 720p | 1.6GB |         

| HDRip | x265 | 720p | 585MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “A Violent Prosecutor (2016) AKA Geom-Sa-Oe-Jeon | සාහසික අභිචෝදක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!