The Nut Job 2: Nutty by Nature (2017) | පාර්ක් එකේ වීරයා..

මතකනේ කලින් පාර සිද්ධ උන අකරතැබ්බේ. කන්න හොයන්න තනියම ගිහිල්ලා රටකජු කරත්තයක් ගෙනෙල්ලා කෑම එකතු කරලා හංගපු  ගහත් එක්කම ගිනි තිබ්බා. ඉතින් සීත කාලෙට ඕනේ කරන කෑම විනාස කරපු සර්ලි සහ බඩීට සිද්ධ උනා ලිබටි පාර්ක් එකේ ඉන්න හැමෝටම කෑම හොයල දෙන්න හැබැයි ඒක දඬුවමක්. එත් සර්ලියා නෙමේ ගේම අතෑරියේ. එයාගේ නැහැනේ ඔය පොඩි වැඩ කලොත් කරන්නේ ලොකු දෙයක්. ඉතින් අන්තිමේ පාර්ක් එකේ ආහාර අර්බුදය විසඳන්න බඩී සහ සර්ලි ගහපු පැලෑන තමයි ලිබටි පාර්ක් එක ඉස්සරහ තියෙන රටකජු කඩේ කොල්ල කන එක. මතකනේ ඒ වැඩේට අල්ලගත්ත පිස්සු සෙට් එක. එයාල එක්ක අන්තිමට කෑම ප්‍රශ්නේ වගේ බැංකුවක් කොල්ල කන්න ගිය හොරු රැළකුත් ඇල්ලුවා. ඒ වගේම සර්ලි සහ බඩී පාර්ක්‌ එකේ වීරයෝ උනා.

දැන් එහෙනම් එමු 2014න් 2017ට මෙහෙම අවුරුදු තුනක් තිස්සේ අර වහලා දාපු රටකජු කඩෙන් සර්ලි සහ සහචරයෝ ටික දෙයියනේ කියලා කාලා බීල ඉන්නවා. එත් හැබැයි මේ ගැන නෝක්කාඩුවෙන් ඉන්න එකම කෙනා තමා ඇන්ඩි. එයා මේ වැඩේට විරුද්ධයි සත්තු ටික ඔක්කොම කම්මැලි වෙලා කඩෙන් කාලා ඔහේ නිකන් ඉන්නවා කියල. ඒ අස්සේ කලින් පාර කඩේ කොල්ල කන්න එක්කහු උන උන්දෙක් හරි අපූරු වැඩක් කරලා කන්න තිබ්බ කඩේ බිමටම අළු වෙන්න සමතලා කරනවා.

දැන් ඉතින් කට්ටිය මේ ප්‍රශ්නේ ඉන්න අතරේ නගරේ නගරාධිපති උත්තමයා පාර්ක් එකෙන් ලාභයක් නැහැ කියලා ඒ වෙනුවෙන් සැලසුමක් ගහලා. ඉතින් ඔන්න සර්ලි සහ සමාගමට මෙදා පාරත් ලොකු ප්‍රශ්නයක්. කන්නත් නැහැ ඉන්නත් නැති වෙන්නයි යන්නේ.

මෙදාපාර හොඳ නළු නිලියෝ ටිකක් එකතු වෙලා ඉන්නවා හඬ කැවීම් දායකත්වය සපයන්න. Katherine Heigl ඇන්ඩි වෙනුවෙනුත් Will Arnett සර්ලි වෙනුවෙනුත් ආරාධිතයෙකු ලෙස ෆෙන්ග් මහත්මයා වෙනුවෙන් Jackie Chan, ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් නවක නිළිය Isabela Moner සහ ප්‍රවීණ විකට වැඩසටහන් කරුවෙකු වන Gabriel ‘Fluffy’ Iglesias පවා මෙහි හඬ කැවීම් සඳහා දායකත්වය සපයනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 669MB |

84860d62261ac55968ca8f4dbaddecd59f52e1f0

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

1de34a1cca6696bfa5b9e4897d629c5ea96b29e8

 Direct Download

| BluRay | x264 | 480p | 400MB |

| BluRay | x264 | 720p | YTS | 669MB |

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

| BluRay | x265 | 720p | 585MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Nut Job 2: Nutty by Nature (2017) | පාර්ක් එකේ වීරයා..

  • November 8, 2017 at 11:18 pm
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • November 9, 2017 at 6:30 am
    Permalink

    400 mb copy ekt match wen nh bn

    Reply
    • November 10, 2017 at 11:47 am
      Permalink

      The.Nut.Job.2.Nutty.by.Nature.2017.720p.bluray මේ නමින් තියෙන සබ් එක දාගෙන බලන්න

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *