L.A. Confidential (1997) | “පෙනෙන සියල්ල සත්‍ය නොවෙයි….” (18+)

1997 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Curtis Hanson විසින්. James Ellroy නැමැති ලේඛකයා රචනා කෙරෑ L.A Confidential නැමැති නවකතාව ඇසුරින් තමා මේ චිත්‍රපටය නිපැදවී තිබෙන්නෙ. Russell Crowe, Guy Pearce, Kevin Spacey, James Cromwell, Kim Basinger, Danny DeVito වැනි ප්‍රකට නළු නිලියන් රැසක් මෙයට රංගනයෙන් දායක වී තිබෙනවා. එම වර්ෂයේ ඔස්කා සම්මාන උළලේදි සම්මාන 9කට නිර්දේෂ වූ මෙම චිත්‍රපටය ඉන් සම්මාන 2ක් හිමි කරගන්නවා. සෙසු සම්මාන 7ම Titanic චිත්‍රපටය හමුවේ පරාජය වී තිබෙනවා. ඊට අමතරව තවත් විවිධාකාර සම්මාන 85ක් මේ වෙනුවෙන් හිමි වී තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ” 8.3ක් වැනි ඉහලම හිමිකරගෙන IMDB දර්ෂකයේ 106 වෙනි ස්ථානයේ ” පසුවෙනවා. ඉතිං මේ චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වය ආයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

මෙහි කතාව විස්තර කරන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එය කතාවේ කුතුහලයට විශාල හානියක්. ඒත් මං මෙහි මූලිකව අන්තර්ගත වන සිදුවීම ගැන පොඩි සාරංශයක් කරන්නම්. මේ චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ 1953 වර්ෂයේ සිදුවීමක්. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවෙන මිනීමැරැමක් කේන්ද්‍ර කොට ගෙන ඇතිවෙන අභිරහස් සිද්ධිදාමයක් තමා මේ තුළින් නිරෑපණය වෙන්නෙ. එම සිදුවීම පිටුපස හඹායන වෙනස් වෙනස් තරාතිරම් වල සිටින පොලිස් නිලධාරීන් තිදෙනෙක්. ඔවුන්ගෙන් කෙනෙක් ඉතා දැඩි ගතිගුණ තිබෙන කෙනෙක්. අනිත් කෙනා උසස්වීම පසුපස හඹායන කෙනෙක්. අනිකා මුදල් පසුපස හඹායන කෙනෙක්. මොවුන් තිදෙනා මේ කී සිද්ධි දාමයට සම්බන්ධ වන්නෙ වෙනස් වෙනස් පැතිකඩවල් වලින්. නමුත් ඔවුන් හඹායන්නෙ එකම අරමුණක්. ඔවුන්ට එය සළුලකරගැනීමට හැකිවේවිද? මේ කී අභිරහස් සිද්ධි දාමය පිටුපස පවතින බලවේගය කුමක්ද?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 600MB |

97253ea0c36aba2da7bdd4b48d2c9472b6348bdb

 Direct Download

| BluRay | x264 | 480p | 450MB |

| BluRay | x264 | 720p | 600MB |

| BluRay | x264 | 1080p | 1.1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *