The Ghazi Attack (2017) | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!!

The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම සදහා විෂාකපට්නම් වලට යාමේදි ඉන්දීය සබ්මැරීනයක් වන S-21 විසින් පහර කා විනාශ වන ආකාරය තමයි.

ඒ වුනත් පකිස්තානු නාවික හමුදා කියන්නෙ Ghazi විනාශ වෙලා තියෙන්නෙ එහි සිදු වූ පිපිරීමකින් හෝ මුහුදු බෝම්බයකට හසු වීම නිසා කියලා. කොහොම වුනත් අවසානයෙ ඉන්දියාව Ghazi විනාශ කරපු එකට ලකුණු දාගත්තා. ඒ කොහොම වෙතත් චිත්‍රපටියෙත් කියවෙනවා Ghazi ට සමාන කරන්න ඉන්දියාවෙ ඒ කාලෙ කිසිම සබ්මැරීනයක් තිබුනෙ නෑ කියලා. ඉතින් මට හිතෙන්නෙ පාකිස්තානු නාවික හමුදා කියන කතාව ඇත්ත වෙන්න ඇති කියලා. මොකද ඒකට හේතුව Ghazi ගෞරව සම්මාන දිනපු සබැරීනයක්. හැබැයි පකිස්තානයෙ කතාව බොරු වෙන්නත් පුළුවන්. ඒකට හේතු තියෙනවා. PNS Ghazi කියන්නෙ Tench-class diesel-electric සබ්මැරීන් එකක්. ඒවගේම දිගින් 95m. වේගය මතුපිටදි නාවුක සැතපුම් 20.25යි. ජලය යටදි නාවුක සැතපුම් 8.75 යි. ඒ වුනත් පරික්ෂා කර ඇති ගැඹුර 120m යි. INS Karanj(S21) කියන්නෙ Kalvari-class සබ්මැරීන් එකක්. ඒ කියන්නෙ ඉන්දියාවට හදුන්වලා දුන්න මුල්ම සබ්මැරීන් වර්ගය. දිගින් 91.3m වෙනවා.මතුපිටදි වේගය නාවුක සැතපුම් 16 යි. ජලය යටදි වේගය නාවුක සැතපුම් 15 යි. පරික්ෂා කර ඇති ගැඹුර 250m.

ඔය ඉහලින් කියපුවා දිහා බැලුවම INS Karanj(S21) සබ්මැරීනය PNS Ghazi ට වඩා ජලය තුලදි වේගවත් වගේම ලොකු ගැඹුරක කිමිදෙන්න හැකියාව තියෙනවා. ඔය වගේ වාසි වලින් PNS Ghazi සබ්මැරීනය ඉන්දියානු සබ්මැරීනය විසින් විනාශ කලා කියලා කාට හරි හිතෙන්න පුළුවන්. අනේ මංදා ඉතින්.කතාව දිහාට හැරුනොත් පකිස්තානය සැලසුමක් හදනවා INS වික්‍රාන්ත් කියන ඉන්දියානු යුධ නැව ගිල්වලා දාන්න. ඒකට හේතු තියෙනවා. ඒ ඔවුන්ගෙ සැපයුම් බටහිර පකිස්තානයේ ඉදන් නැගෙනහිර පකිස්තානයට යවන්න තියෙන එකම විදිහ මුහුදු මාර්ගය වුනත් ඒක මේ යුධ නැව ආරක්ෂා කරගෙන ඉන්න නිසයි. ඒ වෙනුවෙන් තමා පකිස්තානය කැප්ටන් රසාක් සමග Ghazi සබ්මැරීනය දියත් කරන්නෙ. ඔය අතරෙ ඉන්දියාව ‘Operation Sea-Sight’ කියලා මෙහෙයුමක් දියත් කරනවා. ඒ කැප්ටන් රන් ව්ජේ සිංගෙ අණ යටතෙ තියෙන S-21 සබ්මැරීන් එකෙන්. මේ මෙහෙයුම නිරීක්ෂණ මෙහෙයුමක් විතරයි. ඒත් මගදි වෙන සිදිවීම් හේතුවෙන් එය වෙනස් වෙනවා. ඉතින් ඔයාලම ඒක බලන්න. IMDb දර්ශකයෙ 8.4/10 අගයකින් සැරසුන Sankalp Reddy ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ සිනමාපටයෙ කැප්ටන් රන් විජේ සිං ලෙසින් Kay Kay Menon ද, ලෙෆ්ටිනන් කමාන්ඩර් අර්ජුන් වර්මා ලෙසින් Rana Daggubati වගේම තවත් ඉතා ප්‍රසිද්ධ නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 476MB |    

4be54806beca694d1463576812bcec0c02d15cc9

| HDRip | x264 | ESUB | 741MB |    

7b0c8cb2a8df70f6eea38ada851bb46b1e033b4a

| HDRip | x264 | 720p | 1.4GB |    

10bdcfc32d2dfc7a545a8e7ad35f9d77ed5cb1b8

Direct Download

| HDRip | x264 | 480p | 476MB |          

| HDRip | x264 | ESUB | 741MB |       

| HDRip | x264 | 720p | 1.21GB |               

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “The Ghazi Attack (2017) | ගැඹුරු මුහුදේ නොදුටු යුද්ධය!!

  • April 4, 2017 at 12:18 am
    Permalink

    http://www.TamilRockers.cx – The Ghazi Attack (2017) Tamil (Original) v3 HDRip – x264 – 700MB

    මෙන්න මේකට සබ් එක ගැලපෙන්නේ නෑ සහෝ

    Reply
  • April 5, 2017 at 11:58 am
    Permalink

    sub ekata galapena link eka mokakda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *