Aan (1952) | ඉන්දීය හින්දි සිනමාවේ පළමු වෛවර්ණ සිනමාපටය නැරඹීමට ආරාධනා!

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. රජ පවුලක් සහ එහි රට වැසියන් අතර සිදුවන ගැටුම් මාලාවක් ගැන කියවෙන, දිල්ප් කුමාර්නදීරා සහ නිම්මි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. මෙය සඳහා සිංහල උපසිරසි ලබාදෙන මෙන් “කසුන් හර්ෂණ අත්තනායක” සොයුරා ඇතුළු කීපදෙනෙක්ම මගෙන් ඉල්ලා සිටි බව මතක් කිරීමට ද කැමැත්තෙමි.

මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වන්නේ ශාම්ශාර් කුමරු, රාජ්ශ්‍රී කුමරිය, ජායි ටිලක් සහ මංගලා ය. රජ මාලිගාවේ පැවතී සංදර්ශනයක දී රාජ්ශ්‍රී කුමරියගේ සොහොයුරු වූ ශාම්ශාර් කුමරු සහ ගම් වැසියෙක් වූ ජායි ටිලක් අතර ප්‍රදර්ශනාත්මක අසිපත් ගැටුමක් ඇතිවේ. මෙහිදී අසාධාරණ ලෙස කුමරු ජයගන්නා අතර පසුව පැවති තවත් තරගයක දී ජායි ටිලක් විසින් රාජ්ශ්‍රී කුමරියගේ අශ්වයා දිනාගනී. මේ නිසා රට වැසියා සහ මාලිගය අතර අමනාපයක් ඇතිවේ. ජායි ටිලක් මුරණ්ඩු ගති පැවතුම් ඇත්තෙක් නිසා ඔහු කුමරියගේ ආදරය දිනා ගැනීමට උත්සාහ කරයි. නමුත් රාජ්ශ්‍රී කුමරිය ඉතාමත් නපුරු ගතිගුණ සහිත කාන්තාවකි. එක් අවස්ථාවකදී ජායි ටිලක් විසින් කුමරිය පැහැරගෙන යනු ලබයි. එතැන් සිට ජායි ටිලක් හට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 

Direct Download

| DVDRip | x264 | 1CD | 572MB |          

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *