The Place promised in our early days (2004) | සිහිනයක අතරමං වුනු මිතුරියක්

1974 දී ජපානේ උතුරු දකුණු ප්‍රදේශ වෙන්වීමෙන් හොකයිදෝ ලෙස නම් කරපු දූපත සෝවියට් රුසියාවට යටත් වෙනවා (යූනියන් එකට).ඒ දූපත පසුව ඊසෝ දූපත ලෙස තමයි හඳුන්වන්නේ. ඒ අවුරුද්දෙම යූනියන් එක විසින් ජපන් විද්‍යාඥයෙක්⁣ගේ උදව් ඇතිව අමුතු විදිහෙ කුළුණක් දූපතේ හදන්න පටන් ගන්නවා. මේ කුළුණ පසුබිම් කරගෙන තමයි මේ ෆිල්ම් එකේ කතාව දිගහැරෙන්නේ. දේශසීමා බෙදුනට පස්සේ උතුරු ප්‍රදේශයේ ⁣ඔමෝරි නගරයේ ජීවත් වෙනවා යාළුවො තුන් දෙනෙක්. හිරෝකි, ටාකුයා කියන පිරිමි ළමයි දෙන්නයි සයුරි කියන ගෑණු ළමයයි. මෙයාලගේ හීනේ තමයි කවදහරි අර කුළුණ තියන තැනට යන එක. පිරිමි ළමයි දෙන්නා හොයාගන්නවා කැඩිච්ච ඩ්‍රෝනර් යානයක්. මෙයාලා මේක අළුත් වැඩියා කරනවා අතහැරලා දාපු පරණ ගොඩනැගිල්ලක. මේ තුන් දෙනා පොරොන්දු වෙනවා කවදහරි මේක හදලා එයලා කුළුණ බලන්න යනවා කියලා. ඒත් දවසක් සයුරි කියන්නෙම නැතුව අතුරුදහන් වෙනවා. එයා ගැන කිසිම ආරංචියක් අර දෙන්නට හොයාගන්න ලැබෙන්නේ නෑ. පස්සේ මෙයාලා යානය හදන වැඩේ නතර කරලා දානවා. යාළුවා නැති නිසා හදන්න හිතෙන්නේ නෑ. එහෙම අවුරුදු 3ක් ගතවෙනවා. මේ අතරෙ ජපන් රජයටයි ඇමරිකා රජයටයි තේරුම් යනවා යූනියන් එක හදපු කුළුණ භයානක අයුධයක් වෙන්න පුළුවන් කියලා. හේතුව තමයි කුළුණ අවට ප්‍රදේශය එන්න එන්න අතුරුදහන් වෙන එක. මේකට හේතු විදිහට ජපන් විඳ්‍යාඥයො හොයාගන්නවා කුළුණ ⁣සමාන්තර ලෝකයක් එක්ක සම්බන්ධයි කියලා. ⁣කුළුණ අවට ප්‍රදේශය ඒ ලෝකෙට තමයි ඇදිලා යන්නේ. ටික ටික මේ මුළු ලෝකෙම ඒකට ඇදිලා යන්න පුළුවන්. ඒත් එක හේතුවක් නිසා මේ ක්‍රියාවලිය නැවතිලා තියෙන්නේ. මොකද ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ කෙනෙක්ගේ ⁣හීනත් එක්ක. ඒ කෙනා නිදාගෙන ඉන්නකන් කුළුණ නිශ්ක්‍රීයයි. ඒත් එයා ඇහැරුනොත් මේ ලෝකෙම විනාශ වෙලා යන්න පුළුවන්. කරන්න තියෙන්නේ එක්කො කුළුණ විනාශ කරන එක. නැත්තන් ඒ කෙනාව නින්දෙ තියාගන්න එක. කුළුණ විනාශ කරන්න බැරි, ඒ ප්‍රදේශය යූනියන් එක විසින් පාලනය කරන නිසා, ඔවුන් ඒ භූමියට වෙන කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නෑ. මේ නිසා යූනියන් එකට විරුද්ධව ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කරනවා. මේ අතරෙ මේ වැඩේ ජපානේ මිනිස්සුන්ටත් ඉවසගන්න බැරි කාරණයක්. ජපානේ මිනිස්සු කිහිප දෙනෙක් එකතු වෙලා ඊල්ටා කියන මෙහෙයුමක් ආරම්භ කරනවා මේ කුළුණ රහසෙම විනාශ කරන්න. මේ ඔක්කොම සිද්ධි අතරතුර ටකූයටයි හිරෝකිටයි දැනගන්න ලැබෙනවා මේ නිදන් ඉන්න කෙනා කව්ද කියලා. එතනින් පස්සේ මොනා වෙයිද කියලා ෆිල්ම් එක බලලම දැනගමු නේද.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 733MB |

d48f8828f2c8e94ea01db858fb93ca66041bcd58

 Direct Download

| BluRay | x264 | 720p | 587MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *