Paavada (2016) | සාය

මේක තිරගත වෙලා තියෙන්නේ 2016 ජනවාරි වල.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ maniyan pilla raju.මේකෙ ප්‍රධාන නලුවා prithviraj sukumaran.එයා ගැන දන්නවනේ.මලයාලම් ෆිල්ම් වල වීරයෙක්.මේකේ තව ප්‍රධාන නලුවෙක් ඉන්නවා anoop manon. නිලිය තමයි miya george එයත් සුපිරියි කතාව ගැන කිව්වොත්. බාබු ජෝශප්(anoop)ආචාර්යවරයෙක් ඒත් මිනිහා බේබද්දෙක්.ඒකට හේතුව තමයි.මෙයා ෆිල්ම් එකක් නිශ්පාදනය කරන්න බාරගන්නවා.ඒත් මෙයාගෙ තාත්තා කියනවා ඒකට සල්ලි දෙන්න බැ කියලා,පස්සේ මෙයා ආයතනයකින් සල්ලි ණයට ගන්නවා..ඒත් අවුලක් වෙලා මේ ෆිල්ම් එක නවතිනවා.

එතකොට අපේ ජෝයි(prithviraj)ගමේ ආතල් වැඩ කර කර ඉන්නේ යාලුවො එක්ක.මිනිහත් බොනවා. දවසක් මිනිහා කේස් එකක් දාගෙන පොලිසියට ගේනවා.මිනිහට කාත්කවුරුවත් නැති නිසා ෆාදර් කෙනෙක් මිනිහට උදව් කරනවා. එදා සිනි(mia) පොලිසියට ඇවිල්ලා…ඉතින් ජෝයිගෙ හිත සිනි අරගන්නවා. කොහොමහරි එස්.පීගේ මස්සිනාගේ ලේ දන් දීමේ කදවුරට කට්ටිය නැ කියලා. ජෝයිලා අරන් යනවා.එදා තමයි දැනගන්නෙ සිනි නර්ස් කෙනෙක් කියලා. ජෝයි ලේ දෙන්න බයයි.ඒත් සිනි හින්දා ලේ දෙනවා. කොහොමහරි මේ දෙන්නා බදිනවා.හැබැයි මන් කිව්වෙ.ජෝයි කුනු වෙන්න බොන නිසා ප්‍රශ්නයක් ඇවිල්ලා සිනි වැඩිහිටි නිවාසෙකට යනවා .පස්සෙ ජෝයි බෙල්ලෙ වැල දාගන්න යනවා. ෆාදර් මෙයාව බේරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට බාර දෙනවා. ඔන්න ඔතන ඉදන් කතාව උඩු යටකුරු වෙනවා.මේ මධ්‍යස්ථානෙටම බාබු ජෝශප්වත් ගෙනල්ලා දානවා. පස්සෙ දෙන්නා සෙට් වෙලා පැනලා යනවා.ජෝයිට යන්න තැනක් නැති නිසා බාබුගෙ ගෙදර නවතිනවා.

දවසක් ජෝයිට කාමරේක තිබිලා ට්‍රන්ක් පෙට්ටියක් හම්බෙනවා.ඒකෙ තමන්ගෙ අම්මගේ රූපේ තියෙනවා. ඉතින් ජෝයි පිස්සෙක් වගේ. බාබු ජෝශප්ට පිහියෙන් අනින්න යනවා. ඔන්න ඔතන ඉදන් කතාව යන්නෙ බාබු ජෝශප් කරන්න ගිය චිත්‍රපටය එක්ක. ඒකේ ප්‍රධාන නිලිය ජෝයිගේ අම්මා. මන් කිව්වෙ බානු ජෝශප් අමාරුවෙ වැටුනා කියලා. ඒකට හේතුව තමයි එයාගේ සහය අධ්‍යක්ෂක එල්ඩෝට මේ ෆිල්ම් එක කරන්න බාර දීපු එක. මිනිහා මේ ෆිල්ම් එක වැඩිහිටි චිත්‍රපටයක් කරනවා. බාබුට හොරෙන් නමත් වෙනස් කරනවා. ජෝයිගෙ අම්මාවත් ඒකේ රගපාවනවා. ඉතින් කොහොමහරි මේ චිත්‍රපටය කැමැත්තෙන් එල්ඩෝට බාරදුන්නා කියලා එල්ඩෝ සුපිරි ගේමක් දීලා බාබුගෙ අත්සන ගන්නවා. ඉතින් මේ චිත්‍රපටය පෙන්නන්න එපා කියලා බාබු ජෝශප්ලා නඩු කියනවා. ජෝයිගේ අම්මා හොයා ගන්නෙ කොහොමද. එල්ඩෝ බාබු ජෝශප්ගේ අත්සන ගත්තෙ කොහොමද..මේක ප්‍රදර්ශනය කරයිද නැද්ද. එහෙනම් බලන්නකෝ

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 800MB |

D7D89B960C300572C4F50D4BE981708A04E72ED2

 Direct Download

| DVDRip | x264 | 1CD | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *