Bad Asses (2014) | වයසක අමන පොරවල්…..(18+)

සුබ නව වසරක් වේවා යාළුවනේ, මගේ සිව්වැනි නිර්මාණයත් ඕන්න අරගෙන ආවා එහෙනම්. මේ බයිස්කෝපය ගැන මාව දැනුවත් කරපු විකී සහෝවත් මතක් කරන්න ඕනේ. මේක කොච්චර හොට් හොට් බයිස්කෝපයක්ද කියනවා නම් තාම IMDB rates වත් release වෙලා නැහැ ඕන්. මේකේ පළමු කොටස  මුලින් මෙන්න මෙතනින් සිංහල සබ් එක්කම අරගෙන බලන්න දෙවන කොටස බලන්න කලින්

මේ චිත්‍රපටිය ඇත්තටම 18+ ට වඩා 16+ට උණත් නරඹන්න පුළුවන්, අවුලක් නැහැ. මේ චිත්‍රපටිය පුරාම අසභ්‍ය වදන් රාශියක් තිබෙනවා. ලිංගික දර්ශන ඇතුළත් නොවුණත් නිරුවත් දර්ශනයක් ඇතුළත් වී තියෙනවා. මේ චිත්‍රපටියේ background එක ගැන යමක් පැවසුවොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්රෙග් මෝස්, ප්‍රධාන නළුවන් ලෙස Danny Trejo (machete (2010)machete kills (2013), Danny Glover (Saw 4, Lethal Weapon 1987) සහ ජකලයින් ඔබ්‍රඩොර් (Atlantis 2001) රංගනයෙන් දායක වෙලා තියෙනවා.

හොඳයි අපි එහෙනම් කෙළින්ම කතාවට බැස්සොත්, මේ නිර්මාණය දුවන්නේ ෆ්‍රෑන්ක් වේගා කියන වයසක අයියා කෙනෙක් වටායි. (අපි මෙයාට හැටේ අයියා කියමුකෝ). මෙයාට තියෙනවා බොක්සිං පුහුණු කරන මධ්‍යස්ථානයක්, ඒකෙ ඉන්න මෙයා ප්‍රියකරන ම ශිෂ්‍යයෙක් දවසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතින් මිය යනවා. ඉතින් මෙයා මේ කතාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොලකරුවන් පස්සෙ පන්නල උන් විනාශ කරන්න උත්සහ කරනවා. මෙහි ප්‍රධාන ජාවාරම් කරුවකු තමයි ඇඩෝල්ෆෝ හෙරේරා කියන පුද්ගලයා, ඒත් ඔහුටත් වඩා ප්‍රබලයෙක් ඉන්නවා ඒතමයි ඔහුගේ පියාණන්. God father කෙනෙක් කියලා කිව්වත් කමක් නැහැ. අන්තිමේදී අපි බලමු අපේ වයසක අයියට එම නපුරව පරාජය කරන්න පුළුවන්ද වෙයි කියලා. එහෙනම් යාළුවනේ නැවත අළුත් බයිස්කෝපයක් රැගෙන එන පොරොන්දුව පිට මම යනවා. ඔබට ජයෙන් ජය….!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 700MB | YTS |

Direct Download

BluRay | x264 | 720p | 700MB | YTS |

BluRay | x264 | 1080p | 1.2GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!