Wolf Warrior II (2017) | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම!

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ උවදුරු තුනෙන් ගැලවීමක් නම් ලැබිලා නැහැ.

ලමන්ලා වෛරසය! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරාන්තික වෛරසයක්. රෝග ලක්ෂණ තමයි, හදිසියේම උණ ගන්නවා, නැති දේවල් පේන්න ගන්නවා, තුවාල ඇති වෙනවා, සීතල දාඩිය දානවා. මේ වෛරසයේ තියෙන භයානක කම තමයි, ස්පර්ශය මගින් මේ වෛරසය බොහොම පහසුවෙන් තවත් කෙනෙක්ට බෝවෙනවා. වෛරසය ආසාධනය වෙච්ච වෙලාවේ ඉඳලා, පැය හතරේ ඉඳලා, මාස පහක් දක්වා කාලය ඇතුලත අනිවාර්‍යයෙන්ම මරණය සිද්ධවෙනවා. මේ වෙනකම් කිසිඳු ආකාරයක බෙහෙතක් හොයාගෙන නැහැ. මේ තමයි අප්‍රිකානු දේශයේ මේ දින වල පැතිර යන්නා වූ මාරාන්තික වෛරසය!

රතු සළුවෙ කැරලිකාර හමුදා! අප්‍රිකානු දේශයේ රජය බිඳ දමා, එහි පාලන අධිකාරය ලබාගැනීමට උත්සාහ කරන්නා වූ කැරළිකාර හමුදාවක්. ලමන්ලා වෛරසයට මුවා වී, ටිකෙන් ටික රජයේ හමුදාවන් විනාශ කර දමමින් ඉදිරියට ඇදෙන්නා වූ මෙම කැරළිකාර හමුදා මැඩ පැවැත්වීම අප්‍රිකානු රජයේ හමුදාවන් හට ලේසි පහසු කර්තව්‍යයක් වූයේ නම් නැහැ. විශේෂයෙන්ම, අති නවීන ආයුධ වලින් සන්නද්ධව, අධික මුදලක් අය කරනා වූ, ලොව ඉහළම පෙළේ කුලී ඝාතකයන් රැසකගෙන් සමන්විත වන්නා වූ මෙම අතිශය කුරිරු සහ ප්‍රචණ්ඩ හමුදාව, සියළුම වැසියන් ඝාතනය කරමින්, සියළුම දේපල විනාශ කරමින්, කුණාටුවක් මෙන් ඉදිරියට ඇදුනා.

මෙවැනි භයානක තත්වයක් මත, සියළුම විදෙස් ජාතින් අප්‍රිකානු භූමියෙන් පිටත් වුණා. සියළුම විදේශීය තානාපති කාර්යාල සහ විදේශීය හමුදාවන් සිය මව්බිම කරා පිටත් වුණා. නමුත්, අවාසනාවකට චීන ශ්‍රමිකයන් පිරිසක් කර්මාන්ත ශාලාවක් තුල, කැරලිකාර හමුදා මගින් ප්‍රාණ ඇපයට තබාගනු ලබනවා. සිය ජනතාව මුදවා ගැනීම පිණිස, චීන ජනරජය මගින් දැවැන්ත යුධ නෞකාවක් අප්‍රිකානු දේශය වෙත පිටත්කොට හරිනු ලැබුවත්, එක්සත් ජාතීන්ගේ අනුමැතිය නොමැතිව ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සිදුකිරීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා. මෙවැනි තත්වයක් මත, සිය පෙම්වතියගේ ඝාතකයන් සොයමින්, අප්‍රිකානු දේශය පීරමින් සිටි එක්තරා සුවිශේෂී පුද්ගලයෙකු, හොර රහසේම අදාල චීන ශ්‍රමිකයන් මුදවා ගැනීම සඳහා පිටත්කර හරිනවා. මාරාන්තික වෛරසයක් පැතිරෙමින් තිබෙන්නා වූ දේශයක, කැරළිකාර හමුදාවන් මගින් ප්‍රචණ්ඩ ලෙස මිනිසුන් ඝාතනය කරමින් සිය බලය විදහා පාන වටපිටාවක, තනි මිනිසෙක් කුමක් නම් කරන්නද? නමුත්, මතකයේ තබාගන්න. මේ යන්නේ සාමාන්‍ය සෙබලෙක් නෙමෙයි. චීන මහජන විමුක්ති හමුදාවේ හිටපු සෙබළ, අග්නිදිග කලාපයේ විශේෂ මෙහෙයුම් බ්‍රිගේඩියර්, වෘක රණශූරයන්ගේ භට කණ්ඩායමේ අනභිබවනීය යුධ විරුවා, ලෙන්ග් ෆෙන්ග්. මේ සියලු බාධක, කම්කටොලු හමුවේ ඔහුගේ මෙහෙයුම සම්පූර්ණ කිරීමට හැකියාව ලැබේවිද?

ඔන්න එහෙනම් මේ වතාවෙත් අරගෙන එන්නේ, 2017 වර්ෂයේ බොක්ස් ඔෆිස් ජය කෙහෙළි නංවපු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත, සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. හරියටම කියනවා නම්, 2017 වර්ෂයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අතින් පස්වෙනි ස්ථානයේ තියෙන චිත්‍රපටය තමයි මේ අරගෙන එන්නේ. හැමෝටම දැනගන්නත් එක්ක, 2017 වර්ෂයේදී වැඩිම ආදායමක් ලබපු චිත්‍රපට දහය පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.

  1. Beauty and the Beast – ඇමරිකානු ඩොලර් මිලියන 1263
  2. The Fate of the Furious – ඇමරිකානු ඩොලර් මිලියන 1239
  3. Despicable Me 3 – ඇමරිකානු ඩොලර් මිලියන 1031
  4. Spider-Man: Homecoming – ඇමරිකානු ඩොලර් මිලියන 880
  5. Wolf Warrior II – ඇමරිකානු ඩොලර් මිලියන 870
  6. Guardians of the Galaxy Vol. 2 – ඇමරිකානු ඩොලර් මිලියන 863
  7. Wonder Woman – ඇමරිකානු ඩොලර් මිලියන 821
  8. Pirates of the Caribbean: Dead Men Tell No Tales – ඇමරිකානු ඩොලර් මිලියන 794
  9. It – ඇමරිකානු ඩොලර් මිලියන 683
  10. Thor: Ragnarok – ඇමරිකානු ඩොලර් මිලියන 675

බොහොම ලොකු ලොකු සමාගම් වලින්, ලොකු ලොකු මුදල් වියදම් කරලා, බොහොම ලොකුවට නිර්මාණය කරපු ලොකු ලොකු නිර්මාණ පහුකරලා, මේ වෙද්දී මේ ලැයිස්තුවේ පස්වෙනි ස්ථානය හිමිකරගෙන ඉන්නේ, මං මේ කියපු බොහොම පොඩි චිත්‍රපටය තමයි. පේනවා ඇතිනේ, ස්පයිඩර් මෑන් චිත්‍රපටය එහෙමත් තමන්ගේ ජාමේ බේරගෙන තියෙන්නේ අනූ නමයෙන් 😀 චිත්‍රපටය නිර්මාණය වෙන්නේ, ඇමරිකානු ඩොලර් මිලියන 30ක් වගේ මුදලකින්. ඒ වගේම, IMDB දර්ශකයේ 6.6 ක අගයකින් වගේම, Rotten Tomatoes වල 70% ක ප්‍රේක්ෂක මනාපයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපට තුල චීන සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම යොදාගනු ලබනවා. ඒ වගේම, මේ තමයි චීනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ, ආදායම් අතින් සාර්ථකම චිත්‍රපටය වගේම, එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුල චීනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයක් ලබාගත් වැඩිම බොක්ස් ඔෆිස් ආදායමහිමිවන්නේද මෙම චිත්‍රපටය සඳහා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, Sha po lang 2 (2015)Wolf Warrior (2015)Badges of Fury (2013)Shaolin (2011)Legendary Assassin (2008)The Mummy: Tomb of the Dragon Emperor (2008) වගේ දැවැන්ත චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Jing Wu විසින්, ඒ වගේම, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේත් ඔහු විසින්මයි. මීට අමතරව, Beyond Skyline (2017), Wheelman (2017)The Purge: Election Year (2016)Captain America: Civil War (2016)The Purge: Anarchy (2014)Captain America: The Winter Soldier (2014)Homefront (2013)Warrior (2011) වගේ චිත්‍රපට රාශියක් සඳහා රංගනයෙන් දායක වූ ක්‍රියාදාම නළු, Frank Grillo විසින් මෙම චිත්‍රපටය සඳහා ද රංගනයෙන් දායක වනු ලබනවා. ඒ වගේම, මේ චිත්‍රපටය AACTA සම්මාන උළෙලේහොඳම ආසියානු චිත්‍රපටය සඳහාද නාම යෝජනා වී තිබෙනවා.

කියන්න තියෙන්නේ මෙච්චරයි. ක්‍රියාදාම ප්‍රියකරන කෙනෙක් නම්, අනිවාර්‍යයෙන්ම අරගෙනම බලන්න. චිත්‍රපටයේ ආරම්භක තත්පරේ ඉඳලා, අන්තිම තත්පරය වෙනකම් නොනවතින ක්‍රියාදාම සමුදායකින් චිත්‍රපටය අන්තර්ගත වෙනවා. නිකන්ම නිකන් ක්‍රියාදාම නෙමෙයි, තාක්ෂනය උපරිමයෙන් භාවිතා කරලා, ඇස් දෙක ලොකු කරගෙන, ඉහලට ගත්ත හුස්ම ටික පහළට දාන්න අමතක කරවන මට්ටමේ, ඉහළම පෙළේ ක්‍රියාදාම තමයි චිත්‍රපටය පුරාවටම තියෙන්නේ. නිකමට කල්පනා කරලා බලන්න, මේ අවුරුද්දේ පස්වෙනි වැඩිම අදායමක් උපයපු චිත්‍රපටය වෙලා තියෙන්නේ නිකමට වෙන්න බැහැ නේද කියලා!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 850MB |

95EEDB446396322B84AA08FB4854773618AB1824

 Direct Download

| WEB-DL | x264 | 720p | 850MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Wolf Warrior II (2017) | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම!

  • November 14, 2017 at 5:24 pm
    Permalink

    torent link eka nadda

    Reply
  • November 14, 2017 at 9:44 pm
    Permalink

    Torrents Download .karanne kohomada, Direct Download wetharai ne wnne

    Reply
  • November 14, 2017 at 10:41 pm
    Permalink

    Machn #tag eka penan na bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *