Birth of the Dragon (2016) | බෲස් ලී නමැති මකරාගේ උපත

1940 නොවැම්බර් මාසේ 27 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝවල චයිනා ටවුන් වල රෝහලකදී චීන දිනදර්ශනයට අනුව මකර හෝරාවේ මකර වර්ෂයේ ඉපදෙන මකරෙක් පස්සේ කාලෙක අත්මාර්ක්ෂක සටන් වලින් ලෝකයක් හොල්ලනව. ඒ තමයි “නැවත පැමිණෙන්නා” යන අරුත් ඇති ලී ජුන් ෆන් නොහොත් අපි කවුරුත් දන්න බෲස් ලී. ඇමරිකාවේ ඉපදෙන බෲස් ලී මාස තුනක් වගේ වෙනකොට එයාගේ අම්මල එක්ක හොං-කොං වලට යනව ආයෙත්. ඉතිං හොං-කොංවලදී විදී සටන් දෙක තුනකට පැටලෙන බෲස් ලීට ආත්මාරක්ෂක සටන් පුරුදු කරන්න ඕන කියල එයාගේ දෙමව්පියො හිතනව. ඔහුගේ පියාගෙන් වූ-ශූ නමැති ආත්මාරක්ෂක සටන් ක්‍රමයේ මුලික දෑ ඉගෙන්න බෲස් ලීගේ ඉරණම වෙනස් කරන්නේ අපි කවුරුත් දන්නා යිප් මෑන් ( Ip Man (2008)Ip Man 2 (2010)The Legend Is Born – Ip Man (2010)Ip Man: The Final Fight (2013)Ip Man 3 (2015) )වයස අවුරුදු 16 වෙනකොට යිප් මෑන් ලඟට යන බෲස් ලී තමයි යිප් මෑන්ගේ හොඳම ගෝලයා වෙන්නේ. ඊට පස්සේ ආයේ බෲස් ලී සැන් ෆ්‍රැන්සිස්කෝ එනවා. ඒ ඇවිල්ල චයිනා ටවුන් එකේ ආත්මාරක්ෂක සටන් ක්‍රම උගන්වන්න ගන්නවා. ඔන්න ඕකට චීන සහ හොං-කොං සටන් ශිල්පින් බෲස් ලීට විරෝධය දක්වනවා. සුද්දන්ට එයාලගේ දේවල් උගන්වන්න එපා කියල. හැබැයි බෲස් ලීට ඕන මේ හැංගිලා තියෙන විශිෂ්ට සටන් ක්‍රම ලෝකයා හමුවට අරගෙන එන්න.

ඊට පස්සේ බෲස් ලීව ලෝක ප්‍රසිද්දවෙන්න ගත්ත බෲස් ලී සහ තවත් එවැනිම විශිෂ්ට සටන් ශිල්පියෙක් වෙච්ච වොං ජැක් මෑන් සමග සටන සිදුවෙනව ඒ සටනට හේතුව වෙන්නෙත් ඔය කිව්ව හේතුවම කියලයි සඳහන් වෙන්නෙ. කොහොම උනත් ඊට පස්සේ ඔන්න ඔය සටන නිසා ලෝකයට තවත් එක් විශිෂ්ට සටන් ක්‍රමයක් දායාද වෙනව වගේම ලීව ලෝක ප්‍රසිද්ද වෙන්න පටන් ගන්නවා. ඒ සටනින් පස්සේ තමන්ගේම සටන් ක්‍රමයක් වැඩි දියුණු කරගන්න බෲස් ලී ජීට්-කුං-ඩු ලෝකයට දායාද කරනව. ඉතින් මේ විදියට බෲස් ලී ලෝකයා හමුවේ නිරාවරණය වීමට පළමුව සිදුවෙන ඔහුගේ ජිවිත කතාව පසුබිම් කරගත්ත කතාව තමයි මේ විදියට ඔයාලට අරගෙන එන්නේ. ෆිල්ම් එක ඇවිල්ල දවස් දෙක තුනක් වෙනව ඉතිං පමාවට සමාව.

ඉතිං මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය WWE ආයතනයෙන් සිද්දවෙනවා. Philip Ng තමයි බෲස් ලී විදියට රඟපාන්නේ. George Nolfi තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ, මං හිතන්නේ මේක තමයි මම උපසිරසි කරන අඩුම IMDB අගයක් අරගත්ත කතාව IMDB 4.3ක් වගේ අගයක් තමයි කතාවට ලැබිල තියෙන්නේ. විචාරකයින් ඒකට හේතුව විදියට දක්වන්නේ කතාවේ තියෙන සිඝ්‍රගාමිත්වය. පැය එකහමාරකට නැතුව පැය දෙකක් දෙකයි කාලක් වගේ යන්න ඕන කතාවක් පැයයි විනාඩි විස්සකට වගේ ලඝු කිරීම විචාරකන්ගේ විවේචනයට ලක්වීම නිසා අඩු අගයක් ලැබුනත් කම්මැලිකමක් නැතුව සති අන්තයේදී ගෙදර හැමෝම එක්ක අසාවෙන් බලන්න පුළුවන් කතාවක් ඔන්න.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 713MB |

44abc4f38518d28be7704ffeb9dc00a26cc1e5f2

| BluRay | x264 | 1080p | YTS | 1.5GB |

1df57e204e6818f22719b2be093220130a45b46d

 Direct Download

| BluRay | x264 | 480p | 350MB |

| BluRay | x264 | 720p | YTS | 713MB |

| BluRay | x264 | 720p | YTS | 1.5GB |

| BluRay | x265 | 720p | 530MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Birth of the Dragon (2016) | බෲස් ලී නමැති මකරාගේ උපත

  • November 18, 2017 at 10:14 am
    Permalink

    meke sub eka wada karanne nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *