Battle for the Planet of the Apes (1973) | වානර ලෝකයේ සංග්‍රාමය

මේ චිත්‍රපටි මාලාවෙ පළමු චිත්‍රපටිය එළිදැක්වෙන්නේ Planet of the Apes කියන නමින් 1968 දි. ප්‍රංශ ජාතික කතුවරයෙක් වෙන Pierre Boulle රචනා කරපු Planet of the Apes or Monkey Planetකියන විද්‍යා ප්‍රබන්ධ කතාව තමයි මේ චිත්‍රපටි මාලාවට යොදා ගන්නේ. මුල්ම එක කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම් ඊට පස්සේ එකිනෙකට සම්බන්ධ තවත් චිත්‍රපටි හතරක් නිර්මාණය වෙනවා.Beneath the Planet of the Apes (1970), Escape from the Planet of the Apes (1971), Conquest of the Planet of the Apes (1972), Battle for the Planet of the Apes (1973) කියන චිත්‍රපටි තමයි ඒ. අන්න ඒ 5 වෙනි සහ අවසාන එක තමයි මේ චිත්‍රපටිය.

මේ චිත්‍රපටියෙන් පස්සෙ මේ කතා මාලාවෙ රී බූට් චිත්‍රපටි මාලවකුත් (Reboot Series) නව නිර්මාණ ලෙස ඉදිරිපත් වෙනවා. Rise of the Planet of the Apes (2011) , Dawn of the Planet of the Apes (2014)War for the Planet of the Apes (2017) තමයි ඒ.

මේක IMDB දර්ශකයේ 5.5 ක අගයක් ගත්ත චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කළේ J.Lee Thompson. මේකෙ ප්‍රාධාන චරිතය වන “සීසර්” ට රඟපාන්නෙ Roddy McDowall. අල්ඩෝ විදිහට Claude Akinsවගේම, වර්ජිල් විදිහට Paul Williams සහ කෝල්ප් විදිහට Severn Darden රඟපානවා. මේ චිත්‍රපටිය20th Century Fox ඉදිරිපත් කිරීමක්. මේක මුළින්ම තිරගත වුනේ 1973 ජුනි මාසෙ 15 වෙනිදා.

පැය 1 විනාඩි 33ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය සඳහා ඒ ගොල්ලො වියදම් කරල තියෙනවලු ඩොලර් මිලියන 1.7ක්.

වානරයන්ගෙ නායකය වෙන සීසර් මැරිලා අවුරුදු 600කට පස්සෙ, පොඩි දරුවො කට්ටියකට සීසර්ගෙ කතාව කියන හැටි තමයි මේකෙ තියෙන්නෙ. සීසර් තමන්ගෙ දෙමාපියන් ගැන දැන ගන්න න්‍යෂ්ටික බෝම්බෙන් විනාශ වෙච්ච තහනම් නගරෙට ගියාම තමයි දැන ගන්නෙ එහේ ඒ වෙද්දිත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න බව. සීසර්ව දැකපු මිනිස්සු වානරයන්ව හොයාගෙන ඇවිත් වෙන දේවල් ඔන්න මේකෙන් බලාගන්න පුළුවන්. වැඩිපුරම නපුරො මිනිස්සු කියල සීසර් හිතුවට වානරයන්ගෙ අතරෙත් නපුරො ඉන්නව කියල සීසර් මේකෙදි තේරුම් ගන්නවා. ඔක්කොම කියන්න ඕන නෑ…

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 700MB | 

662c8daf99efbb23c026d376f914045a5800deac

| BluRay | x265 | 1080p | YTS | 1.1GB | 

02419b597daa852cc5d0f07c1f1360aef3b1f582

 Direct Download

| BluRay | x264 | 720p | YTS | 700MB | 

| BluRay | x264 | 1080p | YTS | 1.1GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Battle for the Planet of the Apes (1973) | වානර ලෝකයේ සංග්‍රාමය

  • October 29, 2017 at 2:08 pm
    Permalink

    This film runs half , balance half not playing

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *