Sword Art Online: The Movie – Ordinal Scale (2017) AKA Gekijo-ban Sword Art Online: Ordinal Scale | කිරිටෝගේ අන්තප්පුරයට AI කෙල්ලෙක්

Sword Art Online කියන්නේ 2022 දී නිකුත් කරන පරිගණක ක්‍රීඩාවක්.මේ කාලවකවානුවේ Virtual Reality කියන දේ හොදටම දියුණු වෙලයි තිබුනේ.ඉතින් මේ ගේම් එකත් VR ගේම් එකක්ම තමයි.මේ VR ගේම් එකට පිවිසීමට මොලය හා සම්බන්ධ වෙන නර්ව් ගියර් නම් හිස්වැස්මක් දාගන්න ඕනේ.ඉතින් මේ අමුතුම අත්දැකීම විදගන්න 10000ක් විතර දෙනා මේවා මිලදී අරගෙන මේ ගේම් එක සෙල්ලම් කළා.ඉතින් අපේ ප්‍රධාන චරිතය වන කිරිගයා කසුටෝ එහෙම නැත්තම් කිරිටෝ කියන අවරුදු 14 ක පොඩි කොල්ලත් මේ ගේම් එක සෙල්ලම් කරනවා.මිනිහා හරිම දක්ෂ ගෙමර් කෙනෙක්.ඉතින් ඔහොම කස්ටිය VR ගේම් එකේ විනෝද වෙමින් ඉන්නකොට එකවරම ගේම් එකෙන් එලියට යන්න තියන Log-Out බොත්තම අතුරුදහන් වෙනවා.ඒ සමගම ඒ ගේම් එක හදපු කෙනා අකිහිකෝ කයබා කියන ඩයල් එක ඇවිත් මාරම කතාවක් කියනව. “දැන් මේ ගේම් එකෙන් එලියට යන්න කාටවත් බෑ.ඔයාලට එලියට යන්න පුළුවන් එකම විදිය තමයි මුළු ගේම් එකම සම්පූර්ණ කරන එක. ඔයා ගේම් එක ඇතුලෙදි මැරුනොත් ඔයාගේ නර්ව් ගියර් එකෙන් ඔයාගේ මොලය විනාශ කරලා ඇත්ත ලෝකෙදි ඔයාව මැරෙනවා. ඒ වගේමපිට ඉන්න කවුරුහරි කෙනෙක් තමන්ගේ නර්ව් ගියර් එක ගැලවුහොත් මොලයට හානි වෙලා මරණය අත් වෙනවා. ඉතින් අයෙමත් ඇත්ත ලෝකයට පණපිටින් යන්නන කැමතිනම් මේ ගේම් එක සම්පූරණ කරන්න”ඉතින් මුලින් කට්ටිය හිතුවේ මේක විහිළුවක් කියලා, එත් කට්ටියට පිටත ලෝකයේ ප්‍රවෘති පෙන්නුවහම තමයි කතාව ඇත්ත බව වැටහුනේ.ඉතින් මේ මාරාන්තික ගේම් එක ඉවර කරන්න දක්ෂම ක්‍රීඩකයන් එකතු වෙලා කණ්ඩායම් හදනව.මේ කණ්ඩායමකට යන කිරිටෝට එයාගේ ප්‍රධාන ලව් ඉන්ට්‍රෙස්ට් එක මුණගැහෙනවා. ඒතමයි යුකී අසුනා.ඉතින් මේ විදියට කට්ටිය කොහොමහරි මේ ගේම් එක ඉවර කරලා නිදහස් වෙලා එනවා.ඉතින් මම මේ කිව්වේ ඉතාමත් කෙටි සාරාංශයක්.ඒ කතාවේ මීට වඩා හුගක් දේවල් වෙනවා.මම මේ ෆිල්ම් එක තේරුම් ගන්න අවශ්‍ය වන වැදගත්ම කරුණු ටික විතරයි කියල තියෙන්නේ.ඉතින් පුලුවන්නම් ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා TV Series දෙක බලලම ඉන්න.

ෆිල්ම් එකේදී වෙන්නේ ලෝකයට අලුත් AR ගැජට් එකක් හදුන්වලා දෙනවා. ඒක ඕග්මා කියල තමයි නම් කරලා තියෙන්නේ.ඉතින් දැන් කස්ටිය VR වලින් බැහැර වෙලා AR වලට මාරු වෙනවා.මේ AR සදහා හදපු ගේම් එක තමයි Ordinal scale කියන්නේ.මේකෙදි අපිට යූනා කියලා AI කෙනෙකුත් මුණගැහෙනවා.එයා වටා තමයි මේ කතාව කියවෙන්නේ.ඉතින් ෆිල්ම් එක ගැන තව කියන්න යන්නේ නෑ.ෆිල්ම් එක බලලම කතාව හොදද කියන්න.

මේ ෆිල්ම් එක තිරගත වුනේ 2017 පෙබරවාරි 08 වෙනිදා.කලින් TV Series දෙක වගේම මේකත් සජීවීකරණය කලේ A-1 Pictures කියන ඇනිමි ස්ටූඩියෝ එකෙන්. මේක පැය දෙකක් විතර දුවන ෆිල්ම එකක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Itou Tomohiko.කතාව හැදෙන්නේ Kawahara rekiකියන කෙනාගේ Light Novel එක පාදක කරගෙන.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 798MB | 

b3bca060496a78f82ffa31c6537559dd73cbe158

| BluRay | x264 | 1080p | 1GB | 

4c5af4e13aa10d59c0aab5a141c897b48c24a55c

 Direct Download

| BluRay | x264 | 720p | 797MB | 

| BluRay | x264 | 1080p | 1GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *