Wind River (2017) | හිම කතරේ අභිරහස් මරණය WEB-DL Update

ෆිල්ම් එකේ නම වෙන්නේ “Wind River“.ඒ වගේම මේකේ ඉන්නවා සුපිරිම නළුවෝ ටිකක්.ප්‍රධාන නළුවා වෙන්නේ වෙනින් කව්රුත් නෙමෙයි, “Jeremy Renner” ඇවෙන්ජර්ස් එකේදී “Hawkeye” නමින් ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළා , ගොඩක් අය එහෙම දැකලා ඇති . නොදන්නා කෙනෙක් නම් නැති වෙන්න බැහැ. ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ “Elizabeth Olse“මෙයාව අපිට හමුවෙන්නේ “Captain America: Civil War ” ෆිල්ම් එකේදී. Civil War සහ Avengers: Age of Ultron යන චිත්‍රපට වල “Scarlet Witch” නමින් තවත් ප්‍රධාන චරිතයක් රගපෑවා . තව ඩෙයාඩෙවිල්එකේ “පනිෂර්” ඉන්නවා , ඒ වගේම මේ චිත්‍රපටය රතු ඉන්දියන්වරුන්ටත් සම්බන්ධයි . ජනප්‍රිය ගෝත්‍රික නළුවෙක් වෙන “Gil Birmingham” රංගනයෙන් දායක වෙනවා , මෙච්චර ජනප්‍රිය නළු නිලියන් ගත්ත ෆිල්ම් එකකට කොච්චර වියදමක් යන්න ඇත්ද කියන එක ඊළගට බලමු . ඒ වගේම IMDB දර්ශකයේ8.0 ක දැවැන්ත අගයක් ගන්නත් පුළුවන් වෙලා තියෙනවා , ෆිල්ම් එක අයත් වෙන්නේ ” Crime, Drama, Mystery” ඝනයට , ඒ කියන්නේ “ අපරාධ , ‍නාට්‍ය , අබිරහස් ” . පැය 1 යි විනාඩි 55ක් පුරා දිව යන මෙම චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්, ඒ ගැන සැකයක් නැහැ .

ඊළගට බලමු මේ ෆිල්ම් එක මෙච්චර රේට් වෙන්නයි , ජනප්‍රිය වෙන්නයි හේතුව, ෆිල්ම් එක තිරගත වෙන්නේ 18 August 2017ඩොලර් මිලියන 11 කින් නිර්මාණය වුනු මේ චිත්‍රපටය තිරගතවී අවසන් වෙනකොට ඩොලර් මිලියන 33 කට අධික මුදලක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට යන්න පුළුවන් උනා . චිත්‍රපටය නිර්මාණය කලේ සම්මානනීය අධ්‍යක්ෂක “Taylor Sheridan” විසින් , ඔහු නිර්මාණය කල බොහෝ චිත්‍රපට ජනප්‍රිය උනා වගේම ආදායම් වාර්තා අතරට යන්න පුළුවන් උනා. ඔහු නිර්මානය කළ එක චිත්‍රපටයක් තමා මම විසින් උපසිරසි ගැන්වූ Hell or High Water (2016). ජනප්‍රිය වෙන්න බලපාපු තවත් එක් කාරණයක් වෙන්නේ චිත්‍රපටයේ අවසානය.

ඒ වගේම මට මේ චිත්‍රපටයේ සංගීතය ගැන නම් මතක් කරන්නම වෙනවා. මොකද මේකේ සංගීතය කෙරේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා අද්‍යක්ෂකතුමා , සංගීත නිර්මාණය කරලා තියෙන්නේ “Nick Cave සහ Warren Ellis” යන දෙදෙනා විසින්. එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු..

“Cory Lambert” කියන්නේ දඩයක්කාරයෙක් , දවසක් ඔහු දඩයමක් පස්සේ පන්නගෙන යනකොට කව්රුත්ම යන්නේ නැති ප්‍රදේශයක තිබිලා , තරුණ ගැහැණු ළමයෙක්ගේ ශරීරයක් හමුවුනා , ඉතින් මේ අභිරහසේ ඇති සංකීර්ණ බව නිසා එය විසදන්න , FBI එකෙන් මේ නගරයට එනවා . ඒ පරික්ශයේදී මහා පුදුමාකාර දේවල් කිහිපයක් හොයා ගන්නවා . FBI එක මේ ප්‍රදේශය ගැන නොදන්නා නිසා දඩයක්කරයාගෙන් උදව් ලබාගන්නවා . දඩයක්කාරයාගේ නම වෙන්නේ “Cory Lambert”.කෝරිගේ දුවගේ හොදම යාළුවා තමා මේ මියගිහින් තියෙන්නේ , මේ අපරාධය කරන්නේ කව්ද ? FBI එකට මේක විසදන්න පුළුවන් වෙයිද ? කෝරි ගේ දුවට මොකද උනේ ? මේ ප්‍රශ්න ටික රසික ඔබලාට විසදන්න මම බාරදෙනවා. මේ ෆිල්ම් එකට අරගෙන තියෙන්නේ ඇමරිකාවේ “වයෝමින්” ප්‍රදේශය . තනිකරම හිම කතරක් . බොහොම ලස්සන පැත්තක් , මේ ප්‍රදේශය නිසාම තමා මේ අභිරහස එන්න එන්න සංකීරණ වෙන්නේ , මම වැඩි දේවල් කියන්න යන්නේ නැහැ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 850MB |

36d765007041fe650a0bf822f16e03e1c1d11dbb

| WEB-DL | x264 | FGT | 1.3GB |

3163eefcfd2e73a7a1f5a8c4a560305687ee432e

| WEB-DL | x264 | 1080p | 1.9GB |

5268ee239c88775c2f1f94df828e52f3c4d51fa2

| WEB-DL | x265 | 720p | 705MB |

393966F553FDC1AA44685EFAB55730FEA64A51EF

 Direct Download

| WEB-DL | x264 | 480p | 378MB |

| WEB-DL | x264 | 720p | 850MB |

| WEB-DL | x264 | FGT | 1.3GB |

| WEB-DL | x265 | 720p | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *