Batman Begins (2005) | ශ්‍රේෂ්ඨ අරමුණක වස්තුබීජය පිළිසිඳ ගැනීම.

ඇයි රොයිලි මේ වගේ ටිකක් පරණ එකකට උපසිරැසි දැම්මෙ? ඔයාලට එහෙම හිතෙනවා ඇති. හොඳයි ඒකට හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමා මේක ටිකක් අමුතු විදියේ, එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයක් වීම. මම මේ කියපු අමුතු විදියේ චිත්‍රපටි වලට උදාහරණ විදියට MementoInsomniaThe PrestigeInception වගේ චිත්‍රපට වල නම් කියද්දි කට්ටියට පැහැදිලි ඇතිනේ මම කියන දේ. 😛  අනික ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් වැඩි ප්‍රමාණයක් IMDB TOP 250 ඇතුලේ තියෙනවා.

එතකොට දෙවෙනි කාරණය තමයි ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළමුවෙනි කතාංගය වීම. මේකේ දෙවෙනි එක වෙච්ච The Dark Knight නම් මම මීට කලින් උපසිරැසි එක්කම දුන්නා. මීට මාස කීපයකට කලින් තිරගත වීම අරඹපු The Dark Knight Rises චිත්‍රපටයත් හොඳ කොපියක් ආපු ගමන්ම අපේ කවුරුහරි උපසිරැසි දෙන බව මම හොඳටම දන්න හින්දම සහ ඒ චිත්‍රපටියේ සමහර චරිත මේ චිත්‍රපටියේ තිබුණු, හා සම්බන්ධකම් දක්වන අවස්ථා යෙදී තියෙන නිසාත් අවසන් චිත්‍රපටය තේරුම් ගැනීමට පහසුවක් වෙයි කියලා හිතපු නිසාත් තමයි මම තීරණය කළේ මේ චිත්‍රපටියට උපසිරැසි දාලා හොඳ ප්‍රවේශයක් ලබා දෙන්න.

තුන්වෙනි කාරණය තමයි 8.3/10 වගේ අගයක් ලබාගෙන IMDB TOP 250 හී 105 ස්ථානයේ රැදී තියෙනවා. වෙන විදියකින් කියනවානම් දෙවන හා තුන්වන චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් IMDB TOP 250 ශ්‍රේණිගත කිරීමේ රැදී තිබීම. ඒකෙන්ම තේරෙනවානේ මේ අධ්‍යක්ෂකගේ චිත්‍රපට කොච්චර පට්ට චිත්‍රපට වෙන්න ඕනද කියලා. මේ චිත්‍රපටය සම්මාන අටක් දිනා ඔස්කාර් සම්මානයක් ඇතුලූ තවත් චිත්‍රපට 43කට නිර්දේශවීම් ලබලා තියෙනවා.

කතාව ගැන ඉතින් මම කියන්න ඕනා වෙන එකක් නැහැ. මොකද මේක බැට්මෑන් ගේ පටන් ගැනීම නිසා මුල ඉඳන්ම තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලා බලපු දෙවෙනි චිත්‍රපටයේත්, ඉදිරියේදි බලන්න හැකිවෙන තෙවන හා අවසාන? චිත්‍රපටයේත් සමහර කොටස් හා චරිතවල ආරම්භය හා බැට්මෑන්ට අදාළ වීම පටන් ගැනෙන්නෙ මේ චිත්‍රපටයෙන්. මේ ඉතින් හැමෝම බාගෙන බලලා නිකන්ම යන්නෙ නැතිව හොඳ නරක කියයි කියලා මම හිතනවා. 138

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 850MB | YIFY |

 Direct Download

| BluRay | x264 | 480p | 513MB |

| BluRay | x264 | 720p | 850MB | YIFY |

| BluRay | x264 | 1080p | 1.6GB | YIFY |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!