Below (2002) | ශාපලත් සබ්මැරීනය

ෆිල්ම් එක ගැන කියනව නම්, මේ ෆිල්ම් එක 2002 වසරේ තිරගත වුණු ඇමෙරිකනු ෆිල්ම් එකක්. ෆිල්ම් එක මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2002 වසරේ ඔක්තෝබර් මාසෙ 18 වෙනිදා ඇමෙරිකාවේදී. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ The Arrival (1996) | Pitch Black (2000) | Riddick (2013) සිනමා නිර්මාණ වලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු David Twohy විසින්.තිර පිටපත නිර්මාණ කරල තියෙන්නෙ Lucas Sussman, Darren Aronofsky සහ David Twohy විසින්. රූගතකිරීම් සිදු කරල තියෙන්නෙ ඇමෙරිකාවේ මිචිගන්, ඉල්නොයිස් හා එංගලන්තයේ ලන්ඩන් වලදී. මේ සිනමාපටය ජර්මනියේදී Below – Da unten hört dich niemand schreien නමිනුත්, ප්‍රංශයේදී Abîmes නමිනුත් තිරගත කිරීම් සිදුකරල තියනවා. නිෂ්පාදනය Dimension Films සහ Protozoa Pictures සමාගම් දෙක විසින් තමා කරල තියෙන්නෙ. Horror | Mystery | Thriller ගණයන්ට අයත් වෙන ෆිල්ම් එකකට ලැබෙන ඉහළම IMDb අගයක් විදිහට සලකන්න පුළුවන් 6.2/10ක IMDb අගයක් මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. ඒ වගෙම මේ ෆිලම් එක තිරගත් වූ කාලය තුළ $605,562 ආදායමකුත් වාර්තා කරල තියනවා.
ඉතින් කතාව පැත්තට ගියොත් මිනිත්තු 105ක් පුරාවට ගලායන මේ සිනමාපටයෙන්, දෙවැනි ලෝක යුද්ධ සමයේදී අත්ලන්තික් සාගරයේ මුර සංචාරයේ යෙදුණු ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Tiger Shark නම් වූ සබ්මැරීනයක් සිටින පිරිසට මුහුණ දීමට සිදුවන අභිරහස් සිදුවීම් පෙළක් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්. කමාන්ඩර් බ්‍රයිස්ගේ නායකත්වය යටතේ අත්ලන්තික් සාගරයේ මුර සංචාරයේ යෙදෙන Tiger Shark සබ්මැරීනයට ජර්මානු සබ්මැරීන් ප්‍රහාරයක් එල්ලවුණු නැවකින් දිවි බේරාගත් පිරිසක් ගොඩවෙනවා. මේ සිදුවීමෙන් පස්සෙ තමයි අභිරහස් දේවල් සිද්ද වෙන්න පටන් ගන්නෙ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 791MB |    

35e8a6a9024ca779cdf185f286b428003432638d

| BluRay | x264 | 1080p | 1.62GB |    

2e275792ebc702c6d6c36d5cea50a23736b16bdb

Direct Download

| BluRay | x264 | 720p | 791MB |              

| BluRay | x264 | 1080p | 1.62GB |           

         ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *