The Void (2016) | ශුන්‍යභාවය

“ලොව ඉපදෙන සෑම ජීවියෙක්ම මරණයට පත් වෙනවා. මෙයයි සෑම ජීවියෙකුගේම චක්‍රය. නමුත් අපිට මෙම චක්‍රය බිඳ දැමිය හැකි නම්…….’

Film එකකට උපසිරැසි යෙදීමට මම ගොඩක් කාලයක සිට හිතාගෙන සිටිය දෙයක්. කොහොම හරි අන්තිමට ඒ සිහිනෙත් සැබෑ කරගත්තා.මුලින්ම මම සිසිල ප්‍රසාද් සහෝදරයාට mail කර ෆිල්ම් එකක් වෙන් කර ගන්න උත්සාහ කරා. ඒ අනුව තමයි මේ film එක වෙන්කර ගන්න පුළුවන් වුනෙ. ඒ විදියට තමයි මාගෙ මෙම පළමු උපසිරැසි නිර්මාණයට මග පෑදුනෙ. දෙයක් කරනකොටනෙ තේරෙන්නෙ එහි අමාරුකම්. ඉතින් තේරුණා මෙම කාර්ය කොච්චර අමාරු කාර්යක්ද යන වග. මමත් මේ සයිට් එකෙන් sub download කරගෙන ෆිල්ම් බලනවා. Sub download කරගෙන ෆිල්ම් බලනවා වගෙ sub නිර්මාණය ලෙසි නැ. ඉවසීම, උත්සාහය අත්නොහැරීම උපරිමයෙන් තියෙන්න ඕන. 😊👍

ෆිල්ම් එක ගැන කියනවා නම් මෙය Horror, Mystery, Sci-Fi ගණයට වැටෙන, imbd වල 5.8ක් හිමි,මිනිත්තු 90ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි කතාවක්.

ඒ වගේම මෙය, Jeremy gillespi- pacific rim (2013)suicide squad (2016)IT (2017) සහ Steven kostanski –city of bones (2013)crimson peak (2015), suicide squad (2016) යන අධ්‍යක්ෂක වරුන් දෙදෙනා විසින් අධ්‍යක්ෂනය කරන ලද්දක්. ඒ වගේම මෙය, Never more film festival (2017)හිදි ජූරිය මගින් දෙනු ලබන සම්මාන වලින් පළමු ස්ථානය ද, Boston underground film festival (2017) හිදි අධ්‍යක්ෂනය සඳහා දෙවන ස්ථනය ද හිමි කරගෙන ඇත. Meshvile film festival (2017) හිදිgrand jury prize සඳහා නම යෝජානා විය.

කතා තේමාව ගැන කියනවා නම් ,එය මා මෙම ලිපිය ආරම්භයේදිම පැවසු කරුණ හා සම්බන්ධයි.ගොවිපලක සිට පැන යන තරුණ ගාහැණු ළමයකු හා පිරිමි ළමයකු (ජේම්ස්) පසු පස මිනිසුන් දෙදෙනකු ලුහු බඳී. එහිදි සිදුවන වෙඩි තැබීමේදි ගැහැණු ළමයා ඇදගෙන වැටෙන අතර ලුහු බැඳ ආ මිනිසුන් දෙදෙනා විසින් ඇයව මරා දමනවා.බේරී පලායන පිරිමි ළමයාව පොලිස් නිලධාරියකුට (ඩැනියල්) හමුවන අතර එම නිලධාරියා විසින් එම පිරිමි ළමයාව රෝහලකට (marsh country memorial hospital) ඇතුලත් කරනවා. ඉන්පසු ඇතිවන අද්භූත සිදුවීමක් මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. කතාව ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ මොකද රසවින්දනයට බාධාවක් වන නිසා

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 660MB |

86EAA26A05DDD4CEF9C24CDB7C1415380DE0A9B0

| BluRay | x264 | 1080p | YTS | 1.37GB |

31E57B4B8BA5286D8522BD8DFEFA3552941B3A0C

| BluRay | x264 | 720p | 560MB |

FA496F473C397478723DE1E6846886E86B2AFF3A

 Direct Download

| BluRay | x264 | 480p | 411MB |

| BluRay | x264 | 720p | YTS | 750MB |

| BluRay | x264 | 720p | 560MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *