One for the Money (2012) | වරෙල්ලා!හොරු අල්ලන්න

කතාව ගැන කියනවානම් සල්ලි මත තමයි කතාව ගොඩනැගිලා තියෙන්නේ,පොස්ටර් එක බැලුවමත් ඔයාලට පේනවා ඇති අමුත්තක්,එකේ හැටියට අපේ මුරලි කොල්ලා ඉන්නේ උඩු යටිකුරු වෙලා.බලනකොට එකේ පුදුමෙකුත් නැ.එහේම නොවුනනන් තමයි පුදුම වෙන්න ඔන.මොකද ඒ තරමටම අපේ ස්ටෙෆනි අක්කි හොදයි. කතාව පටන්ගන්නේ ස්ටෙෆනි අක්කගේ අඳෝනාවකින්,මොකද මේ කතාවේ හැටියට අක්කා ඩිවොස් වෙලා අතේ සතේ නැතුව ඉන්නේ,ඉතින් එයා එයාගේ මහගෙදර යනවා.එතනදි එයාට අන්තිමට ඉතිරිවෙලා තිබුන කාර් එකත් ණයකාරයෙක්ද කොහෙද අරන් යනවා.ඉතින් එයාගේ දෙමව්පියො ඊලඟට මොකද කරන්නේ කියලා කල්පනා කරනවා.එයාගේ තාත්තා රස්සාවක් හොයාගන්න කියනකොට අම්මා කියන්නේ මිනිහෙක් හොයාගන්න කියලා.අන්තිමට එයා තීරණය කරනවා ජොබක් හොයාගන්න.එතකොට එයාගේ විසේකාර ආච්චි කියනවා ගිහින් එයාගේ ඥාති සහොදරයා හම්බවෙලා රස්සාවක් ඉල්ලගන්න කියලා.ඉතින් මෙයත් යනවා එයා හොයාගෙන,ඉතින් ඥාතියත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.මිනිහා බවුන්ටි හන්ටින් එජන්සියක් දාගෙන ඉන්නේ.එයාලග කොහෙන්ද මෙයාට රස්සාවක්!

එගොල්ලො ලඟ තියෙන්නේ අපරාධකාරයෝ අල්ලන එවානෙ,ස්ටෙෆනි අක්කත් කරන්න දෙයක් නැති තැන අපරාධකාරයෝ අල්ලන වැඩේට කැමතිවෙනවා ලැබෙන ගාන හොදනිසා.මෙයාට ලැබෙන්නෙ අල්ලන්න බැරුව මගහැරුනු අපරාධකරුවන්ගේ ලිස්ට් එකක්,මෙයා ඔක පෙරල පෙරල එකක් හොයනකොට තමයි මුරලි කොලුවා වැඩේට එන්ටර් වෙන්නේ.එකේ සදහන්වෙලා තියෙන්නේ පණපිටින් හරි මැරිලා හරි මුරලිව ඇල්ලුවොත් ඩොලර් පනස්දාහක් ලැබෙනවා කියලා.ගෑනි ඔක දැක්ක ගමන් මුරලි කොල්ලව අල්ලන්න කැමති වෙනවා.මුරලිට එල්ලවෙලා තියෙන චෝදනාව තමයි සිගී කූලිසා කියන කෙනාව ඝාතනය කිරිමේ චොදනාව,මිනිහත් ලේසිපාසු පොරක් නෙවෙයි,හිටපු දක්ෂ පොලිස්කාරයෙක්.හැබැයි ඉතින් කෙල්ල කොල්ලව අල්ලන්න යන්නේ සල්ලි බලාගෙනද?නැත්තන් වෙන හේතුවක් තියෙනවද? අපොයි ඔව්,වෙන හේතුවකට තමයි.මෙයා ඉස්සර ආදරේ කරලා තියෙන්නේ මුරලිට,ස්ටෙෆනි අක්කි එයාට අවුරුදු 16යෙදි මුරලි අයියට එයාගේ මොකක්ද එකක් පුජ කරලා.පුජාව ලබාගත්තට පස්සේ කපු මහත්තයා කෙලීව මගහැරලා.ඔක තමයි හේතුව.ස්ටෙෆනි අක්කගේ හිතේ ඔකේ තරහා තාමතියෙනවා.ඉතින් කෙල්ල හිතන්නේ මේක කෙල්ලට පලිගන්න ලැබුනු චාන්ස් එකක් කියලා.හැබැයි මුරලි ගොයියත් මෙයා එක්ක ඉන්නේ මල පැනලා.එකට හේතුව එයා කියන්නේ මෙයා තනියෙන් මුරලි හැංගිලා ඉන්න තැන හොයාගෙන ගිහින් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලලා පොලිසියට ඇවිල්ලා පොලිසියට බාර වෙන්න කියලා කියද්දි.හැබැයි කෙල්ල ඇවිල්ලා ඉන්නේ තනියම කියලා දැනගන්න මුරලි පස්සේ ස්ටෙෆනි අක්කාට තැන්ක්ස් කරනවා ගොඩ කාලෙකින් හිනාවුන්නැ හිනැස්සුවට ස්තුතියි කියලා.ඊට පස්සේ…..මුරලි අයියා පොඩි ට්‍රික් එකක් දාලා මෙතනින් මාරු වෙනවා.කෙල්ලටත් තේරෙනවා තනියම ගිහින් මිනිහාව අල්ලන එක බොරු වැඩක් බව.කෙල්ල තව බවුන්ටි හන්ටර් කෙනෙක්ගෙන් උදව් අරගෙන අලුතින් ගන් එකකුත් අරගෙන වැඩේ පටන්ගන්නවා.ඒ අතර කෙල්ලට සල්ලි ඔන නිසා නිතියෙන් හැංගිලා ඉන්න ආතල් පොරවල් ටිකකුත් අල්ලලා සල්ලි ගන්නවා.මුරලිව හොයන්න බැරිබව දැනගන්න ස්ටෙෆනි අක්කා මුරලිට තමන් පස්සේ එන්න වෙන වැඩකුත් කරනවා.ඔකට තදවෙන මුරලි මෙයාව හොයන් ඇවිල්ලා මෙයාට මාංචුත් දාලා ගෙදර උඩුයටිකුරු කරලා යනවා.ඔකට හැබැයි ස්ටෙෆනි අක්කා පලිගන්නේ චිත්‍රපටය අන්තිම කිට්ටුව,එයා මුරලිට මොකක්ද බලන්නකො කරන්නේ.කොහොමහරි ස්ටෙෆනි අක්කාට තේරෙනවා මුරලි මිනිමැරුමට නිර්දොශයි කියලා,මුරලිත් කරගන්න දෙයක් නැතුව බේරෙන්න හිතාගෙන අන්තිමේදි මෙයාගෙන් උදව් ඉල්ලනවා.අන්තිමට ඇත්ත මිනිමරුවා අල්ලගන්න දෙන්නා එකතුවෙලා තමයි වැඩ කරන්නේ. කොහොමහරි මෙච්චර ආතල් එකක් තියෙන චිත්‍රපටයට ලැබිලා තියෙන IMDb අගය නම් 5.3යි.ඒ 36000+ වඩා වැඩි ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින්,මෙකට ඊට වඩා වැඩි අගයක් ලැබෙන්න ඔන කියලා ඔයාලා මෙක බාගෙන බැලුවොත් තේරෙයි.මං පලවෙනියටම සබ් කරපු When In Rome චිත්‍රපටයටත් IMDb අගය තිබුනේ 5.6යි.ඒ වුනාට එක බලපු අය දන්නවා එක සුපිරිද නැද්ද කියලා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 600MB | 

93b5fb786bbb93059a5a084187c57f28b0b51804

| BluRay | x265 | 1080p | YTS | 1.1GB | 

154c9c75330cf4833301fa63a1976e3ea6b7e2a9

 Direct Download

| BluRay | x264 | 720p | YTS | 600MB | 

| BluRay | x264 | 1080p | 940MB | 

| BluRay | x264 | 1080p | YTS | 1.1GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *