It (2017) | ළමයින් බිලිගන්නා බිහිසුණු කවටයා!

මොර සූරන මුරුගසම් වර්ෂාව…
ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්…
මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා…
අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව,
වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න!
බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා…
පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ…
අපොයි! වතුර බහින්න තියෙන කාණුවක් අස්සට බෝට්ටුව වැටුණා!
දැන් ඉතිං බෝට්ටුව අරගන්නේ කොහොමද?
බෝට්ටුව අරගන්න බැරි වුනොත් අයියගෙන් බැණුම් අහන්න තමයි වෙන්නේ!
පුංචි ජෝර්ජිගේ පුංචි හිතට කල්පනා වුනේ එහෙමයි…
ඒත්, පොඩ්ඩක් ඔහොම ඉන්න!
කාණුව අස්සේ කවුද ඉන්නවා!
සැණකෙළි වල ඉන්න විදියේ විකටයෙක්!
හරි ආදරෙන් ජෝර්ජිට කතා කරලා බෝට්ටුව දෙන්න හැදුවා…
නමුත්, අන්තිමේදී සිද්ධවුණේ…
මුරුගසම් වර්ෂාවේ, කිසිවෙකුටත් නොපෙනී…
අහිංසක පුංචි ජෝර්ජිට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවුණා!
කාලය ගෙවිලා ගියා…
ඩෙරී නගරයේ ළමයි එකා බැගින් එකා අතුරුදහන් වුණා…
කිසිඳු සලකුණක් හො නොමැතිව!
මොකක්ද මේ වෙන්නේ?
කවුරුවත්ම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ!

නම දැක්ක ගමන් ගොඩක් දෙනෙක් අඳුරගන්න ඇති මොකක්ද චිත්‍රපටිය කියලා. ඔව්, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් දැවැන්තම සිනමා නිර්මාණයක් තමයි මේ අරගෙන ආවේ. නිකන්ම නිකන් දැවැන්ත චිත්‍රපටයක් නෙමෙයි. චිත්‍රපට ඉතිහාසයම වෙනස් කරපු චිත්‍රපටයක්. මේ සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 8 වෙනිදා. චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේඇමරිකානු ඩොලර් මිලියන 35ක් වගේ මුදලකින්. අද කාලේ චිත්‍රපටි වලට වියදම් කරන මුදලත් එක්ක බැලුවාම ඩොලර් මිලියන 35ක් කියන්නේ සොච්චම් මුදලක් වගේ තමයි. ඒ නිසාමද මන්දා, නිෂ්පාදකයින් මේ චිත්‍රපටියෙන් බලාපොරොත්තු වුනේ ඩොලර් මිලියන 85ක බොක්ස් ඔෆිස් ආදායමක් විතරයි. නමුත්, සමහර වෙලාවට අපි කිසිසේත්ම නොසිතන දේවල් වෙනවා. මෙතැනදී වෙන්නෙත් නිෂ්පාදකයින් කිසිම විදියකින් නොසිතපු විදියේ දෙයක්. මෙම චිත්‍රපටය පළමු සති අන්තය නිමා කලේ(සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන) ඇමරිකානු ඩොලර් මිලියන 123 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින්. මේ තමයි එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුල R කාණ්ඩයේ චිත්‍රපටයක් පළමු සති අන්තය තුල ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. පළමු සති අන්තයේදී ඩොලර් මිලියන 132 ක් ලබාගත් Deadpool චිත්‍රපටයට පමණයි මෙය දෙවැනි වෙන්නෙ. මේ ආකාරයෙන් ආරම්භ වෙච්ච මේ සිනමා නිර්මාණයේ ගමන, බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක බිඳ දමමින්, සමස්ත සිනමා ඉතිහාසයම උඩි යටිකුරු කරනු ලැබුවා. ලබාගත් බොක්ස් ඔෆිස් වාර්තා පිළිබඳව කෙටියෙන් පවසනවා නම්,

  • පළමු සති අන්තය තුල R කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව.
  • එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල R කාණ්ඩයට අයත් Horror චිත්‍රපටයක් ලබාගත් වැඩිම ආදායම් වාර්තාව.
  • එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල Horror – Supernatural කාණ්ඩයට අයත් චිත්‍රපටයක් ලබාගත්දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. (පළමු ස්ථානය – The Sixth Sense – ඩොලර් මිලියන 673)
  • එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල ඕනෑම Horror කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. [The Sixth Sense චිත්‍රපටයේ මෙම වාර්තාව, මෙම චිත්‍රපටය මගින් නුදුරු අනාගතයේදීම බිඳ වැටෙනු ඇතැයි අපේක්ෂා කල හැකිය]
  • Stephen King විසින් රචනා කරන ලද කෘතියක් අනුසාරයෙන් නිපදවන ලද චිත්‍රපටයක් ලබාගත්වැඩිම ආදායම.
  • සිනමා ඉතිහාසය තුල සැප්තැම්බර් මස තිරගතවීම ආරම්භ කරන ලද චිත්‍රපට අතුරින් පළමු සති අන්තයේ වැඩිම ආදායම් වාර්තාවක් ලබාගත් චිත්‍රපටය.
  • ඕනෑම R කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් තෙවන වැඩිම ආදායම් වාර්තාව.
  • 2017 වර්ෂයේ නිකුත් වූ සියළුම චිත්‍රපට අතුරින් නමවෙනි වැඩිම ආදායම් වාර්තාව.

මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් වාර්තා කීපයක් විතරයි. මේ කරුණු ටික ඇති චිත්‍රපටිය මොන වගේ එකක්ද කියලා හොඳ අදහසක් ලබාගන්න. Horror, Thriller කාණ්ඩ යටතේ මේ සටහන ලියවෙන මොහොත වන විට එක්ලක්ෂ හැටදහස ඉක්මවූ මනාප සංඛාවක් තුලින් IMDB දර්ශකයේ 7.8ක් වැනි ඉහළම අගයක් කරා පැමිණීමට මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒ වගේම, මේ මොහොත වන විට ඇමරිකානු ඩොලර් මිලියන 654 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවන්න සමත්වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම්, තිරගතවීම ආරම්භ වෙලා මාසයක් ගතවෙන්නත් කලින් අරාබි වෙබ් අඩවියක් මගින් HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් නොකරන්න, මීට වඩා බොහොම දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් නිසැකවම මෙම චිත්‍රපටය තියනවා. ඒ වගේම, චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ, Stephen King මහත්මයාගේ සුප්‍රසිද්ධ IT නම් නව කතාව.

Horror චිත්‍රපට කිව්වාම සමහරු කියනවා, “අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” කියලා. මේකට සාධාරණ හේතුවක් තියෙනවා. ගොඩක්ම Horror චිත්‍රපට ඒකාකාරී ස්වරූපයක් ගැනීම තමයි මේකට ප්‍රධානම හේතුව. මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට හොල්මනක් වැහෙනවා. නැත්නම්, ගෙදරට යක්ෂයෙක් එනවා. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අන්තිමට බොහොම බලගතු පූජකයෙක් එක්කගෙන ඇවිල්ලා යක්ෂයා හරි හොල්මන හරි එළවලා දානවා. මේ තමයි වර්තමාන සිනමාව තුල අපිට ගොඩක්ම දකින්න පුළුවන් කතා තේමාව. තවත් සමහර ලොකු ලොකු Horror චිත්‍රපට තියෙනවා. බොහොම ලොකුවට කයිය ගහගෙන එනවා. හැබැයි, සාම්ප්‍රදායික යල් පැනගිය කතාවම තමයි ඇතුලේ තියෙන්නේ. අන්තිමට ලැජ්ජාව වහගන්න කියනවා, අපේ චිත්‍රපටිය බලලා බය වෙලා මිනිස්සු අච්චර ගාණක් මැරුණා, මෙච්චර ගාණක් මැරුණා කියලා. අනේ, මිනිස්සුත් ඉතිං ඕවට රැවටිලා ගිහිල්ලා බලනවා. චිත්‍රපටිය ඉවර වුනාම අන්තිමට බනින්නේ, “අපෝ, හොල්මන් චිත්‍රපටි නම් මෙලෝ වැඩක් නැහැ. ආයෙමත් බලන්නේ නැහැ” කියලා. මෙන්න මේ වගේ සාම්ප්‍රදායික යල් පැනගියපු හොල්මන් චිත්‍රපට නිසා තමයි සමස්ත Horror චිත්‍රපට ක්ෂේත්‍රයම බාල්දුවට ලක්වෙලා තියෙන්නේ.

ඉතිං, මේ වගේ කාල සමයක තමයි මේ IT චිත්‍රපටිය නිකුත් වෙන්නෙ. මං කියපු කාරණා හොඳට තේරුණා නම්, මේ චිත්‍රපට මිනිස්සු මෙච්චර සාදරයෙන් වැළඳගන්න හේතුව මොකක්ද කියලා දැනටම තේරුම් ගිහිල්ලා ඇති. ඔව්, සාම්ප්‍රදායික Horror චිත්‍රපට කලාවේ සීමා බැමි සුනු විසුනු කරමින්, මෙතෙක් කාලයක් පුරාවට ඒකාකාරී රටාවකට යමින් තිබුණු Horror චිත්‍රපට ක්ෂේත්‍රය, නැවුම් වූ මාවතක් කරා යොමුවීමක් මෙම චිත්‍රපටය තුලින් සිදුවෙලා තියෙනවා. කොටින්ම කියනවා නම්, සමස්ත Horror චිත්‍රපට ක්ෂේත්‍රයම උඩි යටිකුරු වීමක් සිද්ධවෙනවා. ඒ නිසා වගකීමෙන් කියනවා, මේ තියෙන්නේ ඔයාලා කලින් දැකලා පුරුදු සාම්ප්‍රදායික හොල්මන් චිත්‍රපටයක් නෙමෙයි. මෙච්චර කාලයක් තිස්සේ පුටුව උඩ අලසව වාඩිවෙලා නරඹපු හොල්මන් චිත්‍රපට වෙනුවට, බොහොම කුතුහලයෙන් පුටුව උඩ නැගලා බලන්න පුළුවන් විදියේ සුවිශේෂී නිර්මාණයක් කියලා සහතික කරලා කියනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HC HDRip | x264 | 720p | 1.1GB | 

cf45c6ce67b08964a6a2a8a8bcf46af25f8d4a9b

 Direct Download

| HC HDRip | x264 | 480p | 500MB | 

| HC HDRip | x264 | 720p | 990MB | 

| HC HDRip | x264 | 720p | 1.1GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “It (2017) | ළමයින් බිලිගන්නා බිහිසුණු කවටයා!

  • November 1, 2017 at 10:18 pm
    Permalink

    It eke subtitles ikmnt denn mchn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *