Justice (2017) | භීෂණයට එරෙහිව…!

මේ වතාවෙ තෝරගත්තෙ 2017 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 22 Newport Beach International Film Festivalහි දීයි. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 15. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Call of the Wild (2009)InSight (2011) සහ The Wrong Woman (2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Richard Gabai නම් අධ්‍යක්ෂකවරයා විසින්. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ John Lewis, Shawn Justice, D.C. Rahe සහ Jeff Seats යන අය විසිනුයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගන දායකත්වය ලබාදෙන්නෙ True Blood රූපවාහිනී කතාමාලාවේ James ලෙසත්, The Originals කතාමාලාවේ Jackson Kenner ලෙසත් චරිත නිරූපණය කළ Nathan Parson සහ Twilight (2008)The Twilight Saga: Eclipse (2010) සහ The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) යන චිත්‍රපට ත්‍රිත්වයේ Jasper Hale ලෙසත් මෑතකදී විකාශය වූ The Last Ship සිව්වැනි කතාමාලාවේදී Giorgio ලෙසත් රංගනයෙන් දායක වූJackson Rathbo විසිනුයි. සෙස චරිත සඳහා Jamie-Lynn Sigler,Stephen Lang,John Lewis සහEllen Hollman යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. මෙක්සිකෝවේ Santa Fe හිදී රූගතකිරීම් සිදු කළ මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Chasing Butterflies Pictures, Splash House Pictures සහ Check Entertainment යන සමාගම් මඟිනුයි. Universal Picturesසමාගම මඟින් ලොව පුරා බෙදාහැරීම සිදුකළ මේ සලරුවට ලැබිල තියෙන්නෙ නම් 4.1/10ක ටිකක් අඩු මට්ටමේ IMDb අගයක්.

මිනිත්තු 92ක් පුරාවට ගලා යන මේ සලරුවේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ තියෙන්නෙ 1861-1865 අතර කාලවකවානුව තුළ සිදුවූ ඇමෙරිකානු සිවිල් යුද්ධය ට පසු කාලවනවානුවකදී ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ කුඩා නගරයක ඇතිවන දරුණු සිදුවීම් දාමයක් පිළිබඳවයි. ඉතින් කතාව ගැන කෙටියෙන් කියනව නම්, සිවිල් යුද්ධයට කලින් වහල් වෙළඳාමෙන් තමන්ගෙ සාක්කු පුරෝගත්තු දාමරිකයෙක් වුණි පියර්ස් කියන හාදයා යුද්ධය ඉවරවුණාට පස්සෙ තවත් මැර කණ්ඩායමක් එකතුකරගෙන මේ කියන පොඩි ටවුමට ඇවිත් බලහත්කාරයෙන් නගරාධිපතිකම අරගන්නවා. පියර්ස්ගෙ සේරම යටිකූට්ටු වැඩවලට උදව් කරන්නෙ පියර්ස්ගෙ දකුණු අත වගේ ඉන්න රෙබ් කියන මැරයා. කලින් සාමකාමී ටවුමක් විදිහට තිබුණු මේ ප්‍රදේශය මැරවරයින්ගේ පාලනයට නතු වුණාට පස්සෙ දූෂණය, භීෂණය වගෙම නොයෙක් ආකාරයේ නීති විරෝධී වැඩ වලට තෝතැන්නක් බවට පත්වෙනවා. ඉතින් මිනිස්සුන්ට සිද්දවෙන අකටයුතුකම් ඉවසන්න බැරිම තැන ටවුමෙ පල්ලියේ දේවගැති තෝමස් මැකෝඩ් මේ භීෂණයට එරෙහිව නැඟී සිටිනවා. ඒත් ටික කාලයක් යද්දි ධාර්මික විදිහට මේ භීෂණය නවත්තන්න බැරි බව දැනගත්තු දේවගැති තුමා එයාගෙ අයියගෙන්, ඒ කියන්නෙ ජේම්ස් මැකෝඩ් ගෙන් උදව් ඉල්ලලා පණිවිඩයක් යවනවා. මේ ජේම්ස් මැකෝඩ් කියන හාදයා නම් ධාර්මික හාදයෙක් නෙවෙයි. එයා ඇමෙරිකානු මාෂල් කෙනෙක්. ඔය අතරෙ දේවගැතිතුමා නගරාධිපතිට විරුද්ධව වැඩ කරනවා කියල දැනගත්තු රෙබ් ඇවිත් දේවගැතිතුමාව මරල, පල්ලියත් ගිණිතියල දානවා. ඉතින් තමන්ගෙ සහෝදරයගෙ උදව්වට එන ජේම්ස් මැකෝඩ් තමන්ගෙ මල්ලිව පණපිටින් පුච්චලා මරපු බව දැනගත්තම මොනව කරයිද…

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 685MB |

81a027df54bcde30d7d21f4042046bfc689f4298

| BluRay | x264 | 1080p | 1.4GB |

b04fa5101a045f52337fc3fd28ea2476d691904c

 Direct Download

| BluRay | x264 | 480p | 388MB |

| BluRay | x264 | 720p | YTS | 684MB |

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *