Tiyaan (2017) | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා! BDRip Update

කඳුකර භූමියෙන් පැවතගෙන ආවා වූ ගුරුවරුන්ගෙත් ගුරුවරයෙකු විසින් අද්වේත වේදන්තයන් හට ක්‍රිස්තු වර්ෂ නව වන සියවසේදී පවසනු ලැබුවා, “දෙවියන් සහ ඔබ යනු එකම පුද්ගලයෙකි!” යනුවෙන්. ඒ තමයි, ආදී ශංකරන්. දිශා අටෙහිම තම යුධ බලය මැනවින් විදහා පෑවා වූ බලවත් රජවරුන් විසින්, තම බල සේනාවන් සමගින් ආදී ශංකරන් හට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වුණා. උතුරුදිග තැනිතලාව වෙත ගමන් කල ජගත්ගුරු විසින් ඔහුගේ තියුණු බුද්ධි මහිමය සහ ප්‍රඥා සම්පත්තිය යොදවමින් ආගමික නායකයින් සහ දේවගැති මිනිසුන් නිර්මාණය කරනු ලැබුවා. අද්වේත ධර්මය ස්ථාපනය කිරීමට සහ ප්‍රචාරණය කිරීම උදෙසා විවිධ වූ ආරණ්‍යයන්, වන්දනාමාන කිරීමේ ස්ථාන සහ ඉගැන්වීමේ මධ්‍යස්ථානයන් ශංකරන් විසින් පිහිටුවනු ලැබුවා. යුග ගණනාවක් ගතවන විට, ශංකරයන්ගේ මාතෘ භූමියේ සිට මෙම දැනුම මධ්‍යස්ථාන වලට දහස් ගණනින් ජනතාව පැමිණියා. ඔවුන් සමහරු නැවත පිටත්ව ගියා. තවත් සමහරුන් ඔවුන්ගේ මුළු ජීවිත කාලයම මෙම ස්ථාන වල ගත කළා. ඔවුන්ගෙන් පසුව බොහොම ස්වල්ප පිරිසක්, පරම්පරා ගණනක් මෙම ස්ථාන වල නැවතී සිටියා. ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියා. වර්ෂ 1990 දශකය වන විට මෙම පරම්පරාව අවසාන පුරුක දක්වාම ක්ෂය වී ගියා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ අති මහත් දැනුම් සම්භාරයක් රැගෙන එමින්, ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කළා වූ පරම්පරාවක අවසාන පුරුක, පට්ටාභිරාම ගිරි පණ්ඩිත් ජී!

තෙරෙක් නොපෙනෙන්නා වූ තැනිතලා භූමියේ, දූවිල්ලෙන් වැසී ගියා වූ කටුක භූමි ප්‍රදේශයේ, පිපාසය සංසිදවා ගැනීමට දිය පොදක් සපයා ගැනීමට දුෂ්කර වූ ශාපලත් ප්‍රදේශයේ සියලු ජනතාවගේ හිත දිනාගනිමින්, සියලු දෙනාගේම යහපත වෙනුවෙන් දරදිය ඇදි යුග පුරුෂයෙකු තමයි මේ, පට්ටාභිරාම ගිරි පණ්ඩිත් ජී කියන්නෙ. මෙම තැනිතලා භූමියේ විවිධ වූ ආගම් වලට අයත් මිනිසුන් ජීවත් වුණා. නමුත්, ඔවුන් කිසිවිටෙකත් සිය ආගම් මුල්කොට ගනිමින් කෝලාහල කරගත්තේ නැහැ. සියලු දෙනාම එකාවන්ව සමගියෙන් සාමදානයෙන් ජීවත් වුණා. මෙතක් කාලයක් පුරාවට සුළඟකින් හෝ බාධාවක් නොවූ මෙම හුදෙකලා ගම්මානයට හිටිහැටියේම සුළඟක් හැමුවා. එසේ මෙසේ සුළඟක් නම් නෙමෙයි. අතිශය දරුණු, අනුකම්පා විරහිත චණ්ඩ මාරුතයක්. මෙම චණ්ඩ මාරුතයත් සමගින් මෙතෙක් කාලයක් පුරාවට සංසුන්ව පැවතුනා වූ උතුරු තැනිතලා භූමිය සසල වී ගියා. වෙනත් වචන වලින් කියනවා නම්, නැවත කිසිදිනෙක යථා තත්වයට පත්කරලිය නොහැකි අන්දමින් විනාශ වී ගියා. මේ සා අති මහත් විනාශයක් සඳහා හේතු සාධක වූයේ දෙවි කෙනෙක් යැයි පැවසුවහොත් ඔබ විශ්වාස කරනවාද?

මහාශායි දෙවියන්! දේශය පාලනය කරන්නා වූ ඉහළම තලයේ දේශපාලඥයින් ඇසුරු සැනකින් තම දෙපා මුලට ගෙන්වාගෙන, සුනඛයෙකු මෙන් ඔවුන් තම දෙපා මත්තේ වැඳ වැටී බෙලහීන තත්වයට පත්කිරීමට තරම් අතිශය බලවත් පුද්ගලයෙක්. තමන් සිතන්නේ කුමක්ද, කුමන ආකාරයෙන් හෝ එය ඉෂ්ඨ සිද්ධකර ගැනීමේ හැකියාවක්, තමන් දෙවියන් යැයි කියාගන්නා මෙම පුද්ගලයාට තිබුණා. ගිණිය නොහැකි තරම් වූ බැතිමතුන්, මැර හමුදාවක් විසින් සපයන්නා වූ ආරක්ෂාව, රටේ ඉහළම පෙළේ දේශපාලඥයින් තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාකරවීමට ඇති හැකියාව නිසාවෙන් සමස්ත දේශයම පාලනය වූයේ මොහුගේ සිතූ මනාපයට යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. මෙතරම් බලවත්, පිටතින් තමන් දෙවියන් යැයි පෙන්වමින්, ඇතුලතින් අතිශය දරුණු පුද්ගලයෙකු වූ මොහු වැනි පුද්ගලයෙකු හදිසියේම හුදෙකලා උතුරු තැනිතලා භූමියේ ආශ්‍රමයක් ඉදිකරවා, බැතිමතුන් සමගින් සිය පිරිවරත් කැටුව එහි පදිංචියට පැමිණෙනවා. පෙර පරිදිම කුමන හෝ ආකාරයකින් තම අරමුණු ඉෂ්ඨ සිද්ධකර ගැනීම උදෙසා සිය අත්තනෝමතික ක්‍රියාකලාපය පවත්වාගෙන යනවා.

නීතිය වල් වැදී ගියා. සත්‍යට කිසිඳු තැනක් නැතිවී ගියා. එළිපිටම, සියලු දෙනා ඉදිරියේ අසාධාරණය රජ කරන තත්වයක් ඇති වුණා. මෝහයෙන් මුලා වූ ජනතාව, මේ කිසිත් නොදැන අන්ධකාරයේ අතරමං වුණා. යන්තම් හෝ සිහි බුද්ධියක් සහිත වූ ස්වල්පයක් වූ ජනතාවට ප්‍රචණ්ඩත්වය යොදවා ඔවුන්ව අඩපණ කරනු ලැබුවා. මෙම උතුරු තැනිතලා භූමිය තුල මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ වචනාර්ථයෙන්ම අතිශය දරුණු ඒකාධිපති පාලනයක්. එනමුත්, ශත වර්ෂ ගණනාවක් තිස්සේ උතුරු තැනිතලා භූමිය සිය නිවහන කරගනිමින්, ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇප කැප වුණා වුද, ආදී ශංකරයන්ගේ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක වුණා වූද, බ්‍රාහ්මණ වංශික පට්ටභිරාමගිරි ස්වාමි මෙම දේව පාලනයට එරෙහිව නැගී සිටියා. නමුත්, කළු ගලේ ඔළුව හප්පගත්තොත් තුවාල වෙන්නෙ තමන්ටමයි. අන්තිමේදී, මහාශායි දෙවියන් ලෙස තමන්ව හඳුන්වාගන්නා වූ මෙම පුද්ගලයා සමගින් ඇතිකරගන්නා වූ ආරවුල හේතුවෙන් ගිරි ස්වාමි සතු සියල්ලක්ම ඔහුට අහිමි වෙනවා. සිය ප්‍රාණ සම වූ දරු පවුල හා, ඔහු සතු සියල්ල අහිමිව අන්ත අසරණව කිසිත් කරකියාගත නොහැකිව පසුවන්නා වූ ගිරි ස්වාමිගේ සහයට එක්තරා බලවේගයක් පැමිණෙනවා. බොහොම සංසුන් පුද්ගලයෙක්. නමුත්, කාලයකට ඉහතදී බොහොම ප්‍රචණ්ඩ පුද්ගලයෙක්. තර්ජනයට තර්ජනයෙන් පිළිතුරු දී නොනැවතී, වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීමට තරම් දරුණු සාහසික පුද්ගලයෙක්. දෙවියන්ගේ භූමියට හිස් අතින් පැමිණ, දහසක් වූ බැතිමතුන් ඉදිරියේ දෙවියන් හට අභියෝග කිරීමට තරම් අතිශය නිර්භීත පුද්ගලයෙක්. මෝහාන්ධකාරයෙන් මුලා වී, නීතිය කියා නාමයක් වත් නොමැති, දේව නීතිය පමණක් ක්‍රියාත්මක වන්නා වූ සමාජයක, දෙවියන් පරදවා උතුරු තැනිතලාවට යළිත් ආලෝකය ගෙනදීමට මෙම අදෘශ්‍යමාන පුද්ගලයාට හැකියාව ලැබේවිද? දෙවියන්ට එරෙහිව සාමාන්‍ය මිනිසෙකුගේ යුද්ධයක්! කවුරු ජයග්‍රහණය කරාවිද?

හොඳයි, එහෙනම් මේ වතාවේ එන්නේ, මලයාලම් චිත්‍රපට රසිකයින් මේ වර්ෂයේ බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටයක් අරගෙනයි. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත්වීමත් සමගින් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතා කරන්න පටන්ගත්තා. මොකද කියනවා නම්, ඉන්දියාව තුල බොහොම දරුණුවට ක්‍රියාත්මක වන, ආගම් මගින් මිනිසුන් රවටාගෙන, ඔවුන් සූරාකෑමේ ක්‍රියා සඳහා මෙම චිත්‍රපටය තුලින් තදබල පහරක් එල්ල කරනවා. ඉන්දියාවේ තරම් දරුණුවට නැතත්, වර්තමානය වන විට ලංකාවෙත් මේ තත්වය අපිට බොහොම සුලභව දැකගන්න පුළුවන්. මේ ආගම්වාදී ප්‍රශ්න නිසාද මන්දා, මලයාලම් චිත්‍රපටයකට සාමාන්‍යයෙන් කළාතුරකින් වියපැහැදම් කරන මුදල් ප්‍රමාණයක් වන, ඉන්දියානු රුපියල් කෝටි විස්සක බරපැනක් දරමින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම සිනමා සිත්තම ප්‍රේක්ෂකයින් අතර සිතූ තරම් ජනප්‍රිය වුනේ නැහැ. නමුත්, Action, Drama, Thrillerයන කාණ්ඩ ඔස්සේ 2017 වර්ෂයේ ජුලි මස 7 වෙනි දින සිට තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, IMDB දර්ශකයේ 7.5 ක් වැනි ඉහළ අගයක් ලබාගැනීමට නම් සමත් වුණා. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ කවුද කියලා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මලයාලම් චිත්‍රපට රසිකයෙක් නම්, Ezra (2017)Oozham (2016), Anarkali (2015), 7th Day (2014)Mumbai Police (2013) ආදී බොහෝ චිත්‍රපට ප්‍රමාණයකින් වර්තමාන මලයාලම් සිනමාව තුල අංක එකේ රංගන ශිල්පියෙකු ලෙස සලකනු ලබන්නා වූ Prithviraj Sukumaran පිළිබඳව නොදන්නවා වෙන්න බැහැ. ඔහුත් සමගින් ඔහුගේ සොහොයුරු Indrajith Sukumaran මෙම චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, චිත්‍රපටය ආරම්භ වන්නේ, එදා මෙදා තුර මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ බිහිවුණා වූ අද්විතීයම සහ ජනප්‍රියතම රංගන තාරකාව වන, මොහාන්ලාල්ගේ කටහඩෙන් කෙරෙන්නා වූ පසුබිම් විස්තරයක් සමගින්.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x264 | 480p | 500MB | 

7f803453aa5e7d9bed2cfbe711af2d10d8520207

| BDRip | x264 | 1CD | 733MB | 

370f1c8e65ad80d9d54aba000b610460129287b4

| BDRip | x264 | 720p | 1.4GB | 

777c6f11d655ae76e7ce1234a783d895c29d9b5d

 Direct Download

| BDRip | x264 | 480p | 500MB | 

| BDRip | x264 | 1CD | 733MB | 

| BDRip | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Tiyaan (2017) | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා! BDRip Update

  • September 24, 2017 at 9:04 am
    Permalink

    Thanks puluwannam Mumbai Police 2013 Film ekata Direct link ekak denna puluwanda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *