Adam Joan (2017) | ඒදන් උයනේ වැවිලිකරුවා

“මේ කොරොස්ම කාලය තුල ගෙවෙන තවත් එක් ඉරු දිනයකි.කිතු ගුණ මෙනෙහි කරවමින් ස්කොට්ලන්තයේ උතුරු බර්වික් හි එක්තරා පල්ලියක මිහිරි ගීතිකා ගායනයක් ඇසේ.  ගීතිකා කණ්ඩායම තුල කැපී පෙනෙන එක් සුරතල් සිඟිත්තියකි. පල්ලියේ කටයුතු නිම කරමින් කිහිප දෙනෙක් එයින් එලියට පැමිණ සතුටු සාමිචියේ නිරත වෙයි.එහි සිටින උන්නි සහ ශ්වේතා සමඟ පසුව ඔවුන්ගේ දියණිය,පෙර කී සිඟිත්තිය-ඉලා සහ ඇගේ මිත්තණිය එකතු වේ. මොවුන් නැවත යන ගමනේදී කිසියම් අයෙක් ප්‍රංශයේ සිට උන්නි සමඟ දුරකතනයෙන් සම්බන්ධ වේ.සැවොම පුදුම කරවමින් අනෙක් පසෙන් ඇසෙන්නේ උන්නිගේ වැඩිමහල් සොහොයුරා ඇඩම් ගේ කටහඬයි.ඔහු ඔහුගේ රැකියා වැඩ කටයුත්තකට ප්‍රංශයට පැමිණ සිටින අතර නැවත කේරලයට යන ගමනේදී ස්කොට්ලන්තයට පැමිණ මව සහ තම සොහොයුරාගේ පවුලේ උදවිය දැකගන්නට ආසාවෙන් සිටින බව කියයි.මොවුන්ගේ මව මෙයට ලොකු කැමැත්තක් දැක්වුවත් උන්නි සහ ශ්වේතා ඇඩම්ගේ මෙම ප්‍රකාශය හමුවේ තරමක් තැතිගත් බවක් පෙනෙයි. නැවත නිවසට යාමට පෙර හෙට දින සැමරුම් සඳහා අවැසි බඩු බාහිරාදිය මිලදී ගැනීමට මොවුන් එක්තරා සාප්පු සංකීර්ණයක නැවතේ.අවශ්‍ය කළමනා මිලදී ගැනීමෙන් පසු නැවතත් උන්නි සහ ශ්වේතා තම දියණිය සහ මව එනතුරු පිටතට වී බලා සිටියි.”

මිත්තණිය සහ මිනිබිරිය වෙළඳ සැලෙන් පිටතට පැමිණෙන අතර ඒ සමඟම සැක කටයුතු වෑන් රථයක් ද වේගයෙන් පැමිණ වෙළඳ සැලෙහි ප්‍රවේශය අසල නතර කරයි.විවෘත වන දොරෙන් පිටතට පැමිණෙන මුහුණු ආවරණය කරගත් කිහිපදෙනෙක් ඉලා ව බලෙන් රැගෙන යාමට තැත් කරයි.මිත්තණිය එය වැලැක්වීමට දැඩි පරිශ්‍රමයක් යෙදුවත් අවසානයේ ඇයට සිදුවන්නේ මෙම නාඳුනන පුද්ගලයින්ගේ පිස්තෝලයක උණ්ඩයට ගොදුරු වී මෙලොව හැර යාමටය.සිද්දිය දුටු උන්නි මේ අසලට දිව ආවත් ඔහු ප්‍රමාද වැඩිය.නාඳුනන පුද්ගලයින් පිරිස තම සුරතල් දියණිය පැහැරගෙන යන අයුරු ඔහු සහ ශ්වේතා අසරණව දුකෙන් බලාසිටියි! වැඩිමහල් සොහොයුරා තමන්ව බැලීමට පැමිණීම උන්නි සහ ශ්වේතා ට තැති ගැන්මට කාරණයක් වන්නේ කුමන හේතුවක් නිසා ද? මනුෂ්‍ය ඝාතනයක් ද සිදු කරමින් අවුරුදු 7ක පමණ කුඩා දියණියක් පැහැරගෙන යාමට එකී පුද්ගයින්ට ඇති අවශ්‍යතාවය කුමක් ද? මෙය පිටුපස සිටින්නේ කවුද? පැහැරගෙන යන ඉලා ට කුමන ඉරණමකට මුහුණ පෑමට සිදුවනු ඇති ද? තම මව ඝාතනය කරමින් මේ සුරතල් දියණියව පැහැරගෙන යන අපරාධකරුවන් ගැන ඇඩම් කෙලෙසකට ප්‍රතිචාර දක්වාවි ද?

Adam Joan (2017)

මුලින්ම කියන්න ඕනේ චිත්‍රපටයේ මුල් භාගයට අදාලව තමයි හැඳින්වීම දුන්නේ.ඔය කියපු කරුණු වලින් කිහිපයක්ම පසුවට වෙනස් වෙනවා.Thriller ෆිලුමක් නිසා එහි රසයට සහ කුතුහලයට හානි නොවිය යුතු නිසයි ඒ වගේ හැඳින්වීමක් කරන්න හිතුවේ. පහුගිය දවස්වල මලයාලම් රසිකයෝ කිහිපදෙනෙක් ම කියලා තිබුනා මලයාලම් Thriller ෆිලුමකට උපසිරැසි කරලා දෙන්න කියලා.දැන් ඒ හැමෝටම අලුත්ම ෆිලුමකින් ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වේවි.මේක Thriller, Romance ගණයන් ඔස්සේ යන ෆිලුමක්.ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ මලයාලම් සුපිරි නළු Prithviraj. ඒ වගේම Thani Oruvan (2015) [දමිළ] චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ Rahul Madhav, Ivide (2015) වැනි චිත්‍රපට සඳහා රංගන දායකත්වය දැක්වූ Bhavana, Vikramadithyan (2014) ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වූ Lena ඇතුළු පිරිසක් මෙහි අනෙක් චරිත සඳහා පණපොවනවා.එමෙන්මPrithviraj විසින්ම ගායනා කරන ගීයක් ඇතුළු සුන්දර ගීත කිහිපයක්මත් ෆිලුමේ ඇතුලත් වෙනවා.ෆිලුමේම කියවෙන විදියට JK රොව්ලින් හට හැරී පොටර් කතා මාලාව ලිවීමට පසුබිම සලසපු අමුතුම ගුප්ත සුන්දරත්වයක් තියෙන ස්කොට්ලන්තයේ දර්ශන තල කිහිපයකත් කේරලයේත් මෙහි රූපගත කිරීම් සිදුකරලා තියෙනවා.පසුගිය සැප්තැම්බර් 01දින තිරගතවීම් ඇරඹූ මෙය කේරලයේ ප්‍රදර්ශනයෙන් පමණක් දින 40කදී ඉන්දීය රුපියල් කෝටි 17.15ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබන්න සමත්වෙලා තියෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 390MB |

73e8c2d90e4b9f50799fe0503389fe1d81c05ac0

| DVDRip | x264 | 1CD | 694MB |

c75461889cdc3d1685f8367a393e36e9223508a6

| DVDRip | x264 | 1CD | 812MB |

0234e96652c8a1bc4494fcf90ffbccd175de7854

 Direct Download

| DVDRip | x264 | SD | 360MB |

| DVDRip | x264 | 1CD | 694MB |

| DVDRip | x264 | 1CD | 812MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *