Split (2016) | මිනිස් මනසක අරක්ගත් අති බිහිසුණු මෘගයා

මිනිසා කියන්නෙ හරිම පුදුමාකාර නිර්මාණයක්. අපේ පැරණි කටවහරක් තියෙනවා, මිනිසා කියන්නෙ කාලා බලලාවත් තේරුම් ගන්න බැරි සත්වයෙක් කියලා. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ මොහොතකට කලින් ඉන්න මිනිසා නෙමෙයි තවත් මොහොතකින් ඉන්නෙ. මම මෙහෙම කියන්නම්. සමහරවිට අපිට කේන්ති ගියාම අපි කියනවා, “මගේ යකා අවුස්සගන්න එපා” කියලා. ඔබ මොහොතකට හෝ හිතුවද ඇයි ඔබ එහෙම කියන්නෙ කියලා. නැහැ නේද? සත්‍ය තමයි, අපිටත් නොදැනී, අපේ ශරීරයේ යක්ෂයෙක් ජීවත්වෙනවා. “කේන්තිය’ නම් වූ චිත්තවේගය මූලික කරගනිමින්, අපේ ශරීරයේ ගැඹුරු ආත්මයේ නිද්‍රෝපගතව වෙසෙන්නාවූ “යක්ෂ ආත්මය” අවදි වෙනවා. ඔබ කිසිදා තේරුම් නොගත්, සරල සත්‍ය එයයි. පොඩ්ඩක් ඉන්න…ඔබ විශ්වාස කරනවද, සමහර පුද්ගලයින්ගේ ශරීරයේ ඒ ආකාරයේ තවත් ආත්මයන් කිහිපයක්ම ඉන්නවා කියලා මම ඔබට කිව්වොත්?

තම උපන්දින සාදය අවසානයේ, සිය පියා සහ යෙහෙලියන් දෙදෙනෙකු සමගින් නිවස කරා ගමන් කිරීමට සූදානමින් සිටින්නාවූ තරුණියක්…නොසිතූ මොහොතක, මේ තරුණියක් තිදෙනා සිහිසුන්කොට පැහැරගන්නා තරුණයෙක්…තමන් සිටින්නේ කොහෙද, තමන්ව පැහැරගත්තේ කවුරුන් විසින්ද, තමන්ගේ ඉදිරි අනාගතය කෙසේ ලියැවී ඇත්ද…මේ ආදී දහසක් ප්‍රශ්න මධ්‍යයේ, අනේක විදි දුක් කම්කටොලු වලට මුහුණ දෙමින්, කාමරයක සිරකොට තබන්නාවූ නව යොවුන් තරුණියන් තිදෙනාගේ අවාසනාවන්ත ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද? සමහරවිට ඔබ හිතාවි, මේ ආකාරයේ චිත්‍රපට ඔබ කොතෙකුත් නරඹලා ඇතිද කියා. නැහැ, ඔබ වැරදියි. කිසිම දිනෙක ඔබ මේ ආකාරයේ චිත්‍රපටයක් නරඹා තිබෙන්න හැකියාවක් නැහැ. තවත් සමහරු හිතාවි, මේ චිත්‍රපටය නීරස, කම්මැලි චිත්‍රපටයක් කියලා. මගේ වචනය විශ්වාස කරන්න, ඔබටත් නොදැනීම, ඔබව භීතියෙන් කිලිපොලා යාවි.

Horror, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් 2017 වර්ෂයේ ජනවාරි මස 20 වෙනි දින නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය ආරම්භ කල චිත්‍රපටයක්…ඇමරිකානු ඩොලර් මිලියන නවයක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූද, මේ සටහන ලියවෙන මොහොත වෙනවිට, 2017 වර්ෂයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් හිමිකරගත් චිත්‍රපට ලැයිස්තුවේ දහවෙනි ස්ථානය හිමිකර ගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 265.4 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සතුකරගෙන ඇති චිත්‍රපටය…මේ වන විටත්, අසූ හයදහස ඉක්මවූ ප්‍රේක්ෂක ජනතා මනාපයෙන් Imdb දර්ශකයේ 7.4 ක ඉහල අගයකින් සමන්විත වන විශිෂ්ඨ සලරුවක්…X-Men: Apocalypse (2016), Victor Frankenstein (2015), X-Men: Days of Future Past (2014), X-Men: First Class (2011) යනාදී ප්‍රකට චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ඔබ සැම හමුවට සපැමිණි, සම්මානනීය රංගධර, James McAvoy ගේ අති විශිෂ්ට රංගනයෙන් ඔපවත්වී, London Film Critics’ Circle සහ Saturn Awards යන සම්මාන උළෙලවල් හිදී, සම්මාන තුනක් සඳහා නිර්දේශ වී ඇති සුවිශේසී නිර්මාණයක්


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HC HDRip | x264 | 720p | 1GB |    

8193DFB7CE84147DEE4CCED1D1CF8F8DB5358082

| HC HDRip | x264 | 1080p | 1.60GB |    

55EFE0F46E14434AD804986FE13D2160BB9A0ABE

| HC HDRip | x264 | 720p | 788MB |    

7cd56208970d07e8d2eb00a8fbe22db0d179f38e

Direct Download

  | HC HDRip | x264 | 720p | 1GB |        

      අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!